
අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(19) වරෙන්තු නිකුත් කර ඇතැයි වාර්තා වේ. ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුවක් සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිත අද (17) දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති බව පැවසේ.
මෙම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ඥානසාර හිමියන් හෝ ඇපකරුවන් අධිකරණයේ පෙනී සිටියේ නැති බව අප වාර්තාකරුවෝ පවසති.
කෙසේ වෙතත්, ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බැවින් අධිකරණයේ පෙනීසිටීමට නොහැකි වූ බවයි. අදාළ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙස විත්තිකරුට නියම කළ අධිකරණය නඩුව 2025 ජනවාරි 9 වැනි දිනට නියම කළේය.
ඥානසාර හිමියන්ට එරෙහිව පොලිසිය විසින් මෙම නඩුව පවරා තිබුණේ මෙරට මුස්ලිම් ප්‍රජාවගේ සිත් රිදවන ආකාරයේ වෛරී ප්‍රකාශයක් සිදු කළ බවට එල්ල වන චෝදනා මතයි.
ඥානසාර හිමියන් වෙනුවෙන් නීතිඥ සංජය ආරියදාස, ඉරේෂ් සෙනෙවිරත්න, සංජය මාරඹේ සහ පුබුදු වැල්ලහේවා යන මහත්වරු පෙනී සිටියහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
