ජනාධිපතිගේ චීන සංචාරයට සියල්ල සූදානම් බව චීනය පැවසුවා- ජනාධිපති මාධ්‍ය අංශය පවසයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන රජයට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිලිවෙලට සහාය ලබාදීම පිළිබඳව සහ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට ණය ලබාදීම පිළිබඳව සිය කෘතඥතාව පළ කළ බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ ශ්‍රී ලංකාවට ආපදා තත්ත්වයන්වල දී ආධාර ලබාදීම මෙන්ම පාසල් දරුවන්ට නිල ඇදුම් ලබාදීම පිළිබඳව ද ජනාධිපතිවරයා චීන රජයට සිය ස්තූතිය පළ කළ බවයි. ජනාධිපතිවරයා චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ ජාතික කමිටුවේ උප සභාපතිනි කිං බොයොං මහත්මිය හමුවූ අවස්ථාවේ දී මෙම අදහස් පළ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.මෙහිදී කිං බොයොං මහත්මිය චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් නව රජය සමග ඉදිරියට කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද ඇය පවසා තිබේ.දෙදෙනා අතර සිදුවූ සාකච්ඡාවේදී අතර මඟ නතර වී ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ චීනයට අයත් කොටස අවසන් කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කොළඹ වරාය නගරය සහ හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන සැපයුම් මධ්‍යස්ථානය සහ ආයතනික ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළ බව පවසයි.අදාළ ව්‍යාපෘති ආරම්භ කිරීමට මෙන්ම විවිධ හේතූන් මත අතර මඟ නතර වී තිබෙන සමුද්‍රීය පරීක්ෂණ කටයුතු නැවතත් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ උප සභාපතිනිය පෙරලා ප්‍රකාශ කර ඇතැයි පැවසේ.ඉදිරියේදී චීනයේ සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ද කිං බොයොං මහත්මිය එම සාකච්ඡාවේදී වැඩිදුරටත් පැවසූ බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි