News Category
From Date
To Date
Maximum Number of Result

රංවලගේ සහ මගේ සරසවි

Dec 15, 2024 at 10:14 AM
|

මම Al කරල රිසල්ට් එන්නත් කලින් job එකට ගියේ kuoni එකේ, ජොබ් එක කරන ගමන් පක්ෂෙ වැඩ කලා , වයඹ චන්දෙට වැඩකරන්න  නිමාඩුදාල පුත්තලම ගියා , පුත්තලමෙ ඒ කාලෙ ජවිපෙට නවාතැන් දෙන්නවත් මිනිස්සු හිටියෙ නෑ , තිබුන ගෙවල් දෙක තුනේ පිටින් ආපු කාන්තාවො වයසක උදවිය නවත්තල , පන්ඩුක (කැලුම් අමරසිංහ ) සහ මම බස්ටෑන්ඩ් එකේ නිදාගත්ත දවස් තිබුන , පාර ජාතික  සංචාරක සමාගමක වැඩ කරපු , තරු පන්තියෙ හෝටල් වල නැවතිලා හිටපු, මට ඒක මාර experience එකක් උනා , පස්සෙ මමයි පන්ඩුකයි, අමිලයි තොඩුවාව බීච් එකේ මාලු වාඩියක නැවතුනා ,ඒක චන්දයක් නෙමේ යුද්ධයක් , නිමාඩු ඉවර උනාට එකට ගුටිකාගෙන හිටපු උන දාල එන්න හිතුන් නෑ , වයඹ චන්දෙ ඉවර වෙලා එහෙම්ම දකුණ චන්දෙට මාතර  ගියා 

මාතරදි මට නවත්තින්න වරුණගෙ (තංගල්ල පාරෙ ගෝල්ඩ් හවුස් එක කරපු ) නිවස අදුන්වල දෙන්න යන ගමන් සරත් අයිය (ජී. කුලරත්ත) 

" මල්ලි චන්දෙ ඉවර වෙලා , මොකද කරන්නෙ ? " ඇහුව 

" ජෙට්වින් ලයි, එයිට්කන්ස්පෙන්ස් ලයි දෙගොල්ලම කතා කරනව, ඒත් ගෙදරින් කියනව , ලෝ කරන්න කියල  , ආර්ථිකේ හදනවද , ඉගෙන ගන්නවද කියල කල්පනා කලේ " කියල මම කිව්ව

" ඔය දෙකම අත ඇරල පක්ෂෙ හදමු " 

එතනින් තමා මගෙ පුල්ටයිම් ජීවිතේ පටන් ගත්තෙ , ඒ කාලෙ අපිට පක්ෂෙන් ටාර්ගට් එකක් දීල තිබුන පුලුවන් තරම් පුල් ටයිමර්ස්ල හදන්න , ශිෂ්‍ය සංගමෙන් ඉන්ජිනේරුවො , දොස්තරල වෙන්න හිටපු කොල්ලො උපාධි නවත්තල  පුල්ටයිම් එවුව, අපි දිස්ත්‍රික්ක වලින් රස්සා කරපු කොල්ලො කෙල්ලො ගැලෙව්ව 

ඒකාලෙ හොදම සංවිධායකයො උනේ වැඩිම චන්ද ගන්න ආසන නෙමේ වැඩිම ෆුල්ටයිමර්ස්ල ගලවන සංවිධායකයො 

88/89න් පස්සෙ ශිෂ්‍ය සංගමෙන් මුලින්ම උපාධිය දාල පුල්ටයිම් ආවෙ රෝහිත තිලකරත්න ,  ඒ වෙලාවෙ අනුරට පුල්ටයිම් එන්න කිව්වම අනුර කියල තිබුනෙ ඩිග්‍රිය ඉවර කරල එන්නම් කියල 

දේශපාලනය වෙනුවෙන් ජීවිතේ අතඇරපු නිශ්මිල, වෙනුරල, බාලෙලට සාපේක්ෂව උපාධිය අතාරින එක මොකක්ද කියල තමා එදා පුල්ටයිම් ආපු කොල්ලො කෙල්ලො හිතුවෙ

