මම ලබන මාසයේ මැද චීනයට යනවා!- අනුර මාධ්‍යවෙත නිෂ්චිත දිනයක් නොමැතිව පවසයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නා වන චීනය වෙත සාකච්ඡා සඳහා සංචාරය කරන බව පසුගිය 21 වනදා ප්‍රකාශ කළේ දිගුකාලීන ප්‍රමාද වූ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සම්පූර්ණ කිරීමෙන් පසුවය.
2022 දී ආර්ථික කඩාවැටීමේදී, ආහාර, ඉන්ධන සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය ආනයන සඳහා ගෙවීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට විදේශ විනිමය නොමැති වූ තත්වයක් වුදා වූ අවස්ථාවේදී , ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණයවලින් අඩකට වඩා චීනයට හිමිව තිබුණි.

වාම හැඩයක් තම ආණ්ඩුවට ඇතැයි පෙන්වන ජනාධිපති දිසානායක පසුගිය සැප්තැම්බර් මාසයේදී බලයට පැමිණියේ දූෂණයට එරෙහිව සටන් කිරීමේ ප්‍රතිඥාවක් මත වන අතර ඔහුගේ පක්ෂය හදිසි පාර්ලිමේන්තු මැතිවරණයෙන් විශාල ජයග්‍රහණයක් ලබා ගත්තේය.
“මම ලබන මාසයේ මැද චීනයට යනවා,” ඔහු වාර්තාකරුවන්ට පැවසුවේ නිශ්චිත දිනයක් නියම නොකරමිනි.
රාජ්‍ය නායකයා ලෙස දිසානායකගේ පළමු විදෙස් සංචාරය වූයේ පසුගිය දෙසැම්බර් 16 වනදා අසල්වැසි ඉන්දියාවට වන අතර එහිදී අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ඔහුව රතු පලස මත පිළිගනු ලැබීය.
කලාපීය බලවතා වන ඉන්දියාව ඉන්දියානු සාගර කලාපයේ බලපෑම සඳහා චීනය සමඟ දැඩි ලෙස තරඟ කරමින් සිටී.
මැදපෙරදිග සහ නැගෙනහිර ආසියාව සම්බන්ධ කරන ලොව කාර්යබහුලම නැව් මාර්ගය ශ්‍රී ලංකාව අද්දරින් වැටී තිබෙන අතර, ශ්‍රී ලංකාව සතු සමුද්‍ර වත්කම් උපායමාර්ගික වැදගත්කමක් දරයි.
නව දිල්ලිය ශ්‍රී ලංකාව තුළ බීජිං හි වර්ධනය වන බලතල පිළිබඳව කනස්සල්ලට පත්ව ඇති අතර, ශ්‍රී ලංකාව චීනයේ භූ දේශපාලනික බලපෑම් ක්ෂේත්‍රය තුළ පවතින බව දකියි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්