News Category
From Date
To Date
Maximum Number of Result

ප්‍රතිලාභ සහිත මිතුරන්: නේපාලය අසල්වැසි චීනය සහ ඉන්දියාව අතර ආර්ථික කඹ ඇදීමේ තරඟය සාර්ථකව පියමං කරයි .

Dec 14, 2024 at 03:09 PM
|

වසර කිහිපයක් තිස්සේ පැවැති අවිනිශ්චිතභාවයෙන් පිරුණු කාලපරිච්ඡේදයකින් පසුව, නේපාලය සහ චීනය, බීජිං ඉදිරිපත් කරන අනෙකුත් ලෝකය සමඟ සම්බන්ධ කරන නව වෙළඳ මාර්ග සංවර්ධනය කිරීමේ මහා සැලැස්ම වන තීරය සහ මාර්ග මුලපිරීම (BRI) ව්‍යාපෘතිය යටතේ සහයෝගීතාව පිළිබඳ "රාමු සැකිල්ල" පිළිබඳ ගිවිසුමක් අත්සන් කිරීමට කටයුතු කර ඇත. නේපාල අගමැති කේපී ෂර්මා ඔලි මේ මස මුලදී කළ බීජිං සංචාරය අතරතුරදී මෙලෙස අත්සන් තැබීමේ කටයුතු සම්පූර්ණ කර ඇත.

2020 වසරේදී චීන රජය නේපාලයට අදාලව "රාමු සැකිල්ල" අයත් ගිවිසුමක් කෙටුම්පත් කළේය. 2017 මැයි මාසයේ දී කත්මණ්ඩු මුලපිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබුණද, එය ඉදිරි පියවර සමඟ ඉදිරියට ගමන් කළේ නැත.

එලෙස ප්‍රමාදයට ප්‍රකාශිත හේතුව වූයේ ව්‍යාපෘති සඳහා මුදල් සැපයීමයි. චීනයට ණය දීමට අවශ්‍ය වූ අතර නේපාලයට ප්‍රදාන ලබා ගැනීමට අවශ්‍ය විය. කත්මණ්ඩු පාලනය තම රටේ දකුණු ප්‍රදේශයෙන් සිටින යෝධ අසල්වැසියා වන ඉන්දියාව කලබලයට පත් නොකිරීමට අවවාද කිරීමට වග බලා ගත්තේය.

ඔලි දෙසැම්බර් මුල් සතියේ චීනයට පැමිණීමට පෙර සිටම "රාමු සැකිල්ල" අයත් ගිවිසුමට ඇතුළත් කරන්නේ මොනවාද යන්න පිළිබඳව අවිනිශ්චිතතාවයක් පැවතුනි.

නේපාලය අවසන් මොහොතේදී කෙටුම්පතක් එවා ඇත. නේපාලයට ප්‍රදාන ලබා දීමට බීජිනයේ ඇති අකමැත්ත සැලකිල්ලට ගත් නමුත් චීනයෙන් ණය ලබා ගැනීම සම්බන්ධයෙන් සඳහන් කිරීම පැහැදිලිවම වැළැක්වූ භාෂා ශෛලයට දෙපාර්ශවයම එකඟ වූ “ආයතනික ක්‍රමයක් යටතේ ආධාර මූල්‍යකරණය” පිළිබඳ වගන්තියක් එයට ඇතුළත් විය.

(Chinese and Nepali delegations let by President Xi Jinping and Prime Minister KP Sharma Oli in Beijing on December 3, 2024. ©  FMPRC)

"චීනය හැර වෙනත් ඕනෑම අයෙකුගෙන් ණයට ගැනීම මූලික වශයෙන් දෝෂයක් වනු ඇත. කොන්දේසි නරක නම්, ප්‍රදාන ලබා ගැනීමට ද හැකි ය, ”නේපාලයේ විශාලතම දිනපතා පුවත් පතක් වන කාන්තිපූර් හි හිටපු ප්‍රධාන කර්තෘ සුධීර් ෂර්මා පැවසීය. “ආධාර සහයකය මූල්‍යකරණ ආකෘතියකට අවසානයේ එකඟ වූ අතර, එය තනිකරම ප්‍රදාන හෝ ණය ලෙස නියම නොකළේය. මෙයින් අදහස් කරන්නේ ප්‍රදාන සහ සහනදායී ණය ලෙස වර නැංවූ බවයි. චීනය සහ නේපාලය යන දෙකම නම්‍යශීලී බව පෙන්නුම් කළ අතර, එමඟින් ගිවිසුම පැත්තකට බරවීම වළක්වා ඇත.

