බෙදුම්වාදීන් අද සිවුරු ගාව ගත්ත ගමනකට අවතීර්ණ වෙලා තියෙනවා- මහාචාර්ය පූජ්‍යය මැදගොඩ අභයතිස්ස හිමියෝ ජනපතිට යොමු කරන මහජන සංදේශයට අත්සන් තබමින් පවසති
බෙදුම්වාදීන්ගේ මාර්ග සිතියම අභියස නව විධායක ජනපතිඳුන්ගේ අභියෝගය හෙවත් මහජන සංදේශය විවිධ ජාතික සංවිධාන 55කට ආසන්න නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් අද(17) පැපිලියාන සුනේත්‍රා මහාදේවී පිරිවෙනේදී මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන, මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස ඇතුළු භික්ෂූන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් සාහිත්‍ය සූරී ගුණදාස අමරසේකර, ජේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර, විශ්‍රාමික ලුතිතන් ජෙනරාල් ජගත් ඩයස් විශ්‍රාමික කර්නල් අනිල් අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර යන මහත්ම මහත්මීන්ගේ මූලිකත්වයෙන් අත්සන් කරනු ලැබීය. එහිදී උත්සව සභාව අමතමින් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ,"සිවුර පොරවාගත් දේශද්‍රෝහී භික්ෂූන් වහන්සේලා යැයි සලකා ගන්නා පිරිසක් එකතු කරගෙන හිමාලයා ප්‍රකාශනය කියල ප්‍රකාශයක් කළා. උන් වහන්සේලා මේ එළඹෙන 19 හෝ 20 දවස්වල කොළඹ හෝටලයක් වෙන් කරගෙන වැඩමුළුවක් තියන්න සූදානම් කරගෙන යනවා කියල අපට දැනගන්නට ලැබිල තියෙනවා. අපි මේ මහා සංඝරත්නයට කියන්නේ ඒ වගේ දේශද්‍රෝහී වැඩකට ඔබ වහන්සේලා අත ගැහුවොත් ඔබ වහන්සේලාට මේ රටේ උපදින අනාගත පරම්පාරාවල දරුවො ඔබ වහන්සේලාට ශාප කරයි. මොකද මේ දෙමළ ඩයස්පෝරාව එකතු වෙලා මේ හිමාලයා ප්‍රකාශනය සම්බන්ධයෙන් ජනාධිපති තුමා හමුවෙලා කරුණු කියන්නත් 21 වෙනිදා වගේ දිනයක් දා ගෙන තියෙන බව සඳහන් කරල තිබුණා. ඒ අනුව සිවුරුගාව ගත්ත බෙදුම්වාදී ගමනකටත් ඔවුන් සූදානම් වී සිටිනවා. ඒ නිසා එදා සම්බන්ධන් කියූ කතාව එනම් වෙනස් මුහුණුවරවල් වලින් බෙදුම්වාදය ඉදිරියට ගෙනයන්න වැඩපිළිවෙලවල් තෝරනවා." එහිදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා," අද දින සුනේත්‍රා මහාදේවී පිරිවෙනට රැස්වූ ජාතික සංවිධාන වල නායකයින් අත්සන් කළ සංදේශයෙහි අඩංගු කරුණු මෝඩි අගමැති තුමා අනුර කුමාර ජනාධිපති තුමාට කී දේවල් වලින් අප කී දේ සත්‍යයක් බව තහවුරු වෙනවා. ඒ අනුව බෙදුම්වාදී බලවේග ඉන්දියාව වර්තමාන ආණ්ඩුවට කරන බලපෑම් සම්බන්ධයෙන් වගේම ඒ බලපෑම් වලට යටත් වුනොත් සිදුවන්නේ මොකක්ද කියන එක මේ සංදේශයේ සඳහන් වෙලා තියෙනවා. මෙම සංදේශය සකස් කළේ ගරු ජනාධිපති තුමාගේ ඉන්දීය සංචාරයට පෙර. නමුත් එතුමාගේ ඉන්දීය සංචාරය අතර තුර ඉන්දීය අගමැති මෝඩි මැති තුමා කළ ප්‍රකාශ වලින් පැහැදිළි වෙනවා මේ සංදේශයේ අඩංගු වෙලා තියෙන කරුණු ඉතාම සත්‍යක්, සාධාරණයි වගේම කාලීනයි කියන එක. කෙසේ වෙතත් ගරු ජනාධිපති තුමා ඉන්දියාවේ අගමැති තුමාගේ ප්‍රකාශ වලට යටත් වන ප්‍රකාශයක් කළේ නැහැ. නමුත් ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශය කළ ප්‍රකාශයේ සඳහන් වෙනවා මීට පෙර ඇතිකරගත් එකඟතා වලට ගරු කළ යුතුයි කියල. ඒ එකඟතා ඇති කරගත්තේ වර්තමාන ජනාධිපති තුමා නෙවෙයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයයි." යනුවෙන් පැවසුවේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්