News Category
From Date
To Date
Maximum Number of Result

ජවිපෙ සන්නද්ධ නායකයෙකුගේ බිරිඳක් මහින්දගේ කාලේ ඉඳන් අමාත්‍යාංශ ලේකම්වරියක්- හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක

Dec 19, 2024 at 11:04 AM
|

‘ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ කාලේ හිටපු ප්‍රධාන නායකයෙකුගේ බිරිඳක් අදත් ප්‍රධාන අමාත්‍යාංශයක ලේකම්තුමියක්. එතුමිය රනිල් වික්‍රමසිංහගෙ ආණ්ඩුවෙත් ලේකම්. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවෙත් ලේකම්’ යයි එක්සත් ජනරජ පෙරමුණේ නායක,  හිටපු අමාත්‍ය  පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජනරජ පෙරමුණ විසින් වන සතුන්ගේ සහ මිනිසුන්ගේ ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය සාකච්ඡාව සඳහා එක්වෙමිනි.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඵලදායීතාව ඉතා අඩු මට්ටමක පවතී. උදාහරණයක් ලෙස, ශ්‍රී ලංකාවේ වී අස්වැන්න තායිලන්තයට සාපේක්ෂව හෙක්ටයාරයකින් බාගයක් පමණක් වන අතර, පොල් අස්වැන්න ඉන්දියාවේ කේරළයට සාපේක්ෂව තුනෙන් එකක් පමණක් බව පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙයි. මෙම තත්ත්වයට හේතුව ලෙස ගොවීන්ට නව තාක්ෂණය, වෙළඳපොළ සහ නව ක්‍රමවේද හඳුන්වා දීමේ අසමත් වීම හඳුනාගෙන ඇත. ගොවීන්ට පොහොර සහ ජලය නොමිලේ ලබා දීමෙන් මෙම ගැටලුව විසඳා ගත නොහැකි බවද ඔහු පෙන්වා දෙයි. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ යාන්ත්‍රිකකරණය වීමත් සමග ඉන්ධන පිරිවැය ඉහළ යාම ද විශාල ගැටලුවක් බව ඔහු පෙන්වා දෙයි. මීට අමතරව, පසුගිය කාලයේ ආර්ථික අර්බුදය හේතුවෙන් කෘෂිකර්ම ක්ෂේත්‍රයට විශාල බලපෑමක් ඇති වී ඇති බවද ඔහු පවසයි.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශය සහ කෘෂි දෙපාර්තමේන්තුව මෙම ගැටලුව විසඳීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගන්නා බවයි. ගොවි සමිතිවලට නව තාක්ෂණය සහ ක්‍රමවේද ලබා දීම සඳහා කෘෂි දෙපාර්තමේන්තුවේ පර්යේෂණායතන පුනරුත්ථාපනය කළ යුතු බව ඔහු පවසයි. අස්වැන්නට සිදුවන හානි, විශේෂයෙන්ම වැසි, නියඟය, වන සතුන් හා ප්‍රවාහනය හේතුවෙන් සිදුවන හානි අවම කිරීම සඳහා ක්‍රමවේද සොයා ගත යුතු බවද ඔහු පෙන්වා දෙයි.

ඩීසල් මිල ඉහළ යාම සහ විදුලි බිල ඉහළ යාම හේතුවෙන් කෘෂිකර්ම ක්ෂේත්‍රයට විශාල බලපෑමක් ඇති වී ඇති ව තිබේ. මේ සියලු ගැටලුවලට විසඳුමක් ලෙස රජය ඉදිරිපත් කර ඇත්තේ ‘රිලවා මර්දනය කිරීම’ පමණක් බවත්, මෙය ප්‍රමාණවත් විසඳුමක් නොවන බවත් ඔහු පෙන්වා දෙයි. ඔහු අවධාරණය කරන්නේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඇති ගැටලු විසඳීම සඳහා විද්‍යාත්මක පදනමක් මත ක්‍රියා කළ යුතු බවයි.

