News Category
From Date
To Date
Maximum Number of Result

ප්‍රතිලාභ සහිත මිතුරන්: නේපාලය අසල්වැසි චීනය සහ ඉන්දියාව අතර ආර්ථික කඹ ඇදීමේ තරඟය සාර්ථකව පියමං කරයි .

Dec 14, 2024 at 03:09 PM
|

වසර කිහිපයක් තිස්සේ පැවැති අවිනිශ්චිතභාවයෙන් පිරුණු කාලපරිච්ඡේදයකින් පසුව, නේපාලය සහ චීනය, බීජිං ඉදිරිපත් කරන අනෙකුත් ලෝකය සමඟ සම්බන්ධ කරන නව වෙළඳ මාර්ග සංවර්ධනය කිරීමේ මහා සැලැස්ම වන තීරය සහ මාර්ග මුලපිරීම (BRI) ව්‍යාපෘතිය යටතේ සහයෝගීතාව පිළිබඳ "රාමු සැකිල්ල" පිළිබඳ ගිවිසුමක් අත්සන් කිරීමට කටයුතු කර ඇත. නේපාල අගමැති කේපී ෂර්මා ඔලි මේ මස මුලදී කළ බීජිං සංචාරය අතරතුරදී මෙලෙස අත්සන් තැබීමේ කටයුතු සම්පූර්ණ කර ඇත.

2020 වසරේදී චීන රජය නේපාලයට අදාලව "රාමු සැකිල්ල" අයත් ගිවිසුමක් කෙටුම්පත් කළේය. 2017 මැයි මාසයේ දී කත්මණ්ඩු මුලපිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබුණද, එය ඉදිරි පියවර සමඟ ඉදිරියට ගමන් කළේ නැත.

එලෙස ප්‍රමාදයට ප්‍රකාශිත හේතුව වූයේ ව්‍යාපෘති සඳහා මුදල් සැපයීමයි. චීනයට ණය දීමට අවශ්‍ය වූ අතර නේපාලයට ප්‍රදාන ලබා ගැනීමට අවශ්‍ය විය. කත්මණ්ඩු පාලනය තම රටේ දකුණු ප්‍රදේශයෙන් සිටින යෝධ අසල්වැසියා වන ඉන්දියාව කලබලයට පත් නොකිරීමට අවවාද කිරීමට වග බලා ගත්තේය.

ඔලි දෙසැම්බර් මුල් සතියේ චීනයට පැමිණීමට පෙර සිටම "රාමු සැකිල්ල" අයත් ගිවිසුමට ඇතුළත් කරන්නේ මොනවාද යන්න පිළිබඳව අවිනිශ්චිතතාවයක් පැවතුනි.

නේපාලය අවසන් මොහොතේදී කෙටුම්පතක් එවා ඇත. නේපාලයට ප්‍රදාන ලබා දීමට බීජිනයේ ඇති අකමැත්ත සැලකිල්ලට ගත් නමුත් චීනයෙන් ණය ලබා ගැනීම සම්බන්ධයෙන් සඳහන් කිරීම පැහැදිලිවම වැළැක්වූ භාෂා ශෛලයට දෙපාර්ශවයම එකඟ වූ “ආයතනික ක්‍රමයක් යටතේ ආධාර මූල්‍යකරණය” පිළිබඳ වගන්තියක් එයට ඇතුළත් විය.

(Chinese and Nepali delegations let by President Xi Jinping and Prime Minister KP Sharma Oli in Beijing on December 3, 2024. ©  FMPRC)

"චීනය හැර වෙනත් ඕනෑම අයෙකුගෙන් ණයට ගැනීම මූලික වශයෙන් දෝෂයක් වනු ඇත. කොන්දේසි නරක නම්, ප්‍රදාන ලබා ගැනීමට ද හැකි ය, ”නේපාලයේ විශාලතම දිනපතා පුවත් පතක් වන කාන්තිපූර් හි හිටපු ප්‍රධාන කර්තෘ සුධීර් ෂර්මා පැවසීය. “ආධාර සහයකය මූල්‍යකරණ ආකෘතියකට අවසානයේ එකඟ වූ අතර, එය තනිකරම ප්‍රදාන හෝ ණය ලෙස නියම නොකළේය. මෙයින් අදහස් කරන්නේ ප්‍රදාන සහ සහනදායී ණය ලෙස වර නැංවූ බවයි. චීනය සහ නේපාලය යන දෙකම නම්‍යශීලී බව පෙන්නුම් කළ අතර, එමඟින් ගිවිසුම පැත්තකට බරවීම වළක්වා ඇත.

