කියුබානු විප්ලවය ආරක්ෂා කිරිමට කළ හැකි උපරිම කැපවීම කරනවා- කියුබානුවෝ හවානා නුවරට රැස්වී එක හඬින් පවසති
කියුබානු විප්ලවය ජයග්‍රහනය කළ මොහොතේ සිටම අමෙරිකානු එක්සත් ජනපද ආණ්ඩු කියුබානු විප්ලවය ආපසු හැරවීමට කටයුතු කළේය. ඒ සඳහා අමෙරිකා එක්සත් ජනපදය නොගත් ක්‍රියාමාර්ගයක් නැත. කියුබානු විප්ලවයේ අසාහය නායක ෆිදෙල් කැස්ත්‍රෝගේ ජීවිතය පැහැර ගැනීමට අමෙරිකා එක්සත් ජනපදය 637 වතාවක් උත්සහා කර තිබේ. මෙය ලෝකයේ කුමන හෝ රටක කුමන හෝ කාලයක නායකයෙකු ඝාතනය කිරීමට කළ අනවරත වැඩිම වාර ගණන ලෙස ඉතිහාසගත වන බව ලංකා ලීඩර් වෙබ් අඩවියේ අදහසයි. කියුබානු විප්ලවයේ නායකයා සිය ජීවිතයට සමුදී වසර ගණනක් ගතවී ඇත. කියුබානු විප්ලවයටද වසර 60ක් සම්පූර්ණ වී අවසන්ය. දැන් කියුබාවේ ජීවත්වන ජනගහනයෙන් විශාල පිරිසක් ෆිදෙල් කැස්ත්‍රෝගේ සන්නද්ධ සටන දැක ඇත්තේ ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය හරහාය. එසේ වෙතත් අමෙරිකානු ආණ්ඩු කියුබනු ජනයාගෙන් පලිගැනීම අවසන් කර නැත. පසුගිය දිනවල කියුබාව අමෙරිකානු සම්බාධක හේතුවෙන් ජාතියක් ලෙස අත් විඳි දරුණුතම අත්දැකීම අත් වින්දහ. ඒ මුළු රටටම විදුලිය නොමැති තත්වයක් ඇති කරලීමට අමෙරිකානු සම්බාධ්ක සමත් වීම නිසාය. එතරම් දුෂ්කරතා මාධ්‍යයේ වුවද කියුබානු ජනයා සිය විප්ලවය ආරක්ෂා කරන අයුරු ඊයේ(20) මුළු ලොවටම පෙන්වා සිටියහ. කියුබානු හමුදා ජෙනරාල් රාවුල් කැස්ත්‍රෝ සහ කියුබානු ජනාධිපති මිගෙල් ඩයස්-කැනෙල් ඊයේ(20) හවානා නුවරදී එක්සත් ජනපද සම්බාධක වලට එරෙහිව මහජන බලමුලු ගැන්වීමට නායකත්වය දුන්හ.
එහිදී කියුබානු ජනයා වොෂින්ටන් ප්‍රතිපත්තියේ කොටසක් ලෙස ක්‍රියාවට නැංවෙන අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රටවල් ලැයිස්තුවට කියුබාව ඇතුළත් කිරීම හෙළා දකිනු ලැබූහ.
එක්සත් ජනපද ඩිමොක්‍රටික් ජනාධිපති ජෝ බයිඩන් ධවල මන්දිරයෙන් පිටවීමට දින තිහකට පෙරද, කියුබාවට එරෙහිව රිපබ්ලිකන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් (2017-2021) රජය විසින් පනවන ලද කුරිරු ආර්ථික බලහත්කාර පියවර සියල්ලම පාහේ බලාත්මකව පවතින බව රැස්ව සිටි ජනයා එක හඬින් මුළු ලොවටම ඇසෙන්නට කීහ.
කියුබානු ජනයා සම්බාධක යථාර්ථයට මුහුන දෙමින්, කියුබානු රජයේ ඉහල නිලධාරීන්, හවානා නුවර ජනයා සමග, කියුබානු ජනතාව වෙනුවෙන්,සමාජවාදී විප්ලවයේ නොනවතින අරගලයට ඔවුන්ගේ සහයෝගය ප්‍රදර්ශනය කළහ.
කියුබාවේ ස්වෛරීත්වය සහ කියුබානුවන්ගේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම සඳහා වූ අයිතිය ආරක්ෂා කිරීමට සූදානම් බව කියුබානු ජනයා එම අවස්ථාවේදී එක හඬින් ශපථ කළහ.




සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..