“ලාල්කාන්ත මහත්තයාගෙන් බොහොම ආදරයෙන් ඉල්ලන්න කැමතියි ජනකාන්තවාදී කතා පවත්වන්න එපා. ඔබට කළ හැකි දෙයක් තියෙනවා. ඒක තමයි ඔබේ පරිසර ඇමති තුමත් එක්ක කතා කරලා, හැමෝගෙම අදහස් ගන්න, වැඩසටහනක් කරන්න. පරිසරවේදීන්ගෙන්, ගොවියන්ගෙන්, මේ පිළිබඳ විශේෂඥයින්ගෙන්, ඔබේ අමාත්‍යාංශයත්, පරිසර අමාත්‍යාංශයත් එකතු වෙලා, මේ පරිසර ආඥා පනත ට වෙනස්කම් කරනවා නම්, වෙනස්කම් කරමු. කිසියම් විදිහකට යම් සතෙක් ආක්‍රමණශීලීව වර්ධනය වෙලා තියෙනවා නම්, ඒ සතා සංරක්ෂිත කරලා තියෙනවා නම් ඒක ඉවත් කරන්න. එහෙම නැත්නම් තව සතෙක් වඳ වෙලා යන වගේ තත්වයක් තියෙනවා නම් ඔහුව සංරක්ෂණය කරන්න. විටින් විට මේ පිළිබඳ විධිමත් සංගණනයන් කරමින් මේ ක්‍රියාවලිය විද්‍යාත්මකව කිරීම තමයි අවශ්‍ය.” ජනකාන්තවාදී ප්‍රවේශයන් පරිසර ගැටලු විසඳීමට ඵලදායී නොවන බව රණවක මහතා පෙන්වා දෙයි. එම ප්‍රවේශයන් බොහෝ විට විද්‍යාත්මක පදනමක් මත නොතිබීම සහ දේශපාලන අභිප්‍රායන් මත පදනම් වීම හේතුවෙන් ගැටලු උග්‍ර කළ හැකි බව ඔහුගේ මතයයි.

ශ්‍රී ලංකාව ආහාර සුරක්ෂිතතාව පිළිබඳ දැඩි අභියෝගයකට මුහුණ පා ඇති අතර, විශේෂයෙන්ම සහල්, පොල් සහ අනෙකුත් එළවළු වර්ගවල මිල ඉහළ යාම හේතුවෙන් මිනිසුන්ට ආහාර සඳහා වැඩි මුදලක් වැය කිරීමට සිදුවී තිබේ. බොහෝ ආහාර ද්‍රව්‍ය විදේශයන්ගෙන් ආනයනය කරන අතර, මෙය ආහාර සුරක්ෂිතතාව පිළිබඳ තත්ත්වය තවදුරටත් දුර්වල කරයි. 2010 දී ශ්‍රී ලංකාව සහල් ස්වයංපෝෂිත රටක් බවට පත් වුවද, නියඟය, අස්වැන්න අඩුවීම වැනි ස්වාභාවික විපත් හේතුවෙන් මෙම තත්ත්වය නිරන්තරයෙන් අනතුරට පත් කොට තිබේ. ජනතාවගේ ආදායම වැඩිවී නැති අතර ආහාර, ඉන්ධන සහ විදුලිය වැනි අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම හේතුවෙන් ජනතාවට ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවී ඇත. මෙම තත්ත්වය ඉදිරියේදී තවත් බරපතළ ආහාර අර්බුදයකට තුඩු දිය හැකි බැවින්, ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා තීරණාත්මක පියවර ගැනීම අත්‍යවශ්‍ය වන බව ද රණවක මහතා අවධාරණය කළේ ය.

“මෙම තත්ත්වයට පළවෙනි හේතුව හැටියට අපි දකින්නේ අපට තියෙන්නේ සීමා සහිත බිම්කඩවල් ප්‍රමාණයක්. අපේ ඵලදායිතාවය ගත්තම අපි මේ කලාපයේ ඉතාමත්ම පසුපසින් ඉන්න රටක්. ඒ වගේම පසුගිය දශක දෙකක විතර කාලය තුළ, ඵලදායිතාවය වැඩිවීමක් වෙලා නෑ. ඒ කියන්නේ ගොවි පර්යේෂණ ආයතන වල 1950 විතර වෙලේ ඉඳන් ඇතිවෙච්ච ඒ ලොකු ප්‍රබෝධමත් ස්වභාවය මේ පසුගිය දශක දෙකක පමණ කාලය තුළ සිද්ධවෙලා නැහැ.”

මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන් එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා;

ප්‍රශ්නය:
මේ ආණ්ඩුව යන ක්‍රමය ගැන ඔබ තෘප්තිමත්ද?