නේපාලයේ පවතින දේශීය දේශපාලන භූ දර්ශනය ද ගිවිසුමේ සංකීර්ණත්වයට හේතු භූත වී තිබේ. නේපාලයේ දැනට ප්‍රධාන පක්ෂ දෙකක නායකත්වයෙන් යුත් සභාග ආණ්ඩුවක් පවතී. වාමාංශික නේපාල කොමියුනිස්ට් පක්ෂය (Unified Marxist Leninist, or CPN-UML) සහ දක්ෂිනාංශික නේපාල කොන්ග්‍රසය එම සභාග ආණ්ඩුවට අයත්වේ. මෙම පක්ෂ දෙක මූලික වශයෙන් මතවාදීව විරුද්ධ වන අතර,තීරය සහ මාර්ග මුලපිරීම ( BRI ) වැනි සැලකිය යුතු ජාතික කාරණා සම්බන්ධයෙන් සම්මුතියකට පැමිණීම බොහෝ විට සංකීර්ණ තත්වයක් ඇති කරනු ලබයි.

නේපාල කොමියුනිස්ට් පක්ෂය ආරම්භයේ සිටම තීරය සහ මාර්ග මුලපිරීම ( ඹ්ර්‍ඓ ) සම්බන්ධයෙන් ධනාත්මක දෘෂ්ටියක් සහිත්ව කටයුතු කළේය. අනෙක් අතට, නේපාල කොන්ග්‍රසය මේ සඳහා අඩු සහයෝගයක් ලබා දුන් අතර, මුලපිරීම යටතේ ඕනෑම ණයක් පිළිගැනීමට දැඩි ලෙස විරුද්ධ විය. මෙම වෙනස්කම් මධ්‍යයේ වුවද, ප්‍රමුඛ පක්ෂ දෙකම අවසානයේ තීරය සහ මාර්ග මුලපිරීම ( BRI ) සඳහා රටේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් එකඟ විය. සුධීර් ෂර්මා එය නේපාලයේ විදේශ ප්‍රතිපත්තිය සඳහා ධනාත්මක පියවරක් ලෙස හැඳින්වීය.


“විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දෙපාර්ශවයම එකට සිට ගැනීම දිරිගන්වන සුළුයි. එය ප්‍රබල පණිවිඩයක් ලබා දෙනවා,” ඔහු පැවසීය. "දැන්, නේපාලය ඉන්දියාව ඇතුළු අනෙකුත් රටවල් සමඟ මේ ආකාරයෙන් සබඳතා පවත්වා ගැනීමට කටයුතු කළ යුතුය."

සංවර්ධන සැලසුම්

නේපාලය තීරය සහ මාර්ග මුලපිරීම ( BRI ) යටතේ ව්‍යාපෘති 10ක් යෝජනා කර ඇත. වඩාත් වැදගත් ඒවා වන්නේ කෙරුන්ග්-කත්මණ්ඩු දුම්රිය, ටෝඛා-චහාරේ උමං මාර්ගය සහ කෙරුන්ග්-රසුවාගඩි 220 KV සම්ප්‍රේෂණ මාර්ගයයි.

නව සේද මාවත ලෙස හැඳින්වෙන තීරය සහ මාර්ග මුලපිරීම ( BRI ) යනු ඉතිහාසයේ වඩාත්ම අභිලාෂකාමී යටිතල පහසුකම් ව්‍යාපෘතිවලින් එකකි. ජනාධිපති ෂී ජින්පින් විසින් 2013 දී දියත් කරන ලද එය මුලින් සැලසුම් කර ඇත්තේ භෞතික යටිතල පහසුකම් හරහා නැගෙනහිර ආසියාව සහ යුරෝපය සම්බන්ධ කිරීමට ය. වසර ගණනාවක් පුරා, එය චීනයේ ආර්ථික හා දේශපාලන බලපෑම පුලුල් කරමින් අප්‍රිකාව, ඕෂනියාව සහ ලතින් ඇමරිකාව ඇතුළු කිරීමට ව්‍යාප්ත වී ඇත.

