News Category
From Date
To Date
Maximum Number of Result

ආණ්ඩුවට සදාචාරාත්මක උසස් බව අහිමිකරන ව්‍යාජ උපාධි හුටපටය

Dec 14, 2024 at 02:20 PM
|

කතානායකවරයා සහ ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ මතුව ඇති ගැටළුව බලයට පත්වී මාසයක් ගතවන්නට පෙර ආණ්ඩුවේ ‘සදාචාරාත්මක උස්බව’ ( (moral high ground) ඔවුන්ට අහිමි කර තිබේ. කතානායකවරයාට ඉල්ලා අස්වීමට සිදුවීම එහි ආරම්භය පමණක් වන අතර, ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් පෙන්වා ඇතැයි අනුමාන කරන තවත් පිරිසක් මේ ලැයිස්තුවේ සිටී.

ලංකාවේ පුරවැසියෙකුට මහජන නියෝජිතයෙකු, මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට උපාධියක් තබා කිසිදු අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය වන්නේ නැත. පාකිස්ථානය වැනි සීමිත රටවල් කිහිපයක් හැර, ලෝකයේ බොහෝ රටවල තත්වය එයයි.

නමුත්, මනාප ඡන්ද ක්‍රමයේ දී මනාප ලබා ගැනීමට අපේකෂකයින් තම අධ්‍යාපන සුදුසුකම අලෙවි කරන්නට පටන් ගත්තේය. එහි තීරණාත්මක කඩඉමක් ලෙස 2020 මහා මැතිවරණයේ දී ‘වියත්මග කණ්ඩායම’ තම අධ්‍යාපන සුදුසුකම ඉස්සහින් තබාගෙන දැවැන්ත මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කළේය. අධ්‍යාපනය අත්තටු බවට පත් වූ වේ ද, ඡන්ද ආකර්ෂණ මැෂිමක් බවට පත් වූවේ ද, ඒ අනුවය.

ජාතික ජනබලවේගය 2022 අරගලයෙන් පසුව තමන් වෙත ජනතාව අද්දවා ගැනීමට උගත් – බුද්ධිමත් ලේබලය තීරණාත්මක ලෙස යොදාගැනීමට තීරණය කළේ මේ සමයේ දී ය. අනෙකුත් පක්ෂවලට සාපේක්ෂව ජවිපෙට සැලකිය යුතු උපාධිධාරීන් පිරිසක් සිටී. මේ උපාධිධාරීන්ටත් වඩා ‘සුපිරි බඩු ටිකක්’ අපිට සිටින බව පෙන්වීමට ජවිපෙට අවශ්‍ය විය. ආචාර්ය – මහාචාර්ය පට්ටම් සහිත පිරිසකට ද, වෛද්‍ය, ඉංජිනේරු පිරිසකට ද ජජාබ මැතිවරණ වේදිකාවේ දොරටු ඇරෙන්නේ ඒ් අනුවය. ජවිපෙට පිටතින් පැමිණි හරිනි ඇතුළු කණ්ඩායම තම අධ්‍යාපන සුදුසුකම් මත බැබලෙන විට ජවිපෙ ද සිට පැරණි කාඩර්වරුන්ට විවිධ අධ්‍යාපන සුදුසුකම් නමට ඉදිරියෙන් පිටුපසින් එල්ලනු ලැබීය.

සපුගස්කන්දේ අශෝක රන්වල බියගම ජවිපෙ සංවිධායකවරයෙකි. වෘත්තීය සමිති නායකයෙකි. සයිටම් විරෝධී සටනේ දී හිටපු ගමන් සපුගස්කන්දේ අශෝක – මහාචාර්ය අශෝක බවට පත් විය. ඒ සීමිත සමාජිකයින් අතුරින් සයිටම් විරෝධී සටනේ නායකයෙකු කළ හැකි අත් දිග කමිසය අදින නිසාය. දිගින් දිගටම මේ මහාචාර්ය පට්ටම පවත්වා ගැනීමට අශෝකට කෙසේ වෙතත් පක්ෂයේ පැවැත්මට වැදගත් විය. මහා මැතිවරණයේ හැම පෝස්ටරයකටම, දැන්වීමකට ආචාර්ය අශෝක වූයේ ඒ නිසාය. අඩුම ගානේ රූපවාහිනියෙන්වත් මුහුණ දැන නොතිබුනත්, ගම්පහ ජනතාව ටෙලි නාට්‍ය නිලි පබා තරමටම ආචාර්ය අශෝකට මනාප විය. ඒ ගෝඨාභය ගේ කාබනික යුගයේ ඇඹිලිපිටියේ කාබනික පොහොර හැදු ආචාර්ය අශෝක, රසායන විද්‍යා කේෂ්ත්‍රයේ මහ මොළයක් යැයි සිතූ නිසාය. අවසානයේ ජීවිත කාලයම දේශපාලනය කළ පක්ෂය දැවැන්ත අර්බුදයකට යවමින් ඔහුට රටේ ධූරාවලියේ ඉහළම තනතුරට සමුදෙන්නට සිදුවිය.