පිළිතුර:
රජය බලයට පත්වීම සඳහා කියපු දේවල් වලට සම්පූර්ණ පටහැනි දේවල් තමයි අද එතුමන්ලාට කරන්න වෙලා තියෙන්නේ. ඒක දෛවෝපගත දෙයක් නෙවෙයි. රටේ යථාර්ථය වටහා ගන්නේ නැතුව කරපු ප්‍රකාශ දැන් ඒගොල්ලන්ටම පාරාවළල්ලක් හැටියට හැම අවස්ථාවේදීම එනවා. ඒකයි මේ ආණ්ඩුවේ විපක්ෂය සැප්තැම්බර් 21 ට කලින් හිටපු ජනතා විමුක්ති පෙරමුණ තමයි. ඒ නිසා තමයි අපි කියන්නේ සිහි බුද්ධිය ඇතුව ඇත්ත කියන්න. තව තවත් ජනකාන්තවාදී කතා කිය කිය 76 අවුරුද්දක කතා පවත්වන්න කටයුතු කරන්න යන්න එපා. ඒකෙ තේරුමක් නෑ. ඔබ වගකීම් සහගත ආණ්ඩුවක් හැටියට කටයුතු කරන්න. එය වගකීම් සහගත ආණ්ඩුවක් හැටියට තාම නම් කටයුතු කරන බවක් පෙනී ගිහින් නෑ.

ප්‍රශ්නය:
මේ දවස් වල වෙන සිදුවීම් අනුව ඔබගෙ අධ්‍යාපන සුදුසුකම් ගැනත් අපට සැක කරන්න වෙලා තියෙනවා. ඒ ගැන මොකද කියන්නෙ?

පිළිතුර:
මම ලංකාවේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ කරපු කෙනෙක්. මොකද අපේ තාත්තලාට ලංකාවේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ කරගන්න බැරුව එංගලන්තෙට හරි, ඇමරිකාවට හරි යවලා උගන්වන්න සල්ලි තිබුන්නෑ. ඉතින් අපි තරඟකාරී විභාගවලට මුහුණ දීලා, ඒවා සමත් වෙලා, මොරටුව විශ්වවිද්‍යාලයට ගිහිල්ලා, ශිෂ්‍ය ව්‍යාපාරත් කරලා, ඇවිල්ලා තියෙන්නේ. මේවා හංගන්න බැහැනේ. අපේ ඉගෙන ගන්න සම වයසේ 230 ක් හිටියා. හැමෝම දන්නවා මම කවුද කියලා. ඊළඟට ඒ විශ්වවිද්‍යාලයේ මම ශිෂ්‍ය නායකයෙක්. හැමෝම දන්නවා මම කවුද කියලා. මම මොනවද කළේ කියලා. ඒ වගේම මගේ උපාධිය පිළිබඳ කාරණය මොරටුව විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවියේ තියෙනවා. හැබැයි මම ඔය උපාධිය මගේ ඡන්ද ලබාගැනීමට යොදාගෙන නැහැ. ඇයි? මට ඒ උපාධියට වඩා දේවල් කියන්න තියෙනවා. පරිසර අමාත්‍යාංශය කරන කාලේ එහි තිබිච්ච සියලුම රාජ්‍ය ආයතන අපි ගොඩනැගුවා. ගොඩනැගුවා. දැව සංස්ථාව ආදායම දෙගුණයකින් වැඩි කළා. පතල් කැණීම් කාර්යාංශයේ ආදායම තුන් ගුණයකින් වැඩිකළා. ඒ වගේම වනජීවී, වන සංරක්ෂණ වගේ ආයතන, මධ්‍යම පරිසර අධිකාරිය වගේ ආයතන වල නව ව්‍යාපෘති දහයක් ගෙනල්ලා කොටින්ම අවසානයේදී කිසිම ආණ්ඩුවේ ධනයකින් තොරව දුවන අමාත්‍යාංශයක් බවට අපි අපේ අමාත්‍යාංශය පත් කළා. ඒකට මගේ උපාධියේ කිසි සම්බන්ධයක් නෑ. ඊළඟට ලංකා විදුලිබල මණ්ඩලය අවුරුදු පහළොවකට පස්සේ මට දීලා මාස හයෙන් 2010 දි අපි ලාභ කළා. මේ රටේ කරන්න බැහැයි කියපු කසළ ප්‍රශ්නය අපි කොළඹ නගරයේ විසඳුවා. පෝර්ට් සිටි එක අපි හදන්න බෑ, ගල් මදි, ධීවරයෝ විනාශ වෙනවා කියලා එහෙම කිව්වා. ඕවගේ කරන්න බෑ කියපු ගොඩක් දේවල් අපි කරලා පෙන්නුවා. ඒ වගේම අර අතහැර දාලා කඩා වැටි වැටි හිටපු මොකක්ද? පුත්තලම බලාගාරයේ අපි හැදුවා. වැඩිය ඕනේ නෑ. මම එදා දෙදාස් දහයෙදි වහල මත, සෙවිලි මත, සූර්ය බල වැඩපිළිවෙල හඳුන්වලා දුන්නා. විදුලිබල මණ්ඩලයේ ඇතැම් ඉංජිනේරුවන්ගේ විරෝධය මත. හරි. අද මෙගාවොට් දාහක් තියෙනවා. රටේ ලොකුම විදුලිබල සම්පත. ඔය වගේ අපිට අපි කළ කී දෑ ගැන, ඔය උපාධියට අමතරව, ඔය වාචාල කතා අමතරව කරපු දේවල් ගැන ලොකු කතාවක් තියෙනවා කියන්න. ඒ හින්දා අපිට උපාධිය එච්චර අවශ්‍ය නෑ මේ අපට ඡන්දෙ දෙන්න කියලා කියන්න. මොකද අපි කරපුවා තියෙනවා ඕන තරම් කියන්න.