2015 මංගල සුභාෂ් ජයවර්ධනව ITN එකේ GM කරල යවපුවම අනුර පාර්ලිමේන්තුවෙදි ඇහුව සුභාෂ්ගෙ අධ්‍යාපන සුදුසුකම් මොනවද කියල , සුභාෂ් කියන්නෙ දේශපාලන මාධ්‍යකරණයෙ  අංක එකේ වැඩ්ඩෙක් , පරණ ජේවීපිකාරයෙක්,

මංගල ඒ වෙලාවෙ අනුරට මරු උත්තරයක් දුන්න

" ඔයාල දේශපාලනය වෙනුවට උපාධිය තෝරගද්දි , අධ්‍යාපනය වෙනුවට දේශපාලනය තෝරගත්ත කෙනෙක් සුභාෂ් , ඔයාට අද එයා සුදුසු නැති උනාට මට එයා සුදුසුයි" කියල 

මංගලගෙ මේ කතාව නිව්ස් වල දකින කොට මගෙ ඇස්වලට කදුළු ආව, මංගලට ආදරේට නෙමේ , මම ෆුල් ටයින් ගත්ත කොල්ලො කෙල්ලො මතක් වෙලා , අදත් පාරෙදි උන්ව දැක්කහම හුස්ම හිරවෙනව

ගෝර්කිගෙ මගේ සරසවිය කියවපු මිනිස්සුන්ව අනුරල තමයි  හොර උපාධි සහතික හදාගන්න තැනට ගෙනාවෙ, ඒ දේශපාලනය කරන්න ආචාර්‍ය මහාචාර්ය කෑලි ඕනෙ කියල වියත් මගේ පාර්ට් ටූ එක උස්සල  , රංවල කියන්නෙ ඒකෙ ගොදුරක්

මම බස්නාහිර පලාත් සභාවෙ කණ්ඩායම් නායකය වෙලා ඉද්දි රංවල හිටිය මගෙ කන්ඩායමේ , රංවල කියන්නෙ දක්ෂයෙක් නෙමේ , ඒ කන්ඩායමේ පානදුර ජගත්,  ගම්පහ එරාජ් , කොලඹ නෆ්ලි වගේ ඊට වඩා කැපිල පේන හුගදෙනෙක් හිටිය , හැබැයි රංවල කියන්නෙ නිහතමානී , අහිංසක මනුස්සයෙක් , මම භාර දීපු වැඩ මගඇරල මගෙන් අනන්ත  බැනුම් අහල ඇති , මට වඩා බියගම සංවිධායක සුරංගගෙන් බැනුම් අහල ඇති. කිසිදවසක ඒව ගනන් ගත්තෙ නැති මනුස්සයෙක් 

අද රංවල විශාල පීඩනයකට ලක්වෙලා තියනව, රනාගෙ වයිෆ් ඒකාලෙ  ගම්පහ හොස්පිටල් එකේ වැඩකලේ , දරුවො දෙන්නම අම්මගෙ අඩිපාරෙ ගියා , අද ඒ දරුවො මොන තරම් මානසික පීඩනයකට ලක්වෙලා ඇත්ද ? 

මේ සිද්දියත් එක්ක මට රංවලගෙ නෑදෑයෙක් උන පලාත් සභාවෙ ලේඛම්වරයෙක්ව හිටපු ජයවර්ධන මහත්තය මතක් උනා 

කොලඹ නගර සභාවෙ ගිණි නිවන රථ මිලදී ගැනීමකදි උන වංචාවක් ගැන මම පලාත් සභාවෙ ප්‍රශ්න කලා , ඒකෙ පරීක්ෂණ වාර්තාව දානකන් ෆයිට් කලා, ඒ වාර්තාවෙන් කීපදෙනෙක් වැරදිකාරයො උනා , වාර්තාව එලියට එද්දි ඒ හොරකමට අදාල ප්‍රධාන වැරදිකාරයො රටෙන් ගිහිල්ල , ඉතුරු උන එකම කෙනා ජයවර්ධන මහතා, එයාට තිබුනෙ නොසැලකිලිමත්ව කටයුතු කිරීම කියන චෝදනාව පමණයි, වාර්තා එලියට ආපු දවසෙ මම පලාත්සභා ඉවර වෙලා පක්ෂෙ අධ්‍යාපන කමිටුවට සහභාගී වෙන්න පැලවත්තට ගියා , පෝන් එක ඕෆ් , මට ජයවර්ධන මහත්තල එක දිගට කෝල් අරන් 

රෑ රංවල කෝල් එකක් දීල කිව්ව , ජයවර්ධන මහත්තය ඔයාව හෙව්ව කියල , මම ඇහුව මොකටද කියල , 

" එයාට ඕනෙ උනේ , එයා හොරෙක් නෙමේ කියල ඔයාට කියන්න " 

මම කිව්ව "හරි මම කිව්ව , මම උදේම ගන්නම්" කියල 

# උදේ මම ගන්න කොට ජයවර්ධන මහතා සියදිවි නසාගෙන

මම මලගෙදරට ගියාම, එයාගෙ දුව මගෙ ලගට ඇවිත් කිව්ව 

"අපේ තාත්තත් චන්දෙ දුන්නෙ ඔයාලට , එයා ඔයාට හරි කැමතියි, එයා හොරෙක් නෙමේ , ඇයි .. ඇයි.. ඔයා එයා මැරුවෙ"  කියල

රනා උඹ පරණ රනා නම් එහෙම කරගන්නෙ නෑ , උබට ගට තිබුන , ඒත් උබ පරණ රනා නෙමේ කියල මට හිතෙනව , මොකද පරණ රනාට කවදාවත් බොරු ආචාර්‍ය පට්ටමක් නමට ඉස්සරහින් දාගන්න හීන මානයක් තිබුනෙ නෑ 

දැන්වත් පරණ මිනිහ වෙලා ඇත්ත කියල , ඔය කටු ඔටුන්න බිමදාපන් , ඕක බිමදාල බියගමට ආවොත් උබව බදාගන්න එවුන් තාම බියගම ඉන්නව 

එහෙම බැරිනම් මට කියන්න තියෙන්නෙ, මේක අනුර හදපු මාලිමාවෙ ඉරණම , උබ ඒකෙ ගොදුරක්,

 අනුර ඔයා හැදු රට පුදුමයි , අදුර ලගයි ආලෝකෙ දුරයි

warunarajapaksha@

සම්බන්ධිත පුවත් | Related News

සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසදාර හිමිට ජනපති පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50කින් යුත් පෙත්සමකට ජනතා අත්සන් ලබා ගැනීම අද (09) දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.
ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළව තමන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනුකර තිබෙන නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබේ.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
ඥානසාර හිමියන්ට හිමිවූ ජනාධිපති සමාව සම්බන්ධයෙන් වැරදි මතයක් සමාජයට පෙන්වා දී ඇති බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ එම සමාව වැරදි දෙයක් ලෙස නොව එහිදී අනුගමනය කර තිබූ ක්‍රියාපටිපාටියේ වැරදි සහගත තැන් සම්බන්ධයෙන් බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමිගේ නීතිඥවරයා පවසයි.
හිටපු අමාත්‍ය සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් පිළිබඳව අදහස් දක්වා සිටියේය.
ජාතික ජන බලවේග (මාලිමා) ආණ්ඩුවේ අමාත්‍යවරුන් සම්බන්ධයෙන් එල්ල වන දූෂණ හා වංචා චෝදනා හසුවීමට ආසන්න වන විට, ඒ පිළිබඳ සොයා බැලීම වෙනුවට එම කරුණු වසන් කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව උත්සාහ කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පවත්වාගෙන යනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද (09) පෙ.ව. 9.00 ට එම කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි.

ප්‍රධාන පුවත්

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.