
බැංකු පොලී අනුපාතික පහළ දැමීමෙන් රටේ වැඩිහිටි ප්‍රජාව දැඩි අර්බුදයක
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පශ්චාත් උපාධි අංශයේ අධ්‍යක්ෂ සහ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසන්නේ වර්තමානය වනවිට ස්ථාවර තැන්පතු සඳහා බැංකු පොලී අනුපාතිකය 7% හෝ 8% දක්වා පහළ යෑම හේතුවෙන් මෙරට වැඩිහිටි ප්‍රජාව දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි.
පසුගිය සමයේ පැවති 15%ක පොලී අනුපාතිකය යටතේ සාමාන්‍යයෙන් ලක්ෂ 10ක තැන්පතුවක් සඳහා ඔවුන්ට මාසිකව රුපියල් 12,500ක පමණ පොලී ආදායමක් උපයා ගැනීමට හැකිවූ නමුත් මේ වනවිට පොලී අනුපාතිකය 8% දක්වා අඩුවීම නිසා ඔවුන්ට උපයාගැනීමට හැකිවී ඇත්තේ මාසයකට රුපියල් 6,500කට ආසන්න මුදලකි.
මෙරට අවුරුදු 60ට වැඩි පුද්ගලයන් 27,18,000ක් පමණ සිටින අතර, එයින් 12,04,000ක් (44%ක්) පිරිමි වන අතර කාන්තාවන් 15,14,000ක් (55%ක්) පමණ සිටී.
මෙම වැඩිහිටි ප්‍රජාවෙන් ලක්ෂ 12කට ආසන්න ප්‍රමාණයක් වයස අවුරුදු 60 වීමට පෙර ඉපයූ ආදායම්වලින් කොටසක් ස්ථාවර තැන්පතු ලෙස බැංකුවල තැන්පත් කොට එමගින් ලැබුණු මාසික පොලී ආදායමෙන් ජීවත් වීම සඳහා හුරුව සිටින බව වාර්තා වේ.
2024 සැප්තැම්බර් වනවිට මෙරට දරිද්‍රතා මායිම රුපියල් 16073ක් ලෙස ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි, එනම් පුද්ගලයකුට දරිද්‍රතාවයෙන් මිදීමට මාසික ආදායම අඩුම වශයෙන් රුපියල් 16,100කට වඩා වැඩිවිය යුතුය.
මේ අනුව ස්ථාවර තැන්පතු මත ජීවිතය පවත්වාගෙන ගිය බහුතරයක් වැඩිහිටි ජනතාව අද පත්ව ඇත්තේ දැඩි අර්බුදයකටය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