ප්‍රශ්නය:
කතානායකට වෙච්ච දේ එක්ක බැලුවම මොකක්ද? ඔබ කියන විදිහට මේ වැඩේට දැනුමක් අවශ්‍යයි තමයි. උපාධියක් ඕනෙමත් නෑ වගේනේ. හරියට වැඩේ කරන්න දැනුමක් තියෙනවනම්?

පිළිතුර:
ඩී. එස්. සේනානායක මහත්තයාට, බණ්ඩාරනායක මැතිනියට, ප්‍රේමදාස මහත්තයට ලොකු අධ්‍යාපනයක් තිබුණෙ නෑ. දේශපාලන පරිචය විසින් ඒගොල්ලෝ කරගෙන ගියා. හැබැයි ලංකාවේ මෙහෙම එකක් තියෙනවා. ඒක තමයි අද මේ විශේෂයෙන් පහුගිය අර්බුදයත් එක්ක, මිනිස්සු හිතනවා දේශපාලකයෝ මත්කුඩු ජාවාරමේ යෙදෙනවා. වැලි කලු ගල් පස් ජාවාරමේ යෙදෙනවා. හෙරොයින් ජාවාරමේ යෙදෙනවා. සල්ලි වලට අරගෙන කටයුතු කරනවා. ඒ හරහා තමන් රැවටීමට ලක් වුණා කියන එක මහජනයා අතරේ විශ්වාසයක් හැටියට තියෙනවා. ඒ වගේම දේශපාලකයින්ගේ අසීලාචාර හැසිරීම, වරප්‍රසාද භුක්ති විඳීමේදී ඒගොල්ලෝ දක්වපු අසීලාචාර ගතිගුණ නිසා විශාල කලකිරීමක් ඇති වුණා. ඒ නිසා තමයි මේ තරඟයක් ඇති වුණේ. ඒක මේ ජනතා විමුක්ති පෙරමුණ ඇති කරපු තරඟයක් නෙවෙයි. සමාජයෙන්ම ආවා ඉල්ලීමක්. වෘත්තීය මට්ටමේ දේශපාලනයක් අවශ්‍යයි කියලා. ඉතින් අද පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරය විශේෂයෙන්ම අර අලුතෙන් ආපු 159 දෙනාගෙන් බහුතරය මේ ලංකාවේ අධ්‍යාපනයෙන් ආපු අය. හැබැයි මම තරයේම කියනවා එක දෙයක් මොකක්ද? ඔය විදේශ උපාධි නම් පෙන්නන්න එන්න එපා. අපට අරහෙ තියෙනවා, මෙහෙ තියෙනවා කියලා පෙන්නන්න එන්න එපා. ලංකාවේ වර්ග දෙකක විදේශ උපාධි තියෙනවා. එකක් තමයි ලංකාවේ උපාධිය අරගෙන පශ්චාත් උපාධියක් කරන්න ලංකා විශ්වවිද්‍යාලයෙන් ගිහිල්ලා පශ්චාත් උපාධියක් නිශ්චිත තැනක කරපු අය. ඒගොල්ලෝ ගරු කටයුතු අධ්‍යාපනඥයො. අනික් අය ලංකාවේ කරලා ෆේල් වෙයි කියලා බයට තමන්ගේ තාත්තලා, අම්මලාගේ සල්ලි වලින් විදේශ වලට ගිහිල්ලා ඉගෙන ගෙන ඒ සහතික පෙන්නන අය. ඒවා කරන්න යන්න එපා. ඒ කට්ටියගේ සහතික නම් පිළිගන්න එපා. ඔය නිශ්චිත පශ්චාත් උපාධි අධ්‍යාපනයක් තියෙන අය නිශ්චිත, පිළිගත් විදේශ විශ්වවිද්‍යාලයක ඉගෙනගත්ත අය ගැන විතරයි කතා කරන්න ඕනේ. නැත්නම් ඔය කට්ටියගේ ආචාර්ය මහාචාර්ය, වෛද්‍ය, ඉංජිනේරුකම් ගැන අපි දන්නවා. මොකද ඒගොල්ලන් ලංකාවේ ඕලෙවල් ඒ ලෙවෙල් නැහැ. ඇත්ත කතාව ඒකයි. ඒ නිසා තමයි ඒගොල්ලෝ විදේශගත මේ සහතික අපිට පෙන්නන්න. ඒවයින් වැඩක් වෙන්නේ නෑ. හැබැයි මේ රංවල මහත්තයගෙන් මතුවෙච්ච සංවාදය හොඳයි, මේක හරහා ඇත්තටම බලාගන්න පුලුවන් තමන් අවංක මිනිස්සු කවුද කියලා. තමන්ගේ අධ්‍යාපන සුදුසුකමක් නැත්නම් විවෘතව කියන්න. දැන් චාමර සම්පත් කිව්වා මට මං අධ්‍යාපනයක් නෑ. ලාල්කාන්ත කිව්වා මට අධ්‍යාපනයක් නෑ එහෙම. මං නිකං ලාල් කාන්ත. මං දේශපාලන පූර්ණකාලීනයෙක්. අන්න එහෙම අවංක වෙන්න. නැතුව මේ නැති පට්ටං ගහන්න ගිහිල්ලා තියෙන තැන්වල නැති දේවල් කියන්න ගිහිල්ලා අර ගලේ පහරපු බළල්ලු ගානට ඇතැම් මන්ත්‍රී ඇමතිවරු පත්වෙලා තියෙනවා. කියන්න කණගාටුයි.