ප්‍රවීණයන් විශ්වාස කරන්නේ තීරය සහ මාර්ග මුලපිරීම ( BRI ) ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම නේපාලයේ සමාජ ආර්ථික වපසරිය වෙනස් කිරීමක් විය හැකි බවයි. රුසියාවේ නේපාලයේ හිටපු තානාපති මිලාන් තුලාධර් සඳහන් කළේ, දුම්රිය මාර්ග, මහාමාර්ග සහ යටිතල පහසුකම් සංවර්ධනය වැනි තීරය සහ මාර්ග මුලපිරීම ( BRI ) යටතේ ඇති මෙගා ව්‍යාපෘති මගින් රට පරිවර්තනය කළ හැකි බවයි. ඔහුට අනුව දුම්රිය ඇතුළු ප්‍රවාහන ජාල ඉන්දීය දේශසීමාව දක්වා ව්‍යාප්ත කිරීම චීනයේ අරමුණයි.

"ඔප්ටිකල් ෆයිබර් ජාල, විදුලි බල ජාල සහ දුම්රිය මාර්ග වැනි යටිතල පහසුකම් ඇතුළත් ට්‍රාන්ස්-හිමාලියානු බහුමාන සම්බන්ධතා ජාලයෙන් නේපාලයට ප්‍රතිලාභ ලැබිය හැකිය," තුලාධර් පැවසීය. “මෙය නේපාලයේ ආර්ථිකයට උපකාරී වනු ඇත. චීනයට අවශ්‍ය නේපාලය දියුණු වී ස්ථාවරව පැවතීමටයි.”

ඉන්දියාව සමඟ හොඳ සබඳතාවක් පවත්වා ගනිමින් බටහිරින් එල්ල වන අභියෝගවලට මුහුණ දීමට චීනය උත්සාහ කරන බව තුලාධර් වැඩිදුරටත් පැවසීය. ඒ අතරම, බටහිර රටවල් චීනයේ බලපෑමට එරෙහිව සටන් කිරීමට අධිෂ්ඨාන කර ඇති අතර, බීජිං නව දිල්ලිය සමඟ සහයෝගීතාවයෙන් මෙම ගතිකත්වයන් තුළ සැරිසරමින් සිටී.

දැනට අධ්‍යයනය කරමින් පවතින රක්සෝල්-කත්මණ්ඩු දුම්රිය මාර්ගය සමඟ කත්මණ්ඩු හරහා දුම්රිය මාර්ගය සම්බන්ධ කිරීමට ඉන්දියාව ද කැමැත්ත පළ කර ඇත. නේපාලය තීරය සහ මාර්ග මුලපිරීම ( BRI ) යටතේ දුම්රිය මාර්ග, මාර්ග සහ ජල විදුලිය වැනි යටිතල පහසුකම් ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ෂර්මා අවධාරණය කළේය.

"දැන් අපේ අසල්වැසියන් දෙදෙනා සමෘද්ධියෙන් ඉදිරියට යමින් සිටින බැවින්, අපට මෙයින් ප්‍රයෝජන ගත හැකි ආකාරය අපි හොඳින් තක්සේරු කළ යුතුයි," ෂර්මා පැවසීය. “මල්ල යුගයේදී මෙන්ම, නේපාලයට වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස එහි උපායමාර්ගික තත්ත්වය ප්‍රයෝජනයට ගත හැකියි. අපගේ අසල්වැසියන් ධනවත් වන විට නේපාලයට අත්පත් කර ගැනීමට අද්විතීය වාසියක් නිර්මාණය වන  අවස්ථාවක් නිර්මානය වී තිබෙනවා."

