ලක්ෂ 50 කට ආසන්න පිරිසකට රැඳවුම් බදු බර පැටවීම සහාසික ක්‍රියාවක්- මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න
මැතිවරණ සමයේ දී රට රවටමින් උපයන විට ගෙවීමේ බදු සීමාව රු. ලක්ෂ දෙකක් කරන බව පැවසූ අනුර කුමාර දිසානායක මැතිතුමා ඊයේ(18) එය රු. 150,000 ක් කරන බව නිවේදනය කළ බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න මහත්මිය පවසයි. එලෙසම අදාළ බද්ද ගෙවන පුද්ගලයින් 121,000 කට එමගින් වාසියක් සැලසෙන බව ඇය අවධාරණය කරන්නීය. මාසිකව හෝ අර්ධ වාර්ෂිකව තැම්පත් පොලිය ආහාර, බෙහෙත් ඇතුළු දෛනික අවශ්‍යතාවයන් සඳහා ලබා ගන්නා ලක්ෂ 50 කට ආසන්න පිරිසකට රැඳවුම් බදු බර පැටවීම සහාසික ක්‍රියාවක් බව ඇය අවධාරණය කරන්නීය. ඇය එලෙස පවසන්නේ පුවත් පත් නිවේදනයක් නිකුත් කරමිනි.
ඇය නිකුත් කළ පුවත්පත් නිවේදනය පහතින්...
බදු සංශෝධනය – අටුව කඩලා පුටුව හැදීම
ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කර ඇති බදු සංශෝධන මගින් උපයන විට ගෙවීමේ බද්ද (PAYE TAx) ගෙවූ 121,000 කට සහන ලබා දී, ස්ථීර සහ ඉතිරිකිරීමේ ගිණුම් ලක්ෂ 161 කට බලපාන පරිදි රැදවුම් බද්ද 5% කින් ඉහත දමා ඇස්බැන්දුමකින් රටම රවටා තිබේ.
මැතිවරණ සමයේ දී රට රවටමින් උපයන විට ගෙවීමේ බදු සීමාව රු. ලක්ෂ දෙකක් කරන බව පැවසූ අනුර කුමාර දිසානායක මැතිතුමා ඊයේ එය රු. 150,000 ක් කරන බව නිවේදනය කළේය. අදාළ බද්ද ගෙවන පුද්ගලයින් 121,000 කට එමගින් වාසියක් සැලසේ.
ඒ සමඟම රජය දැනට 5% ක් වන රැදවුම් බද්ද 10% දක්වා වැඩි කර ඇත. ලංකාවේ ඉතිරිකිරීමේ ගිණුම් ලක්ෂ 161 ක් පවතින අතර එයින් ගිණුම් ලක්ෂ 50 ක් මාසික ක්‍රියාකාරී මට්ටමේ පවතී. මේ සියළුම ගිණුම් සඳහා ලැබෙන පොලිය 5% ක බදු වැඩිවීමට යටත් කොට ඇත.
වත්මන් අර්බුදය හමුවේ මෙරට ආර්ථිකය දිගින් දිගටම හැකිලෙමින් තිබේ. සමාජයේ පහළ මැද පන්තිය සිය දෛනික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නොහැකිව ලත වෙමින් ඇත. එසේ තිබිය දී, රටේ පහළම ආදායම ලබන පිරිසක් ද ඇතුළත් වන ලක්ෂ 161 ක් වන සියළුම ඉතිරි කිරීමේ ගිණුම් හිමියන්ට අතිරේක බදු බරක් පැණවීම කිසි ලෙසකින් හෝ අනුමත කළ නොහැකිය.
මාසිකව හෝ අර්ධ වාර්ෂිකව තැම්පත් පොලිය ආහාර, බෙහෙත් ඇතුළු දෛනික අවශ්‍යතාවයන් සඳහා ලබා ගන්නා ලක්ෂ 50 කට ආසන්න පිරිසකට රැඳවුම් බදු බර පැටවීම සහාසික ක්‍රියාවකි.
රෝහිණී කවිරත්න
මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..