පාර්ලිමේන්තු සේවකයින් චෙකා පොලිස් එකට??

“පාර්ලිමේන්තු වෙබ් අඩවියට චෝදනා කරන්න දැන් පටන් අරන් තියෙනවා මේ පාර්ලිමේන්තුවේ මහලේකම්තුමිය තමයි මේ සියල්ලටම වගකිවයුතු ඇය කුමන්ත්‍රණ කරනවා. ඇයගේ සැමියා හරිගුප්ත රෝහණදීර මහත්තයා ගෝඨාභයගේ නීති උපදේශක. ඒ නිසා තමයි මේ ඔක්කොම රාජපක්ෂලාගේ කුමන්ත්‍රණ වගේ ඒවා කියාගෙන එනවා. පාර්ලිමේන්තු මහලේකම්තුමිය පාර්ලිමේන්තුවේ ප්‍රධාන නිලධාරීතුමිය හැටියට තමන්ගේ වගකීම් ඉටු කරන්නේ නැත්නම් ඒක කියන්න. පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ප්‍රශ්නයක් නම් ඒක සීඅයිඩියට කියන්න යන්න එපා. ඒක කියන්න පාර්ලිමේන්තු මහලේකම්තුමියට. ඇයි මේ සීඅයිඩියට කියන්නේ? පාර්ලිමේන්තුවේ සේවකයෝ ටික සීඅයිඩියට ගෙනල්ලා අර සෝවියට් සංගමයේ තිබුණු චෙකා පොලීසිය වගේ දේශපාලන පොලිසියක් බවට සී අයි ඩී ය පත් කරගෙන පාර්ලිමේන්තු සේවකයෝ බිය ගන්වන්න මේ හදන්නේ. යටි අරමුණ ඒකයි. අපිටත් ඔය වගේ ප්‍රශ්න පැන නැගුනාම අපි කෙලින්ම කතානායකතුමාට දැනුම් දීලා, පාර්ලිමේන්තු මහ ලේකම්තුමියට දැනුම් දීලා කටයුතු කරලා තියෙනවා. ඕක කරන්න අපි ගොඩක් මහන්සි වුණා ඒ අදාළ අයත් එක්ක. ඇත්තටම විශාල කැපකිරීමකින් පාර්ලිමේන්තුවේ අයි.ටී. එක කටයුතු කරලා තියෙනවා.”

