
රංවලගේ ඉල්ලා අස්වීම ජවිපෙ ගොඩේ නිර්ධන පාංතිකයන්ට NPPය විසින් ගැසූ මරු පහරක්!
රංවලගේ ඉල්ලා අස්වීම සිදු වූයේ විරුද්ධ පක්ෂය විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට හදිස්සි වූ නිසා බව පැහැදිලිය. 17 වැනිදා ප්‍රකාශයක් කරන බවට කියා තිබියදී අද(14) හදිසියේ ඉල්ලා අස්වීම අස්වාභාවිකය. නමුත් මෙම සිදුවීමෙන් අපට ඉතා වැදගත් කරුණු කිහිපයක් කියවා ගත හැකිය.
රංවලට එල්ල වූයේ ඉතාම සැලසුම් සහගත ප්‍රහාරයකි. එහි ඉලක්කය වූයේ රංවල නොවේ. කතානායක පුටුවය. ඊළඟට කතානායක වන පුද්ගලයාගෙන් එම ව්‍යාපෘතිය කළේ කවුදැයි නිශ්චිතව හඳුනා ගත හැකිය. මෝඩ වැසියන් හිතන්නේ රංවලව ඉවත් කළේ ඔවුන් කියාය. නැත. රංවලව ඉවත් කිරීම සිදු වුනේ වෙනත් පාර්ශවයක් විසිනි. සුපුරුදු පරිදි බොළඳ වැසියන් එම ප්‍රොපගැන්ඩාවට රැවටිණි. ණ්ඵ්ඵ් ය මට්ටු කළා කියා චූන් වීමත්, දැන් හරිදේ කළා කියා අනෙක් පැත්ත චූන් වීමත් දේශපාලනිකව නොවැදගත්ය.
රංවලට ඉල්ලා අස්වෙන්න කියන්න තරමේ විශාල පීඩනයක් අනුර කුමාරට පැමිණ තිබේ. අනුර කුමාර ඉතාම නිවට ලෙස එම පීඩනයට යටත් වී තිබේ. එය මුළු ආණ්ඩුවම පමණක් නොව සමස්ත විධායකයම බියට පත් කරවන තත්ත්වයකි. ඕනෑම සංවිධානයක් පවත්වා ගැනීමට නම් එම සංවිධානයේ නායකයා විසින් එහි සාමාජිකයන් ආරක්ෂා කරන බවට ඔවුන් තුළ විශ්වාසයක් තිබිය යුතුය.
රංවලට කළ දෙයින් මුළු ආණ්ඩුවම හෙල්ලුම් කා ගොස් තිබේ. ඔය ලොකු ලොකු රාජ්‍ය ආයතනවල තනතුරු ගත් අන්කල්ලා ඇන්ටිලාට වෙන්නෙත් මේ ටිකමය. කිසියම් හෝ ප්‍රශ්නයක් පැමිණියහොත් අනුර කුමාර හෝ පක්ෂය හෝ කිසිවෙකු හෝ ඔවුන්ව ආරක්ෂා නොකරන බව දැන් පැහැදිලිය. ට්‍රැක් රෙකෝඩ් ප්‍රශ්න තියෙන අය දැන්මම ඉල්ලා අස්වීම වීම නුවණට හුරුය.
අනෙක් පැත්තෙන් මෙය ජවිපෙ පාර්ශවයට NPP පාර්ශවය විසින් ගැසූ මරු පහරකි. එය සැබැවින්ම පන්ති ප්‍රශ්නයකි. ජවිපෙහි ඉන්නේ ගොඩේ නිර්ධන පාන්තිකයන්ය. NPP යෙහි ඉන්නේ නව ධනේශ්වර ප්‍රභූන්ය. රංවල යනු අහිංසක ගොඩයෙකි. නිර්ධනයෙකු වූ ඔහු ප්‍රභූවරයෙකු වීමට සිතුවේය. ඔහු කළ වරද එයයි.Phd පට්ටම් ගහ ගෙන ආවත් ගොඩයාගේ ගොඩේකම නැති කළ නොහැකි බව අර බොරු කොණ්ඩය යටින් එකතු කිරීමෙන් ඔප්පු විය. NPP ය බලයට ගෙන ආ කොළඹ ප්‍රභූන්ට එය ලැජ්ජාවක් විය. රංවල ඉවත් කිරීමට ඔවුන්ටද උවමනා විය. X සමාජ මාධ්‍යයේ සෙවලයන් දැඩි ලෙස රංවලට ගැසුවේය.
මොරටුවේ පෙට්ටිකඩේ දෙමළ මුදලාලිගේ සිට කිතලන්ගමුවේ මර්තේලිස් දක්වා නිර්ධනයන්ව විකුණා ගෙන කෑ කොළඹ ප්‍රභූන්ගේ කකුල් ලෙවකන ඊනියා ඇකඩමිකයාට දැන් නින්ද යනවා ඇති. නව කතානායක පත් වූ සැනින් හාල් පොල් වැනි සිල්ලර ප්‍රශ්න විසඳෙනු ඇත. උඹේ පක්ෂය උඹව බිල්ලට දුන්නා, රංවල. ලැජ්ජාවක් කියලා නාමයක් තියෙනවා නම් තවත් ඔය පාර්ලිමේන්තුවේ නෝන්ඩි වෙන්නේ නැතුව මන්ත්‍රීකමිනුත් ඉල්ලා අස්වෙන්න. උඹලා වගේ ඇස්පිරේෂනල් ප්‍රභූන්ට එතන තැනක් නැහැ. ධර්මය ඔබට මග වේවා!
(සමාජ මාධ්‍ය ජාලා පරිශීලකයන් අතර හුවමාරු වන මෙම සටහන රංවලගේ ඉල්ලා අස්වීම වෙනත් මානයකින් කියවා ගැනීමක් හේතුවෙන් මෙලෙස පලකරමු. සමාජ මාධ්‍යය පරිශීලකයන් අතර හුවමාරු වන අශෝක රංවල මහතාගේ ආචාර්ය උපාධි සහතිකයද අප පාඨකයන්ගේ පරිශීලනය සඳහා මෙලෙස පලකරමු.)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