නේපාලයේ පවතින දේශීය දේශපාලන භූ දර්ශනය ද ගිවිසුමේ සංකීර්ණත්වයට හේතු භූත වී තිබේ. නේපාලයේ දැනට ප්‍රධාන පක්ෂ දෙකක නායකත්වයෙන් යුත් සභාග ආණ්ඩුවක් පවතී. වාමාංශික නේපාල කොමියුනිස්ට් පක්ෂය (Unified Marxist Leninist, or CPN-UML) සහ දක්ෂිනාංශික නේපාල කොන්ග්‍රසය එම සභාග ආණ්ඩුවට අයත්වේ. මෙම පක්ෂ දෙක මූලික වශයෙන් මතවාදීව විරුද්ධ වන අතර,තීරය සහ මාර්ග මුලපිරීම ( BRI ) වැනි සැලකිය යුතු ජාතික කාරණා සම්බන්ධයෙන් සම්මුතියකට පැමිණීම බොහෝ විට සංකීර්ණ තත්වයක් ඇති කරනු ලබයි.

නේපාල කොමියුනිස්ට් පක්ෂය ආරම්භයේ සිටම තීරය සහ මාර්ග මුලපිරීම ( ඹ්ර්‍ඓ ) සම්බන්ධයෙන් ධනාත්මක දෘෂ්ටියක් සහිත්ව කටයුතු කළේය. අනෙක් අතට, නේපාල කොන්ග්‍රසය මේ සඳහා අඩු සහයෝගයක් ලබා දුන් අතර, මුලපිරීම යටතේ ඕනෑම ණයක් පිළිගැනීමට දැඩි ලෙස විරුද්ධ විය. මෙම වෙනස්කම් මධ්‍යයේ වුවද, ප්‍රමුඛ පක්ෂ දෙකම අවසානයේ තීරය සහ මාර්ග මුලපිරීම ( BRI ) සඳහා රටේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් එකඟ විය. සුධීර් ෂර්මා එය නේපාලයේ විදේශ ප්‍රතිපත්තිය සඳහා ධනාත්මක පියවරක් ලෙස හැඳින්වීය.


“විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දෙපාර්ශවයම එකට සිට ගැනීම දිරිගන්වන සුළුයි. එය ප්‍රබල පණිවිඩයක් ලබා දෙනවා,” ඔහු පැවසීය. "දැන්, නේපාලය ඉන්දියාව ඇතුළු අනෙකුත් රටවල් සමඟ මේ ආකාරයෙන් සබඳතා පවත්වා ගැනීමට කටයුතු කළ යුතුය."

සංවර්ධන සැලසුම්

නේපාලය තීරය සහ මාර්ග මුලපිරීම ( BRI ) යටතේ ව්‍යාපෘති 10ක් යෝජනා කර ඇත. වඩාත් වැදගත් ඒවා වන්නේ කෙරුන්ග්-කත්මණ්ඩු දුම්රිය, ටෝඛා-චහාරේ උමං මාර්ගය සහ කෙරුන්ග්-රසුවාගඩි 220 KV සම්ප්‍රේෂණ මාර්ගයයි.

නව සේද මාවත ලෙස හැඳින්වෙන තීරය සහ මාර්ග මුලපිරීම ( BRI ) යනු ඉතිහාසයේ වඩාත්ම අභිලාෂකාමී යටිතල පහසුකම් ව්‍යාපෘතිවලින් එකකි. ජනාධිපති ෂී ජින්පින් විසින් 2013 දී දියත් කරන ලද එය මුලින් සැලසුම් කර ඇත්තේ භෞතික යටිතල පහසුකම් හරහා නැගෙනහිර ආසියාව සහ යුරෝපය සම්බන්ධ කිරීමට ය. වසර ගණනාවක් පුරා, එය චීනයේ ආර්ථික හා දේශපාලන බලපෑම පුලුල් කරමින් අප්‍රිකාව, ඕෂනියාව සහ ලතින් ඇමරිකාව ඇතුළු කිරීමට ව්‍යාප්ත වී ඇත.