ජවිපෙ සන්නද්ධ අංශයේ නායකයාගේ බිරිඳගේ කතාව

“ඇත්තටම කියන්න කණගාටුයි ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ කාලේ හිටපු ප්‍රධාන නායකයෙකුගේ බිරිඳක්. මං නම කියන්නේ නෑ. අදත් ප්‍රධාන අමාත්‍යාංශයක ලේකම්තුමියක්. එතුමිය රනිල් වික්‍රමසිංහගෙ ආණ්ඩුවෙත් ලේකම්. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවෙත් ලේකම්. එතුමිය දක්ෂ නිලධාරීතුමියක්. හැබැයි කවදාවත්, කවුරුවත් මඩ ගැහුවේ නෑ අසවලා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන නායකයෙක්ගේ බිරිඳක්. ඇය කුමන්ත්‍රණ කරනවා කියලා. ඒ නිසා කාවහරි විවේචනය කරනවා නම්, එයාගේ මහත්තයාගේ දේශපාලනයවත්, තාත්තාගේ දේශපාලනයවත් නෙමෙයි. තමන්ගේ වරද පිළිගන්නේ නැතුව මේ කළේ බොත්තම දාගත්තේ කුමන්ත්‍රණයකට අර කතානායක කියලා වගේ කතා පවත්වලා මේකට බොරු කරන්න එපා. මේ ඇත්ත දැන් හැමෝම දන්නවා. මහලේකම්තුමිය හෝ ඒ ලේකම් මණ්ඩලය නුසුදුසු නම් වරදක් කරලා තියෙනවා නම් පාර්ලිමේන්තුවට ගෙනල්ලා ව්‍යවස්ථාදායක සභාවට කියලා ඉවත් කරන්න. එහෙම ක්‍රමවේදයක් තියෙනවා. හැබැයි ඒක යුක්ති යුක්ත කරන්න, මඩ ප්‍රචාර කරන්න එපා. ඒක වැරදියි. ඒ ක්‍රමවේදයම වැරදියි. තමන් ඇත්තට මුහුණ දීලා කටයුතු කරනවා වෙනුවට තමන්ගේ වරද දාලා ඇඟ බේර ගැනීම වැරදියි.”

තරඟකාරී පදනමින් තොරව රට රටවල් වලට ජාත්‍යන්තර කප්පම් හැටියට ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය හෝ වෙනත් ක්ෂේත්‍ර ලබා දෙනවානම් අපි සපුරා විරුද්ධයි. මොකද ඒක රටේ ආරක්ෂාවට, රටේ ගමනට ලොකු ප්‍රශ්නයක්.

ඔය ගොඩාක් ඉන්දියාවත් එක්ක එකඟ වෙලා තියෙන ව්‍යාපෘති මේ අද ඊයේ ඒවා නෙවෙයිනේ. ඉන්දියාවයි, ලංකාවයි අතරේ ඔය විදුලි සම්බන්ධතාවය, ඒ කියන්නේ ඔය ඩී සී ලින්ක් එකට තව අවුරුදු තිහක් වෙනවා. ඕක ආසියානු සංවර්ධන බැංකුව ගෙනල්ලා තියෙන එකක්. මම නම් ඒකට විරුද්ධ නැහැ. ඒක ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක එහෙම ගැටළුවක් නැහැ හැබැයි ඒක විවෘතභාවයකින් කරන්න ඕන. නැත්නම් අර බංගලිදේශයට වෙච්ච දේ අපිටත් වෙනවා. සාම්පූර් බලාගාරය 2006 ඉඳන් එන කතාවක්. ඊළඟට තෙල් ටැංකි සංකීර්ණය 1987 ඉඳන් එන එකක්. ඉතින් ඔය එල් එන් ජී කතාව 2004 ඉඳන් මේ ලංකාව ලංකාවේ පළවෙනි බලාගාරේ වෙස්ට් කෝස් එක 2004 හැදුවේ ද්‍රව වායු ගේනවා කියලා. දැන් අවුරුදු විස්සක්. ඉතින් මේ කතා කර කර, කතා කර කර, හැමදාම යනවා, ප්‍රකාශ. කරනවා, කරනවා. ,මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගියාමත් ඔය ප්‍රකාශ කළා. ඉතින් අපිට ඔය ප්‍රකාශ නම් එච්චර වැදගත් නෑ. ඇත්තට මොනවද වෙන්නේ කියලායි වැදගත්. හැබැයි එකක් තියෙනවා. තරඟකාරී පදනමින් තොරව රට රටවල් වලට ජාත්‍යන්තර කප්පම් හැටියට ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය හෝ වෙනත් ක්ෂේත්‍රවල ඩිජිටල්කරණය හෝ වෙනත් ක්ෂේත්‍රවල තරඟකාරී පදනමෙන් තොරව ලබා දෙනවා. අපි සපුරා විරුද්ධයි. මොකද ඒක රටේ ආරක්ෂාවට, රටේ ගමනට ලොකු ප්‍රශ්නයක්. එට්කා එක ගැන කියනවා නම්, ඒක ගැන යහපාලන ආණ්ඩු කාලෙත් ලොකු සාකච්ඡාවක් ඇති වුණා. මේ රටේ වෘත්තීයවේදීන්ට බියක් තිබුණා ඒ ගැන. ඒ කියන්නේ වෘත්තීයවේදීන් හුවමාරු කරගන්න පුළුවන් කියන එක ගැන. ඒක ඒ අවස්ථාවේ ඉඳන්. ඒ නිසා අපේ රටේ වෘත්තීයවේදීන් එක්කත්, අපේ ව්‍යාපාරික ප්‍රජාව එක්කත්, විශේෂයෙන්ම ආනයන අපනයන කර්මාන්තයේ යෙදෙන අයත් එක්කත්, විධිමත් සාකච්ඡාවක් කරලා තමයි ඒක කරන්න ඕනේ. ඒ වගේම ලෝකයේ පුළුවන් තරම් රටවල් එක්ක, වෙළඳ ගිවිසුම් ඇති කරගෙන, අපේ වෙළඳාම පුළුල් කරගැනීම, අපිට අවශ්‍යයි. හොඳ උදාහරණයක් චීනය. දැන් උදාහරණයක් හැටියට, ඇමරිකා එක්සත් ජනපදය ආසියාන් කියලා එකක් ඇති කළේ 1960 චීනෙට ගහන්න. චීනය ඒකට විරුද්ධ වුණාද? නෑ. චීනය ආසියාන් එක්ක විවෘත වෙළඳ පොළකට ගියා. අද චීනයයි ආසියාන් එකයි අතරේ වෙළඳාම ඩොලර් ට්‍රිලියනයක්. ආසියාන් සංගමයේ අයට හිතනවද චීනයේ අභියෝගයක් කියලා. චීනයට හිතනවද ආසියාන් එකේ ඉන්න රටවල් ඒගොල්ලෝ වටලන්න එනවා කියලා ඇමරිකාවේ උදවිය. දෙගොල්ලෝ සහයෝගයෙන් යනවා. අන්න ඒ වගේ විශ්වාසනීය සම පිරිසක් හැටියට ඕනේ මේ ගිවිසුම් වලට එළඹෙන්න.

මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර මහතා;

“වර්තමාන ආණ්ඩුව ගොවි ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා වන සතුන්ගෙන් වන හානිය සීමා කිරීම සඳහා විවිධ යෝජනා ජනතාවගෙන් කැඳවා තිබෙනවා. පරිසරවේදීන්ගෙන් ඒ පිළිබඳ විද්වත් මතධාරීන්ගෙන් විමසීමක් කරලා තිබෙනවා. අපේ පක්ෂයේ නායකතුමා, හිටපු පරිසර ඇමතිවරයෙක් හැටියටත් මේ පිළිබඳ ඔහුට විශේෂ අත්දැකීමක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් පාරිසරික කෝණයෙන් මැදිහත් වෙලා ඒ පිළිබඳ යම් යම් ක්‍රියාමාර්ග අතීතයේ අරන් තියෙනවා. ඒ අත්දැකීම් මත මේ ගැටලුව සම්බන්ධයෙන් රටේ ජනතාවට ඒ දත්ත, ඒ පිළිබඳ සැබෑ ප්‍රශ්නයේ ස්වරූපය ජනතාවට හෙළිදරව් කිරීම අවශ්‍යයි. ලංකාවේ මේ ගොවි ජනතාව මුහුණපාන ප්‍රශ්නය ඉතා බැරෑරුම්. විශේෂයෙන්ම ලක්ෂ විසි දෙකක් පමණ ගොවි ජනතාවක් මේ රටේ ජීවත් වෙනවා. ඔවුන් බොහෝ දුරට ගොවි ජනතාවත්, ඒ වගේම රටේ දිළිඳු ප්‍රජාවගේත් තියෙන එක හා සමාන සංඛ්‍යාලේඛන. ඒ කියන්නේ ලංකාවේ අද මේ විවිධ බෝග වගා කරන, වී ගොවිතැන පමණක් නෙමෙයි. ගොවි ජනතාව මුහුණ දෙන ප්‍රශ්න ගත්තොත් ඔවුන් තවමත් දරිද්‍රතාවයේ සීමාවෙන් පහළ ඉන්නේ. ඒ වගේම ස්වභාවික විපත්, වන සතුන්ගෙන් වන විපත් හා වෙනත් පළිබෝධ ප්‍රශ්න නිසා ඇතිවන ගැටලු නිසා ඉතාම පීඩාකාරී අවස්ථාවන්ට මුහුණ දෙනවා. ඒ වගේම ඒ වන්දි ලබා ගැනීමේදී විශාල පීඩාකාරී තත්වයන්ට, ගැඹුරු ප්‍රශ්න වලට මුහුණ දෙනවා. මේ සම්බන්ධයෙන් අනෙක් විශාල ගොවි ජනතාවගේ පැත්තෙන් විශාල හඬක්, ඒ වගේම දුක් ගැනවිල්ලක් තියෙනවා. ආර්ථික කෝණයෙන් ගත්තොත් එච්චර ලක්ෂ විසි දෙකක් ජනතාවක් මේ ගොවි කෘෂිකර්මාන්තයේ නියැලිලා හිටියට ඇත්තටම අපේ දළ ජාතික නිෂ්පාදිතයට 7% කට පමණ ආසන්න ප්‍රමාණයක දායකත්වයක් තමයි මේ කෘෂිකර්මාන්තයෙන් ලැබෙන්නේ. එතකොට මේ පිළිබඳ න්‍යායිකව හා ආර්ථික කෝණයෙන් කරුණු විමසූ විවිධ විද්වතුන්ගේ මතයක් තියෙනවා. කෘෂිකර්මාන්තයට අවශ්‍ය ප්‍රාග්ධනය ගලා ඒමේ යම්කිසි අඩුවක් අපේ ප්‍රතිපත්තිවල තිබෙනවා. ඒ පිළිබඳ පසුගිය රජයන් තුළ එහෙම ක්‍රියාමාර්ග නොගත් බව පෙන්නුම් කරනවා. ඒ වගේම තාක්ෂණය නවීකරණය කිරීම, කෘෂිකර්මාන්තය අවශ්‍ය තාක්ෂණික මට්ටමට ගෙන ඒම සහ අද ලෝකය පුරා අලුතෙන් බිහිවෙමින් පවතින ඵලදායිතාව වැඩි දියුණු කරන ක්‍රියාමාර්ග නොගත් බව පැහැදිලියි.

