
ක්‍රිකට් අතුරු කමිටුව ක්‍රියාත්මක වීම වළක්වාලමින් තහනම් නියෝගයක්.. අර්ජුන ක්‍රිකට් ආයතනයෙන් පිටව යයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවමින් එහි කටයුතු මෙහෙය වීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු පාලක කමිටුවක් පත් කිරීම සහ ඊට අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝග නිකුත් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝග නිකුත් කරනු ලැබීය.
එම නියෝග දින 14ක කාලයකට බලපැවැත්වෙන බවත් එම නියෝගයේ සඳහන් වුණි.
ඒ අනුව ක්‍රිකට් ආයතනයේ කටයුතු අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු පාලක මණ්ඩලයක් පත් කරමින් නිකුත් කළ ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අධිකරණය විසින් එක් අතුරු නියෝගයක් නිකුත් කළේය.
එසේම අමාත්‍යවරයා විසින් පත්කරන ලද අර්ජුන රණතුංග මහතාගේ නායකත්වයෙන් යුත් ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සාමාජිකයින්ට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් තවත් අතුරු නියෝගයක් නිකුත් කරනු ලැබීය.
ඒ අනුව, ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපතිවරයා ලෙස ඊයේ පත්කෙරුණු අර්ජුන රණතුංග මහතා මෙසේ අධිකරණයෙන් නිකුත් කළ අතුරු තහනම් නියෝගයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිටව ගොස් තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