ප්‍රවීණයන් විශ්වාස කරන්නේ තීරය සහ මාර්ග මුලපිරීම ( BRI ) ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම නේපාලයේ සමාජ ආර්ථික වපසරිය වෙනස් කිරීමක් විය හැකි බවයි. රුසියාවේ නේපාලයේ හිටපු තානාපති මිලාන් තුලාධර් සඳහන් කළේ, දුම්රිය මාර්ග, මහාමාර්ග සහ යටිතල පහසුකම් සංවර්ධනය වැනි තීරය සහ මාර්ග මුලපිරීම ( BRI ) යටතේ ඇති මෙගා ව්‍යාපෘති මගින් රට පරිවර්තනය කළ හැකි බවයි. ඔහුට අනුව දුම්රිය ඇතුළු ප්‍රවාහන ජාල ඉන්දීය දේශසීමාව දක්වා ව්‍යාප්ත කිරීම චීනයේ අරමුණයි.

"ඔප්ටිකල් ෆයිබර් ජාල, විදුලි බල ජාල සහ දුම්රිය මාර්ග වැනි යටිතල පහසුකම් ඇතුළත් ට්‍රාන්ස්-හිමාලියානු බහුමාන සම්බන්ධතා ජාලයෙන් නේපාලයට ප්‍රතිලාභ ලැබිය හැකිය," තුලාධර් පැවසීය. “මෙය නේපාලයේ ආර්ථිකයට උපකාරී වනු ඇත. චීනයට අවශ්‍ය නේපාලය දියුණු වී ස්ථාවරව පැවතීමටයි.”

ඉන්දියාව සමඟ හොඳ සබඳතාවක් පවත්වා ගනිමින් බටහිරින් එල්ල වන අභියෝගවලට මුහුණ දීමට චීනය උත්සාහ කරන බව තුලාධර් වැඩිදුරටත් පැවසීය. ඒ අතරම, බටහිර රටවල් චීනයේ බලපෑමට එරෙහිව සටන් කිරීමට අධිෂ්ඨාන කර ඇති අතර, බීජිං නව දිල්ලිය සමඟ සහයෝගීතාවයෙන් මෙම ගතිකත්වයන් තුළ සැරිසරමින් සිටී.

දැනට අධ්‍යයනය කරමින් පවතින රක්සෝල්-කත්මණ්ඩු දුම්රිය මාර්ගය සමඟ කත්මණ්ඩු හරහා දුම්රිය මාර්ගය සම්බන්ධ කිරීමට ඉන්දියාව ද කැමැත්ත පළ කර ඇත. නේපාලය තීරය සහ මාර්ග මුලපිරීම ( BRI ) යටතේ දුම්රිය මාර්ග, මාර්ග සහ ජල විදුලිය වැනි යටිතල පහසුකම් ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ෂර්මා අවධාරණය කළේය.

"දැන් අපේ අසල්වැසියන් දෙදෙනා සමෘද්ධියෙන් ඉදිරියට යමින් සිටින බැවින්, අපට මෙයින් ප්‍රයෝජන ගත හැකි ආකාරය අපි හොඳින් තක්සේරු කළ යුතුයි," ෂර්මා පැවසීය. “මල්ල යුගයේදී මෙන්ම, නේපාලයට වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස එහි උපායමාර්ගික තත්ත්වය ප්‍රයෝජනයට ගත හැකියි. අපගේ අසල්වැසියන් ධනවත් වන විට නේපාලයට අත්පත් කර ගැනීමට අද්විතීය වාසියක් නිර්මාණය වන  අවස්ථාවක් නිර්මානය වී තිබෙනවා."

