
එට්කා ගැන කතා කිරීමටවත් අනුර කුමාර දිසානායක මහතාට සදාචාරාත්මක අයිතියක් නැහැ - ආචාර්ය ගුණදාස අමරසේකර
එට්කා අත්සන් තබන්න නොව එට්කා ගැන කතා කිරීමටවත් අනුර කුමාර දිසානායක මහතාට සදාචාරාත්මක අයිතියක් නොමැති බව ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.
පසුගිය (24) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී අමරසේකර මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගුණදාස අමරසේකර මහතා මෙසේද පැවසීය.
අපි මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්න කටයුතු කළේ පසුගිය දෙසැම්බර් 16 වැනිදා ඉන්දියාවට ගියපු අපේ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු දක්වන්න. අපේ අරමුණ ඒ ප්‍රකාශය නිර්දය ලෙස විවේචනය කිරීම නෙවෙයි. අපේ අරමුණ එතුමාට මුහුණ දෙන්නට තිබෙන අනතුර පිළිබඳව අවබෝධයක් ලබාදීලා එතුමාත් රටත් බේරා ගැනීමයි.
මේ සම්බන්ධයෙන් අපේ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සාධනීය ලිපියක් ලියලා තියෙනවා.ජනාධිපතිතුමන් එය කියවයි කියලා අපි හිතනවා.
ඇත්තටම ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් පස්සේ එට්කා සම්බන්ධායෙන් නෙයෙක් විවේචන එල්ල වෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේ අපි දැක්කා අමාත්‍ය විජිත හේරත් ඒ විවේචනවලට තර්ජනාත්මක ස්වරූපයෙන් පිළිතුරු දෙනවා. එතුමා පිළිතුරු දෙමින් කියන්නේ මේ එට්කා ගිවිසුම අනුර කුමාර දිසානායක අත්සන් කළේ නෑ කියලා. අපි ඒක දන්නවා. හැබැයි අපි දකින හැටියට අනුර දිසානායක මහතාගේ ප්‍රකාශය අපිට පේන්නේ එදා රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශයේම දිගුවක් ලෙසයි. රනිල් කරුණු 5ක් මත තමන්ගේ අදහස් දැක්වූවා. ඒක පිටු දෙකයි. අනුර දිසානායක මහත්තයා ඊට එහාට ගිහිල්ලා පිටු 5ක කරුණු 34ක් මුල්කරගෙන ප්‍රකාශය කර තිබෙනවා. ඒ කියන්නේ රනිල් ගිය දුරට වඩා අනුර දුර ගිහිල්ලා. මේ ප්‍රකාශය දිහා බාලුවම තමයි අපිට බය හිතෙන්නේ.
ඇත්ත වශයෙන්ම කියනවානම් මට තියෙන ප්‍රශ්නය තමයි මේවගේ ප්‍රකාශයක් කිරීමට එතුමාට සදාචාරාත්මක අයිතියක් තියෙනවද කියන එක. මොකද අපි දන්නවා එට්කා ආවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ. එතුමා මේ උගුලට පය තිබ්බේ නෑ.
එහෙම තත්වයක් තුළ අනුර කුමාර දිසානායක මහත්තයට මේ ගැන කතාකරන්නවත් සදාචාරාත්මක අයිතියක් නැහැ කියලයි අපි හිතන්නේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
