
රුසියානු ලුතිතන් ජෙනරාල් ඉගොර් කිරිලොව් ඝාතනය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස නම් කළ යුතුයි!- විමල් වීරවංශ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වෙත අවධාරණය කරයි
ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා වෙත ලිපියක් යොමු කරමින් කරමින් පවසා සිටින්නේ, රුසියානු සන්නද්ධ හමුදාවේ රසායනික, ජීව විද්‍යාත්මක සහ විකිරණ ආරක්ෂක බලකායේ ප්‍රධානියා වූ ලුතිතන් ජෙනරල් ඉගොර් කිරිලොව් ඝාතනය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය නම් කළ යුතු බවයි.
විමල් වීරවංශ මහතා සිය ලිපිය මගින් වැඩිදුරටත් අවධානය කරන්නේ රුසියාව අපකීර්තියට පත් කිරීම සඳහා "අපිරිසිදු බෝම්බයක්" නිර්මාණය කිරීමට සකසා තිබූ සැලසුම් සහ විෂ ද්‍රව්‍ය හා සම්බන්ධ ප්‍රකෝපකරනයන් පිළිබඳ එක්සත් ජනපදය, අනෙකුත් බටහිර රටවල් සහ කියෙව් පාලනය සතුව ඇති සැලසුම් සිය ලිපි මගින් නොබිඳිය හැකි චෝදනා ලෙස ජගත් ප්‍රජාව හමුවට ඉදිරිපත් කළ අයෙකු බවයි.
එලෙසම ඉගොර් කිරිලොව් යනු කොවිඩ්-19 වෛරසයට එරෙහිව රුසියාව නිෂ්පාදනය කළ ස්පුට්නික් එන්නතෙහි නිර්මාතෘවරුන්ගෙන් කෙනෙකු වන බැවින් ඔහු රුසියාවට පමණක් නොව ජගත් ප්‍රජාවටම විශාල සේවයක් කළ අයෙකු බවද විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.
"එබැවින් මෙවැනි ම්ලේච්ඡ ඝාතන නැවත වතාවක් රුසියානු භූමියේ ඇතිවීම වැළැක්වීමට නම් එක්සත් ජාතීන්ගේ සංවිධානය ලුතිතන් ජෙනරල් ඉගෝර් කිරිලොව් ගේ ඝාතනය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස නම් කිරීම කළ යුතු බව අවධාරණය කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි." විමල් වීරවංශ මහතා සිය ලිපියෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා වෙත අවධාරණය කරයි.
විමල් වීරවංශ මහතා එකසත් ජාතීන්ගේ මහ ලේකම්වරයා වෙත යවන ලද ලිපිය අද(24) ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වෛද්‍ය සුමිත් වන්නිආරච්චි සහ එහි තරුණ අංශය නියෝජනය කරමින් වින්දන විදුර කුමාර මහත ඇතුළු පිරිසක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයට භාරදුනි.
සම්පූර්ණ ලිපිය පහතින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