ඉන්දීය සහ එක්සත් ජනපද සාධක

චීන-නේපාල සබඳතා 1960 දක්වා ඈතකට දිව යයි, නමුත් නේපාලය ටිබෙටය සමඟ ඇති ඓතිහාසික සබඳතා බොහෝ ඈතට දිව යයි. අද චීනය සමඟ නේපාලය ගොඩ නඟ ඇති සබඳතා මිනිසුන් අතර සබඳතා, ආර්ථික හවුල්කාරිත්වය සහ සංස්කෘතික හුවමාරු දක්වා විහිදේ.

නේපාලය චීනය සමඟ කිලෝමීටර් 1,414ක දේශසීමාවක් බෙදා ගන්නා අතර, ටටෝපානි සහ කෙරුන්ග්හි ප්‍රධාන ස්ථාන ඇතුළුව වෙළඳ ස්ථාන 14ක් දැනටද ක්‍රියාත්මක වේ.

නේපාලයේ චීන ආයෝජනය වාද විවාද සහ අවිනිශ්චිතභාවයට හේතු වී තිබේ. 2017 න් පසු ඹ්ර්‍ඓ ව්‍යාපෘති වලට බාධා රැසකට මුහුණ දීමට සිදු විය. සමාජ නවෝත්පාදන සහ විදේශ ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු වන පවන් අධිකාරි පවසන පරිදි, මෙම අභියෝග බොහෝ දුරට ඉන්දියාවේ සහ එක්සත් ජනපදයේ බලපෑම් හේතුවෙන් පැන නගී.

“තීරය සහ මාර්ග මුලපිරීම (BRI ) ක්‍රියාත්මක නොවීම සඳහා ප්‍රධාන හේතුව භූ දේශපාලනික පීඩනයයි. ඉන්දියාව සහ එක්සත් ජනපදය යන දෙඅංශයේම අරමුණ වන්නේ නේපාලය තුළ චීනයේ බලපෑම සීමා කිරීමයි. ”අධිකාරි පැවසීය. "නේපාලය චීනය සමඟ ඇති සබඳතාවන් ශක්තිමත් කරන විට අනෙකුත් මිත්‍ර ජාතීන්ගේ අවශ්‍යතා ද සලකා බැලිය යුතුයි."

තීරය සහ මාර්ග මුලපිරීම ( BRI ) ක්‍රියාත්මක කිරීම නේපාලයේ ස්වෛරීභාවයට අභියෝග එල්ල කළ හැකි බව අධිකාරි අනතුරු ඇඟවීය. කෙසේ වෙතත්, නේපාල කොමියුනිස්ට් පක්ෂයේ  මධ්‍යම කාරක සභිකයෙකු වන Bishnu Rijal එයට එකඟ නොවූ අතර, චීනය සමඟ බලශක්ති වෙළඳ ගිවිසුම් ඇතුළුව නේපාලය සියලු මාර්ග විවෘතව තැබිය යුතු බවට තර්ක කළේය.

"නේපාලය චීනය සමඟ සහයෝගීතාව වැලඳ නොගන්නේ නම්, එය සැලකිය යුතු අභියෝගවලට මුහුණ දීමට සිදුවනු ඇති අතරම එය අත්හැර දැමීමේ අවදානමක් තිබෙනවා." රිජාල් අවධාරණය කළේය.

නේපාලයේ චීනයේ ක්‍රියාකාරී මැදිහත්වීම වඩ වඩාත් දෘශ්‍යමාන වී තිබේ. මීට පෙර, බීජිං රටේ අභ්‍යන්තර කටයුතු පිළිබඳව අදහස් දැක්වීමෙන් වැළකී සිටියේය.

කෙසේ වෙතත්, චීනය මෑතක සිට නේපාලය ආශ්‍රිත ප්‍රශ්න ගැන කතා කිරීමට පටන් ගෙන ඇත, විශේෂයෙන් එක්සත් ජනපද ක්‍රියාකාරකම්වලට ප්‍රතිචාර වශයෙන්. 2022 දී, එක්සත් ජනපද ප්‍රදාන ව්‍යාපෘතියක් වන Millennium Challenge Corporation-Nepal Compact (MCC) නේපාල පාර්ලිමේන්තුවට හඳුන්වා දුන් විට, චීනය දැඩි ලෙස ප්‍රතිචාර දැක්වීය. බීජිං සහ වොෂින්ටනය යන දෙඅංශයෙන්ම නිතර ප්‍රකාශ කිරීමත් සමඟ MCC ඉහළ ආරෝපිත භූ දේශපාලනික ගැටලුවක් බවට පත් විය.

