
හිමාලයා ප්‍රකාශනය ගෙන එන ඊනියා භික්ෂූන් වහන්සේලාගේ ගැට වලට අසු වුනොත් අනුර කුමාර ජනාධිපති ඉතිහාසගත වන්නේ රට බෙදා වෙන්කළ ජනාධිපතිවරයා ලෙසයි- ප්‍රියදර්ශන බෙන්තොට ආරච්චි, සභාපති, ස්වදේශී ජාතික ව්‍යාපාරය
බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ මැදිහත් වීමෙන් යුද්ධයෙන් දිනාගත නොහැකි වූ බෙදුම්වාදී සිහිනය සැබෑ කර ගැනීම වෙනුවෙන් සකස් කරන ලද හිමාලය ප්‍රකාශනය සම්බන්ධයෙන් සංවිධානය කෙරුණු වැඩ මුළුවක් කොළඹ 5 ජානකී හෝටලයේදී පැවැත්වීමට ඊයේ(19) දින කටයුතු සම්පාදනය කර තිබුණි.එම වැඩමුළුවට විරෝධය පා සිංහල සංවිධාන එකමුතුව මගින් එම හෝටලය අභියස විරෝධතාවයක් පවත්වනු ලැබීය. එහිදී ස්වදේශික ජාතික ව්‍යාපාරයේ සභාපති ප්‍රියදර්ශන බෙන්තොට ආරච්චි මහතා අදහස් දක්වමින්, විවිධ කණ්ඩායම මේ රට බෙදීමට විවිධ බලපෑම් කරන බව පෙන්වා දුනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා, " අපට හාල් මිල ඉහල ගියාට පොල් මිල ඉහල ගියාට දරාගන්න පුළුවන් .හැබැයි අපට ජීවත් වෙන්න රටක් අවශ්‍යයි. ඒ නිසා මේ රට බෙදන්න කැස කවන හිමාලයා ප්‍රකාශනය වගේ ප්‍රකාශන ගෙන එන කණ්ඩායම් වලට නතු වෙන්න එපා කියා ඉතාමත්ම බැගෑපත්ව ඉල්ලා සිටිනවා. යම් විදියකින් ඔබ එසේ කළහොත් ඔබ ඉතිහාසගත වන්නේ රට ගොඩ නැගූ ජනාධිපති විදියට නෙවෙයි රට විනාශ කළ ජනාධිපති විදියටයි." යනුවෙන් පැවසුවේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