ඉන්දීය සහ එක්සත් ජනපද සාධක

චීන-නේපාල සබඳතා 1960 දක්වා ඈතකට දිව යයි, නමුත් නේපාලය ටිබෙටය සමඟ ඇති ඓතිහාසික සබඳතා බොහෝ ඈතට දිව යයි. අද චීනය සමඟ නේපාලය ගොඩ නඟ ඇති සබඳතා මිනිසුන් අතර සබඳතා, ආර්ථික හවුල්කාරිත්වය සහ සංස්කෘතික හුවමාරු දක්වා විහිදේ.

නේපාලය චීනය සමඟ කිලෝමීටර් 1,414ක දේශසීමාවක් බෙදා ගන්නා අතර, ටටෝපානි සහ කෙරුන්ග්හි ප්‍රධාන ස්ථාන ඇතුළුව වෙළඳ ස්ථාන 14ක් දැනටද ක්‍රියාත්මක වේ.

නේපාලයේ චීන ආයෝජනය වාද විවාද සහ අවිනිශ්චිතභාවයට හේතු වී තිබේ. 2017 න් පසු ඹ්ර්‍ඓ ව්‍යාපෘති වලට බාධා රැසකට මුහුණ දීමට සිදු විය. සමාජ නවෝත්පාදන සහ විදේශ ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු වන පවන් අධිකාරි පවසන පරිදි, මෙම අභියෝග බොහෝ දුරට ඉන්දියාවේ සහ එක්සත් ජනපදයේ බලපෑම් හේතුවෙන් පැන නගී.

“තීරය සහ මාර්ග මුලපිරීම (BRI ) ක්‍රියාත්මක නොවීම සඳහා ප්‍රධාන හේතුව භූ දේශපාලනික පීඩනයයි. ඉන්දියාව සහ එක්සත් ජනපදය යන දෙඅංශයේම අරමුණ වන්නේ නේපාලය තුළ චීනයේ බලපෑම සීමා කිරීමයි. ”අධිකාරි පැවසීය. "නේපාලය චීනය සමඟ ඇති සබඳතාවන් ශක්තිමත් කරන විට අනෙකුත් මිත්‍ර ජාතීන්ගේ අවශ්‍යතා ද සලකා බැලිය යුතුයි."

තීරය සහ මාර්ග මුලපිරීම ( BRI ) ක්‍රියාත්මක කිරීම නේපාලයේ ස්වෛරීභාවයට අභියෝග එල්ල කළ හැකි බව අධිකාරි අනතුරු ඇඟවීය. කෙසේ වෙතත්, නේපාල කොමියුනිස්ට් පක්ෂයේ  මධ්‍යම කාරක සභිකයෙකු වන Bishnu Rijal එයට එකඟ නොවූ අතර, චීනය සමඟ බලශක්ති වෙළඳ ගිවිසුම් ඇතුළුව නේපාලය සියලු මාර්ග විවෘතව තැබිය යුතු බවට තර්ක කළේය.

"නේපාලය චීනය සමඟ සහයෝගීතාව වැලඳ නොගන්නේ නම්, එය සැලකිය යුතු අභියෝගවලට මුහුණ දීමට සිදුවනු ඇති අතරම එය අත්හැර දැමීමේ අවදානමක් තිබෙනවා." රිජාල් අවධාරණය කළේය.

නේපාලයේ චීනයේ ක්‍රියාකාරී මැදිහත්වීම වඩ වඩාත් දෘශ්‍යමාන වී තිබේ. මීට පෙර, බීජිං රටේ අභ්‍යන්තර කටයුතු පිළිබඳව අදහස් දැක්වීමෙන් වැළකී සිටියේය.

කෙසේ වෙතත්, චීනය මෑතක සිට නේපාලය ආශ්‍රිත ප්‍රශ්න ගැන කතා කිරීමට පටන් ගෙන ඇත, විශේෂයෙන් එක්සත් ජනපද ක්‍රියාකාරකම්වලට ප්‍රතිචාර වශයෙන්. 2022 දී, එක්සත් ජනපද ප්‍රදාන ව්‍යාපෘතියක් වන Millennium Challenge Corporation-Nepal Compact (MCC) නේපාල පාර්ලිමේන්තුවට හඳුන්වා දුන් විට, චීනය දැඩි ලෙස ප්‍රතිචාර දැක්වීය. බීජිං සහ වොෂින්ටනය යන දෙඅංශයෙන්ම නිතර ප්‍රකාශ කිරීමත් සමඟ MCC ඉහළ ආරෝපිත භූ දේශපාලනික ගැටලුවක් බවට පත් විය.