ඉන්දීය මාධ්‍ය විසින් උද්දීපනය කරන ලද පරිදි, අගමැති ඔලි සිය ඉන්දීය සංචාරයන් අභිබවා ගිය ඔහුගේ චීන සංචාර පිළිබඳ වාර්තා තැබීය. එසේම චීන මාධ්‍යද ඔහුගේ සංචාරය වැදගත් බව පෙන්වා දුන්නේය.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ‍Yubaraj Ghimire අවධාරනය කළේ නේපාලය ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් ගෙන යන බවත්, තත්වයේ ඉල්ලීම් සහ අවශ්‍යතා මත පදනම්ව රටකට යාමේ තීරණය ස්වාධීන විය යුතු බව පැවසුවේය. “මෙය නේපාලයේ රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ ධනාත්මක පැතිකඩක් පිළිබිඹු කරයි,” Ghimire පැවසීය. ඔලිගේ සංචාර සාර්ථක වී ඇති අතර විදේශ සබඳතා සඳහා නේපාලයේ "ප්‍රායෝගික ප්‍රවේශය" පෙන්නුම් කරන බව ඔහු පැවසීය.

පරිවර්තනය ජීවන්ත ජයතිස්ස

Friends with benefits: Nepal successfully walks an economic tightrope between neighbors China and India

සම්බන්ධිත පුවත් | Related News

දක්ෂිණාංශික නීතිඥවරයෙකු වන අබෙලාර්ඩෝ ඩි ලා එස්ප්‍රියෙල්ලා කොලොම්බියාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී තිබේ.
ඉරානයේ උත්තරීතර නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය දැඩි ලෙස අසාධ්‍ය වී ඇති බවත්, ඔහු ඕනෑම මොහොතක ජීවිතක්ෂයට පත්වීමේ අවදානමක් පවතින බවත් ඉරාන ජනාධිපති මස්ඌද් පෙසෙෂ්කියෑන් (Masoud Pezeshkian) ප්‍රකාශ කර තිබේ.
සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.
ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.
2024 අගෝස්තු මාසයේදී දැවැන්ත විරෝධතා හමුවේ බලයෙන් පහවී ඉන්දියාවට පලා ගිය බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂීක් හසීනා (Sheikh Hasina), රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිවැරදි මාවත යළි ස්ථාපිත කිරීම සඳහා එළඹෙන දෙසැම්බර් මාසයේදී බංගලාදේශයට නැවත පැමිණීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කර තිබේ.
ජපානය මෑතකදී නිකුත් කරන ලද “Defense of Japan 2026” නවතම ආරක්ෂක ධවල පත්‍රිකාවේ සඳහන් කරුණු දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් චීන ජාතික ආරක්ෂක අමාත්‍යාංශය සිය විරෝධය පළ කර තිබේ.
හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා වන එකඟතාවක් අද හෝ හෙට ඇතිවනු ඇතැයි අමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ පෙළේ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වන විට චීනය නිෂ්පාදන අංශයෙන් ලබා ගෙන ඇති අද්විතීය ජයග්‍රහනය සම්බන්ධයෙන් බටහිර රටවල පාලකයන් වික්ෂිප්ත වී ඇති ස්වභාවයක් ඔවුන්ගේ හැසිරීම් වලට අනුව වටහා ගත හැක. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් චීන කොමියුනිස්ට් පක්ෂය දැඩි ස්ථාවරයක සිටී. ඒ සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය දැක්වෙන වැදගත් සටහනක් ග්ලොබල් ටෛම්ස් වෙබ් අඩවිය තබා තිබුණි. ලංකා ලීඩර් පාඨකයාගේ පරිශීලනය සඳහා මෙසේ පල කරමු..
ඉරානය සමග සාකච්ඡා නැවත ආරම්භ කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති පසුබිමක ඉරානය ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබේ.

ප්‍රධාන පුවත්

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.