
ශ්‍රී ලංකා රජය දෙමළ ජනතාවගේ අභිලාෂ ඉටු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා- මෝඩි ඉන්දීය ශ්‍රී ලංකා ඒකාබද්ධ හමුවේදී කියයි
ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා තෙල් නළයක් ඉදිකිරීමටත් ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව විදුලි සම්ප්‍රේෂණ ජාලයන් මගින් සම්බන්ධ කිරීමටත්, දෙරට අතර වන එක්ටා ගිවිසුම ඉක්මනින් අවසන් කිරීමටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමන්ග සාකච්ඡා කළ බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවසූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.
දෙරටේ රාජ්‍ය නායකයින් දෙපළගේ හමුවීමෙන් පසුව නවදිල්ලියේ ‘හයිද්‍රාබාද් හවුස්’හි පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුව අමතමින් ඉන්දීය අගමැතිවරයා මෙසේ පවසා ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.
‘අපිට සතුටුයි ඔබා ජනාධිපති වූ පසුව ඔබගේ පළමු විදේශ සංචාරය සඳහා ඉන්දියාව තෝරා ගැනීම සම්බන්ධයෙන්. ඔබගේ මෙම සංචාරය අපගේ සබඳතාවලට නව ජවයක් ඇති කරනවා. භෞතික ඩිජිටල් සහ බලශක්ති සම්බන්ධතාවය අපගේ හවුල්කාරීත්වයේ වැදගත් කුළුණු වනු ඇති. දෙරට අතර විදුලි බල ජාල සම්බන්ධතාවය සහ බහු නිෂ්පාදන පෙට්‍රෝලියම් නල මාර්ග ස්ථාපනය කිරීමේ කටයුතු ඉදිරියේදී ආරම්භ වේවි. සම්පූර්ණ සූර්ය බල ශක්ති ව්‍යාපෘතියට ජවයක් ලබාදෙනු ඇහ්ටි.ඒ වගේම ලංකාවේ බලාගාර වලට අප එල්.එන්.ජී. සපයනවා.
ද්විපාර්ශවික වෙළඳාම නංවාලීම සඳහා දෙපාර්ශ්වයම ’එක්ටා’ ගිවිසුම ඉක්මනින් අවසන් කිරීමට උත්සාහ කරනවා.අපේ දෙපාර්ශවයේම ආරක්ෂක අවශ්‍යතා එකිනෙකට සම්බන්ධ බවට අපි දෙදෙනාම සම්පූර්ණයෙන්ම එකඟයි.දෙරටේ අරක්ෂික සහයෝගිතා ගිවිසුම කඩනමින් අවසන් කිරීමට අපි තීරණය කර තිබෙන්නේ ඒ නිසයි. ධීවරයන්ගේ ගැටලු ගැනත් අපි සාකච්ඡා කළා. මේ කාරණය සම්බන්ධයෙන් මානුෂ්‍යයේ ප්‍රවේශයකින් ඉදිරියට යයුතු බවට අපි එකඟයි.ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණය සහ සංහිඳියාව සම්බන්ධයෙන් අපි කතා කළා. දිසානායක ජනාධිපතිතුමා එතුමාගේ මතය ඒ සම්බන්ධයෙන් මට පැවසූවා.ශ්‍රී ලංකා රජය දෙමළ ජනතාවගේ අභිලාෂ ඉටු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සහ පළාත් සභා මැතිවරණ පැවැත්වීම සඳහා වන කැපවීම ඉටු කරනු ඇතැයි අපි විශ්වාස කරනවා.ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා වන ඔහුගේ ප්‍රයත්නයන්හිදී ඉන්දියාව විශ්වාසදායක හවුල්කරුවකු ලෙස පවතින බවට මම සහතික වෙනවා.’ලෙස ඉන්දීය අගමැතිවරයා පැවසූ බව ඉන්දීය මාධ්‍ය පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
