
බෙදුම්වාදීන් අද සිවුරු ගාව ගත්ත ගමනකට අවතීර්ණ වෙලා තියෙනවා- මහාචාර්ය පූජ්‍යය මැදගොඩ අභයතිස්ස හිමියෝ ජනපතිට යොමු කරන මහජන සංදේශයට අත්සන් තබමින් පවසති
බෙදුම්වාදීන්ගේ මාර්ග සිතියම අභියස නව විධායක ජනපතිඳුන්ගේ අභියෝගය හෙවත් මහජන සංදේශය විවිධ ජාතික සංවිධාන 55කට ආසන්න නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් අද(17) පැපිලියාන සුනේත්‍රා මහාදේවී පිරිවෙනේදී මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන, මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස ඇතුළු භික්ෂූන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් සාහිත්‍ය සූරී ගුණදාස අමරසේකර, ජේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර, විශ්‍රාමික ලුතිතන් ජෙනරාල් ජගත් ඩයස් විශ්‍රාමික කර්නල් අනිල් අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර යන මහත්ම මහත්මීන්ගේ මූලිකත්වයෙන් අත්සන් කරනු ලැබීය. එහිදී උත්සව සභාව අමතමින් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ,"සිවුර පොරවාගත් දේශද්‍රෝහී භික්ෂූන් වහන්සේලා යැයි සලකා ගන්නා පිරිසක් එකතු කරගෙන හිමාලයා ප්‍රකාශනය කියල ප්‍රකාශයක් කළා. උන් වහන්සේලා මේ එළඹෙන 19 හෝ 20 දවස්වල කොළඹ හෝටලයක් වෙන් කරගෙන වැඩමුළුවක් තියන්න සූදානම් කරගෙන යනවා කියල අපට දැනගන්නට ලැබිල තියෙනවා. අපි මේ මහා සංඝරත්නයට කියන්නේ ඒ වගේ දේශද්‍රෝහී වැඩකට ඔබ වහන්සේලා අත ගැහුවොත් ඔබ වහන්සේලාට මේ රටේ උපදින අනාගත පරම්පාරාවල දරුවො ඔබ වහන්සේලාට ශාප කරයි. මොකද මේ දෙමළ ඩයස්පෝරාව එකතු වෙලා මේ හිමාලයා ප්‍රකාශනය සම්බන්ධයෙන් ජනාධිපති තුමා හමුවෙලා කරුණු කියන්නත් 21 වෙනිදා වගේ දිනයක් දා ගෙන තියෙන බව සඳහන් කරල තිබුණා. ඒ අනුව සිවුරුගාව ගත්ත බෙදුම්වාදී ගමනකටත් ඔවුන් සූදානම් වී සිටිනවා. ඒ නිසා එදා සම්බන්ධන් කියූ කතාව එනම් වෙනස් මුහුණුවරවල් වලින් බෙදුම්වාදය ඉදිරියට ගෙනයන්න වැඩපිළිවෙලවල් තෝරනවා." එහිදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා," අද දින සුනේත්‍රා මහාදේවී පිරිවෙනට රැස්වූ ජාතික සංවිධාන වල නායකයින් අත්සන් කළ සංදේශයෙහි අඩංගු කරුණු මෝඩි අගමැති තුමා අනුර කුමාර ජනාධිපති තුමාට කී දේවල් වලින් අප කී දේ සත්‍යයක් බව තහවුරු වෙනවා. ඒ අනුව බෙදුම්වාදී බලවේග ඉන්දියාව වර්තමාන ආණ්ඩුවට කරන බලපෑම් සම්බන්ධයෙන් වගේම ඒ බලපෑම් වලට යටත් වුනොත් සිදුවන්නේ මොකක්ද කියන එක මේ සංදේශයේ සඳහන් වෙලා තියෙනවා. මෙම සංදේශය සකස් කළේ ගරු ජනාධිපති තුමාගේ ඉන්දීය සංචාරයට පෙර. නමුත් එතුමාගේ ඉන්දීය සංචාරය අතර තුර ඉන්දීය අගමැති මෝඩි මැති තුමා කළ ප්‍රකාශ වලින් පැහැදිළි වෙනවා මේ සංදේශයේ අඩංගු වෙලා තියෙන කරුණු ඉතාම සත්‍යක්, සාධාරණයි වගේම කාලීනයි කියන එක. කෙසේ වෙතත් ගරු ජනාධිපති තුමා ඉන්දියාවේ අගමැති තුමාගේ ප්‍රකාශ වලට යටත් වන ප්‍රකාශයක් කළේ නැහැ. නමුත් ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශය කළ ප්‍රකාශයේ සඳහන් වෙනවා මීට පෙර ඇතිකරගත් එකඟතා වලට ගරු කළ යුතුයි කියල. ඒ එකඟතා ඇති කරගත්තේ වර්තමාන ජනාධිපති තුමා නෙවෙයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයයි." යනුවෙන් පැවසුවේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
