මත්ද්‍රව්‍ය මැඩලීමට පොලීසියට පූර්ණ නිදහස තිබෙනවා - නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල (වීඩියෝ)
මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා වත්මන් ආණ්ඩුව පොලීසියට පූර්ණ නිදහස ලබාදී ඇතයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල පවසනවා.
පිටව පැවසුවේ.
කොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය මත්ද්‍රව්‍ය තිප්පොළක් බවට පත්ව ඇතැයි කියන තොරතුරු පිළිබඳ හෙළි කරමිනුයි නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බ
පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය 2014 වසරේදි ඉදිකළ එකක්.
ඒ සඳහා රුපියල් මිලියන 352ක් වැය කර තිබෙනවා.
වත්මනේ එහි ලෑලි දිරාපත්වීම, විදුලි ආලෝක පද්ධතිය නිසි පරිදි ක්‍රියාක්මත නොවීම, අපිරිසිදු වටපිටාව, දුර්ගන්ධය මෙන්ම නීතිවිරෝධී කටයුතු සිදුවීම හේතුවෙන් ගෙවුණු කාලය පුරා එහි තිබු වෙළෙඳසැල් 92න් බහුතරයක් වැසි ගොස් තිබෙන බව වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල ගේ ප්‍රධානත්වයෙන් කොළඹ වේල්ල වීදිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති ප්‍රාදේශීය කමිටු රැස්වීමකදී මේ බව අනාවරණය වුණා.
එහිදී මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල,
"ලොකු අසාධාරණයක් මේ වෙළෙඳ මහතුන්ට සිදුවුණා. අල්ලපු අත්තත් නෑ . පය ගහපු අත්තත් නැහැ. තමුන්නාන්සේලාට සාධාරණයක් ඉටු කරන්නම්. පොලීසිය මේක අහගෙන ඉන්න. මම වගකීමෙන් කියන්නේ පාවෙන වෙළෙඳසැලේ ස්ථාන කිහිපයක් මත්ද්‍රව්‍ය භාවිත කරන ස්ථාන බවට පත්වෙලා. වහාම ක්‍රියාත්මක වෙන්න. මීට කලින් පැවැති රජයන් තමුන්නාන්සේලාට බාධා කළා. මහපුටුවලින්ම බ්ලොක් කළා. හැබැයි අපි විවෘතව මේ කියන්නේ අපේ කිසිදු කෙනෙක් ජනාධිපතිවරයාගේ සිට පහළට මත්ද්‍රව්‍ය වැඩිකරන්න අත්උදවු දෙන්නේ නැහැ. ඒ දේශපාලන බාධකය නැති කරලා තියෙන්නේ. දේශපාලන බාධකය නැති වෙද්දි වගකීම යන්නේ තමුන්නාන්සේලාට. මේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇතුලේ ඉන්න ස්ථානාධිපතිවරුන් තමා මේ ඉන්නේ. හැබැයි තමුන්නාන්සේලාට පුළුවන්කමක් නැතිනම් මේ දේශපාලන බාධකයක් නැති වෙද්දිත් මත්‍ද්‍රව්‍ය භාවිතය අඩුකරලා අපිට වාර්තාවක් දෙන්න. එහෙනම් ගැටලුව තියෙන්නේ රජයේ නෙවෙයි පොලිස් දෙපාර්තමේන්තුවේ. මුළු ජාතියක් විනාශවෙලා තියෙන්නේ මේකට කරුණාකරලා මැදිහත් වෙන්න." යැයි
වැඩිදුරටත් පැවසුවා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..