ඉන්දීය මාධ්‍ය විසින් උද්දීපනය කරන ලද පරිදි, අගමැති ඔලි සිය ඉන්දීය සංචාරයන් අභිබවා ගිය ඔහුගේ චීන සංචාර පිළිබඳ වාර්තා තැබීය. එසේම චීන මාධ්‍යද ඔහුගේ සංචාරය වැදගත් බව පෙන්වා දුන්නේය.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ‍Yubaraj Ghimire අවධාරනය කළේ නේපාලය ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් ගෙන යන බවත්, තත්වයේ ඉල්ලීම් සහ අවශ්‍යතා මත පදනම්ව රටකට යාමේ තීරණය ස්වාධීන විය යුතු බව පැවසුවේය. “මෙය නේපාලයේ රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ ධනාත්මක පැතිකඩක් පිළිබිඹු කරයි,” Ghimire පැවසීය. ඔලිගේ සංචාර සාර්ථක වී ඇති අතර විදේශ සබඳතා සඳහා නේපාලයේ "ප්‍රායෝගික ප්‍රවේශය" පෙන්නුම් කරන බව ඔහු පැවසීය.

පරිවර්තනය ජීවන්ත ජයතිස්ස

Friends with benefits: Nepal successfully walks an economic tightrope between neighbors China and India

සම්බන්ධිත පුවත් | Related News

කොළඹ වරායට අභියෝගයක් එල්ල කරමින් කේරලයේ විසිංජාම් අන්තර්ජාතික ගැඹුරු ජල බහු කාර්ය වරාය විවෘත කර තිබේ.
කාශ්මීරයේ පෙහෙල්ගාම් කලාපයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත්වූ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබේ.
ඉන්දියා – පාකිස්තාන ගැටුම්කාරී තත්ත්වය යළි දරුණු වී ඇති පසුබිමක පකිස්ථානය හිමිකාරිත්වය දරණ සහ පකිස්ථාන පාලනය යටතේ ඇති සියලුම ගුවන් යානාවලට සිය ගුවන් අවකාශය වසා දැමීමට ඉන්දියානු රජය තීරණය කර ඇත.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලබන සතියේ පැවැත්වෙන විරුදින සැමරුම් උත්සවයට සහභාගී වීම සඳහා රුසියාවට නොපැමිණෙන බව ක්‍රෙම්ලිනය නිල වශයෙන් නිවේදනය කර තිබේ.
පාකිස්තානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ඉන්දීය ආරක්ෂක හමුදාවන්ට විශේෂ අවසරයක් ලබාදී තිබේ.
කාශ්මීරයේ පහල්ගම් ප්‍රදේශයේදී සංචාරකයින්ට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, ඉන්දියාවේ හමුදා ආක්‍රමණයක් ආසන්න බව පාකිස්ථාන ආරක්ෂක ඇමති ඛවාජා මුහම්මද් අසීෆ් ප්‍රකාශ කර ඇත.
මිලියන 63කට අධික පරිශීලකයින්ගෙන් යුත් පාකිස්තාන යූ ටියුබ් නාලිකා 16 ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.
පාකිස්තානයට එරෙහිව හමුදා ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සඳහා ඉන්දියාව සූදානම් බවත් ප්‍රහාරයේ ස්වභාවය සාකච්ඡා කරමින් සිටින බවත් ඉන්දීය රජයේ ඉහළ බලධාරියකු ඉන්දියන් එක්ප්‍රස් පුවත්පතට ප්‍රකාශ කර තිබේ.
බංග්ලාදේශයේ චිතගෝන් කඳුකරයේ බෞද්ධයන්ගේ නිවාස බංග්ලාදේශ රජයේ හමුදාව මගින් පරීක්ෂාවට ලක්කරන බවත්, එම බෞද්ධයන්ගේ භූමියට වැඩි වැඩියෙන් හමුදාව යෙදවීමට බංග්ලාදේශ රජය මේ වන විට කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ.

ප්‍රධාන පුවත්

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.