රංවලගේ ඉල්ලා අස්වීම ජවිපෙ ගොඩේ නිර්ධන පාංතිකයන්ට NPPය විසින් ගැසූ මරු පහරක්!
රංවලගේ ඉල්ලා අස්වීම සිදු වූයේ විරුද්ධ පක්ෂය විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට හදිස්සි වූ නිසා බව පැහැදිලිය. 17 වැනිදා ප්‍රකාශයක් කරන බවට කියා තිබියදී අද(14) හදිසියේ ඉල්ලා අස්වීම අස්වාභාවිකය. නමුත් මෙම සිදුවීමෙන් අපට ඉතා වැදගත් කරුණු කිහිපයක් කියවා ගත හැකිය.
රංවලට එල්ල වූයේ ඉතාම සැලසුම් සහගත ප්‍රහාරයකි. එහි ඉලක්කය වූයේ රංවල නොවේ. කතානායක පුටුවය. ඊළඟට කතානායක වන පුද්ගලයාගෙන් එම ව්‍යාපෘතිය කළේ කවුදැයි නිශ්චිතව හඳුනා ගත හැකිය. මෝඩ වැසියන් හිතන්නේ රංවලව ඉවත් කළේ ඔවුන් කියාය. නැත. රංවලව ඉවත් කිරීම සිදු වුනේ වෙනත් පාර්ශවයක් විසිනි. සුපුරුදු පරිදි බොළඳ වැසියන් එම ප්‍රොපගැන්ඩාවට රැවටිණි. ණ්ඵ්ඵ් ය මට්ටු කළා කියා චූන් වීමත්, දැන් හරිදේ කළා කියා අනෙක් පැත්ත චූන් වීමත් දේශපාලනිකව නොවැදගත්ය.

රංවලට ඉල්ලා අස්වෙන්න කියන්න තරමේ විශාල පීඩනයක් අනුර කුමාරට පැමිණ තිබේ. අනුර කුමාර ඉතාම නිවට ලෙස එම පීඩනයට යටත් වී තිබේ. එය මුළු ආණ්ඩුවම පමණක් නොව සමස්ත විධායකයම බියට පත් කරවන තත්ත්වයකි. ඕනෑම සංවිධානයක් පවත්වා ගැනීමට නම් එම සංවිධානයේ නායකයා විසින් එහි සාමාජිකයන් ආරක්ෂා කරන බවට ඔවුන් තුළ විශ්වාසයක් තිබිය යුතුය.
රංවලට කළ දෙයින් මුළු ආණ්ඩුවම හෙල්ලුම් කා ගොස් තිබේ. ඔය ලොකු ලොකු රාජ්‍ය ආයතනවල තනතුරු ගත් අන්කල්ලා ඇන්ටිලාට වෙන්නෙත් මේ ටිකමය. කිසියම් හෝ ප්‍රශ්නයක් පැමිණියහොත් අනුර කුමාර හෝ පක්ෂය හෝ කිසිවෙකු හෝ ඔවුන්ව ආරක්ෂා නොකරන බව දැන් පැහැදිලිය. ට්‍රැක් රෙකෝඩ් ප්‍රශ්න තියෙන අය දැන්මම ඉල්ලා අස්වීම වීම නුවණට හුරුය.
අනෙක් පැත්තෙන් මෙය ජවිපෙ පාර්ශවයට NPP පාර්ශවය විසින් ගැසූ මරු පහරකි. එය සැබැවින්ම පන්ති ප්‍රශ්නයකි. ජවිපෙහි ඉන්නේ ගොඩේ නිර්ධන පාන්තිකයන්ය. NPP යෙහි ඉන්නේ නව ධනේශ්වර ප්‍රභූන්ය. රංවල යනු අහිංසක ගොඩයෙකි. නිර්ධනයෙකු වූ ඔහු ප්‍රභූවරයෙකු වීමට සිතුවේය. ඔහු කළ වරද එයයි.Phd පට්ටම් ගහ ගෙන ආවත් ගොඩයාගේ ගොඩේකම නැති කළ නොහැකි බව අර බොරු කොණ්ඩය යටින් එකතු කිරීමෙන් ඔප්පු විය. NPP ය බලයට ගෙන ආ කොළඹ ප්‍රභූන්ට එය ලැජ්ජාවක් විය. රංවල ඉවත් කිරීමට ඔවුන්ටද උවමනා විය. X සමාජ මාධ්‍යයේ සෙවලයන් දැඩි ලෙස රංවලට ගැසුවේය.
මොරටුවේ පෙට්ටිකඩේ දෙමළ මුදලාලිගේ සිට කිතලන්ගමුවේ මර්තේලිස් දක්වා නිර්ධනයන්ව විකුණා ගෙන කෑ කොළඹ ප්‍රභූන්ගේ කකුල් ලෙවකන ඊනියා ඇකඩමිකයාට දැන් නින්ද යනවා ඇති. නව කතානායක පත් වූ සැනින් හාල් පොල් වැනි සිල්ලර ප්‍රශ්න විසඳෙනු ඇත. උඹේ පක්ෂය උඹව බිල්ලට දුන්නා, රංවල. ලැජ්ජාවක් කියලා නාමයක් තියෙනවා නම් තවත් ඔය පාර්ලිමේන්තුවේ නෝන්ඩි වෙන්නේ නැතුව මන්ත්‍රීකමිනුත් ඉල්ලා අස්වෙන්න. උඹලා වගේ ඇස්පිරේෂනල් ප්‍රභූන්ට එතන තැනක් නැහැ. ධර්මය ඔබට මග වේවා!
(සමාජ මාධ්‍ය ජාලා පරිශීලකයන් අතර හුවමාරු වන මෙම සටහන රංවලගේ ඉල්ලා අස්වීම වෙනත් මානයකින් කියවා ගැනීමක් හේතුවෙන් මෙලෙස පලකරමු. සමාජ මාධ්‍යය පරිශීලකයන් අතර හුවමාරු වන අශෝක රංවල මහතාගේ ආචාර්ය උපාධි සහතිකයද අප පාඨකයන්ගේ පරිශීලනය සඳහා මෙලෙස පලකරමු.)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්