පසුගියදා ජනාධිපතිතුමා කිව්වා මහා මාර්ග වලට අමතරව වාරිමාර්ග තැනීමට තමයි විශාල ආයෝජනයක් මේ රටේ රජය කරලා තියෙන්නේ කියලා. ඒ වගේම ගොවි ජනතාවට වතුර දීම, පොහොර දීම සම්බන්ධයෙන් විශාල සහනාධාර දීලා තියෙනවා. ඉතින් මෙවැනි විශාල සහනාධාර දීලත් අපිට පේනවා මිල පිළිබඳ ගැටලු තියෙනවා. ගොවි ජනතාවගේ අස්වැන්න නිසි මිලකට විකුණා ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඒක ඊට එහා ගිහිල්ලා ස්වභාවික විපත් වගේම වන සතුන්ගෙන් වන හානිය නිසා ඇත්ත වශයෙන්ම කෘෂිකර්ම පර්යේෂණ ආයතන අනුව 25% – 40% අතර විවිධ බෝග වලට හානි සිද්ධ වෙනවා.

මේ කරුණු සමස්තය හැටියට ගෙන මේ සඳහා අලුත් ප්‍රවේශයක් අවශ්‍යයි. ඒ පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදකයින් සමඟ කතිකාවක් ඇති කරන්න අවශ්‍යයි. රටේ ජනතාව, ගොවි ජනතාව අතරත්, මේ සම්බන්ධයෙන් දැනටමත් මැදිහත් වෙලා ඉන්න පරිසරවේදීන් අතරත් මේ ප්‍රශ්නය පිළිබඳ විවිධ කෝණවලින් සාකච්ඡා කරන්න අවශ්‍යයි. ඔවුන් මේ වනජීවීන් ආරක්ෂා කිරීම අදෘෂ්ටිකෝණයෙන් පමණක් බලනවා. නමුත් ඇත්ත වශයෙන්ම වනජීවීන්ගේ ගහණයේ නියම තතු මොනවද කියන එකත් අපි මේ අවස්ථාවේදී විමර්ශනයට ලක් කරන්න ඕනේ.”

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.
අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ පැමිණිලි පහකට අදාළව අධිකරණය හමුවට පමුණුවනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා මේ මස 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
සමගි ජන බලවේගයේ කුරුණෑගල මැතිවරණ බල ප්‍රදේශයේ ප්‍රධාන සංවිධායක ධුරයෙන් සහ පක්ෂයේ දැරූ අනෙකුත් සියලු තනතුරුවලින් හිටපු රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ඉල්ලා අස්වී තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා එම කොමිසමේ සිට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එන ලදී.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර තිබේ.
ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.
චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.
පැවැත්වෙමින් පවතින විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක එම කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..

මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.

2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..

කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.