බාර් පර්මිට් ගත් අයගේ විතරක් නෙවෙයි පුළුවන්නම් නිර්දේශ කළ අයගෙත් නම් කියන්න... සුමන්තිරන්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්
පසුගිය ආණ්ඩුව කාලයේ බාර් පර්මිට් ලබාගත් අයගේ නම් ලැයිස්තුව පමණක් නොව ඔවුන්ට බාර් පර්මිට් ලබාදිය යුතු යැයි නිර්දේශ කළ පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවත් හෙළිදරව් කළ යුතු යැයි ඉලංගෙයි තමිල් අරසු කච්චි මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ. සුමන්තිරන් සඳහන් කරයි.
වත්මන් ආණ්ඩුව බලයට පත්වී මාස තුනක කාලයක් ඇතුළත බාර් පර්මිට් ලබාගත් අයගේ මෙන් ම ඒ සඳහා නම් නිර්දේශ කළ අයගේ ලැයිස්තුව හෙළිදරව් කරන බව පැවැසුවත් බාර් පර්මිට් ලබා ගැනීමට නම් නිර්දේශ කළ අය පිළිබඳ හෙළිදරව් නොකිරීමෙන් වත්මන් ආණ්ඩුවත් වංචාවට දූෂණයට සහාය දක්වන්නේ දැයි යන සැකයක් මතුවන බව ඔහු සඳහන් කළේය.
යාපනය, වඩමාරච්චි ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් සුමන්තිරන් මහතා මේ බව සඳහන් කළේය.
දේශපාලන අල්ලස් වශයෙන් බාර් පර්මිට් ලබා දී ඇති බවට චෝදනා එල්ල වන බැවින් මෙසේ බාර් පර්මිට් ලබා දීමට නිර්දේශ කළ පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවත් ආණ්ඩුව වහා ම හෙළිදරව් කළ යුතු බව ද ඒ මහතා අවධාරණය කළේය.
පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලැබූ උතුරු නැගෙනහිර පළාත් නියෝජිතයන් දෙදෙනෙකු දැනටමත් තමන් බාර් පර්මිට් ලබා ගැනීමට නිර්දේශ කළ බව පිළිගෙන තිබෙන බව ද ඔවුන් පැවැති මහ මැතිවරණයට ඉදිරිපත් නොවූ බව ද සුමන්තිරන් මහතා කීය.
බාර් පර්මිට් ලබාදී ඇත්තේ, දේශපාලන අල්ලස් වශයෙන් බැවින් යැයි වත්මන් ආණ්ඩුවේම ප්‍රකාශකයන් මැතිවරණයට පෙර පැවැසූ බැවින් බාර් පර්මිට් ලබා දීමට නිර්දේශ කළ මහජන නියෝජිතයන්ගේ ලැයිස්තුවත් හෙළිදරව් කිරීම ආණ්ඩුවේ වගකීමක් බවද සුමන්තිරන් මහතා වැඩිදුරට ත් මෙහිදී අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..