කැලණිය ගණිත අධ්‍යයන අංශයේ අනුර කරුණාතිලක ට දර්ශන විශාරද උපාධියක් නැති බව විශ්විද්‍යාලය වෙබ් අඩවියම පමණක්ම සාක්ෂි දරයි. විශ්වවිද්‍යාල ප්‍රජාවේ බහුතරය මේ කතාව හොදින් දනී. ජවිපෙ වෙනුවෙන් මානව හිමිකම් විද්වත් සංසදය නමින් මැතිවරණ නිරීක්ෂණ ජාලයක් සකස් කළේය. 2014 තරම් ඈත ක දී ද එහි ලේකම් හා ආචාර්ය අනුර කරුණාතිලක ය. ඒ වන විට ඔහු ආචාර්ය උපාධියට ලියාපදිංචි වී සිටියේ වත් නැත. ‘විද්වත්’ කෑල්ල අලෙවි කළ හැක්කේ ‘ආචාර්ය පට්ටමක්’ සමඟය. එදා ත්, අදත් එය වෙනස් නොවීය. 2014 සිට අනුර කරුණාතිලක සෑම මාධ්‍ය අවකාශයකම, ලිපියක, ප්‍රවෘත්තියක පෙනී සිටියේ ‘ආචාර්ය අනුර‘ ලෙසය. නාගරික සංවර්ධන අමාත්‍ය ධූරයට පත් වන විට ඔහු ‘මහාචාර්ය අනුර‘ වීය. දැන් එය ගැලවී නිකම්ම ‘අනුර‘ වී ඇත.

විද්‍යාවේදී උපාධිය සඳහා ලියාපදිංචි වී සිටි නමුත්, උපාධිය අවසන් නොකල බව කියන බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඉංජිනේරුවෙකු ලෙස ලේබල් කරන්නේ ද, මේ ‘විද්වත්’ අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ම ය.

තවත් දේශපාලනඥයෙකුට 2002 වර්ෂයේ යුරෝපයේ හා ආසියාවේ ඉහළම පිළිගැනීම් සහිත විශ්වවිද්‍යාල දෙකකින් පශ්චාත් උපාධි ඇතැයි කියනු ලැබේ.

විශේෂඥ වෛද්‍ය රිස්වි සාලි ගේ විශේෂඥතාව මැදකොළඹ, බොරැල්ල, උතුරු කොළඹ මුස්ලිම් ප්‍රජාවගේ දරුවන් සුන්නත් කිරීම බව මරදානේ කලීල්ස් නර්සින් හෝම් දන්නා අයට රහසක් නොවේ. නමුත්, එය කොළඹ දිස්ත්‍රික්කයම ඔහුට ඡන්දය දුන්නේ ‘විශේෂඥ වෛද්‍ය‘ පට්ටමක් ඇතැයි සිතාය.

මේ සියල්ලටම වඩා බරපතල විය හැක්කේ, වෙත නිරවද්‍ය නොවන අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කර ඇත්තම් එයයි. 2017 දී වොෂින්ටන් හි ලෝක බැංකු කාර්යාලයේ Global Forum on Asset Recovery (GfAR ) වැඩසටහනකට සහභාගිවීමට මට අවස්ථාව ලැබුණි. එවකට නීතිපති, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂවරයා, සිවිල් සංවිධානය නියෝජිතයින් පිරිසක් ද මා සමඟ එයට එක් විය. ලෝක බැංකුව, රාජ්‍ය දෙපාර්තමේන්තුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි සංවිධාන තමන්ගේම විමර්ශන ඒකක පවත්වාගෙන යමින් ලොව පුරා රාජ්‍යයන් හි දේශපාලනඥයින් හා නිලධාරීන් ගේ ජීව දත්ත විමර්ශනය කරන ආකාරය පැහැදිලි කරනු ලැබූවේ ඒ සඳහා යොදාගත හැකි පරිගණක පද්ධති හා උපක්‍රම ද සහිතවය. මේ දත්ත ජාත්‍යන්ත වශයෙන් හුවමාරු කර ගැනීමේ හැකියාව පවතින්නේය. එබැවින් මෙය ජාතික ප්‍රශ්නයක් නොව රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් ලෙස ද බලපෑම් කළ හැකිය.

ආර්ථිකය ගැන දේශන පවත්වන 2010 – 2015 කුප්‍රකට ‘ පම්පිම් – ඩම්පින්‘ මෙහෙයුමේ බර අවියක් වූ අයෙකුගේ ‘ආචාර්ය උපාධිය‘ කුමන විශ්වවිද්‍යාලයෙන් ලබා ගෙන ඇතිදැයි අංජනම් එළි බැලිය යුතුව ඇත.

විවෘත විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයෙකු වූ රුවන්වැල්ලේ කෝසල නුවන් ජයවීර සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සිදු කළේ ‘ඉංජිනේරු කෝසල නුවන් ජයවීර‘ නමිනි. කෑගල්ල මන්ත්‍රී කෝසල ගේ පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධ්‍යාපන සුදුසුකකම ලෙස දැක්වෙන්නේ ‘ඩිප්ලෝමා‘ ලෙසිනි. වෘත්තීය සුදුසුකම ‘සහකාර ඉංජිනේරු‘ ලෙසින් දැක්වේ. ඉදිකිරීම් සඳහා අත්වැඩ දී උසස් අධ්‍යාපනයට මුදල් සොයාගන්නා සරසවි සිසුන් මා ඇති තරම් දැක ඇත. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ රාත්‍රීයේ රෝගීන් බලා ගැනීමේ නිරත විශ්වවිද්‍යාල ධෛර්යවන්ත සිසුවියන් පිරිසක් මට ගිය සතියේ දිනක රෝහලේ හමුවිය. මේවා සමාජ උත්ප්‍රේරකයින්ය. නමුත්, ඡන්දය ගන්නට දිස්ත්‍රික්කය පුරා ‘ඉංජිනේරු – වෛද්‍ය – ආචාර්ය‘ අත් පත්‍රිකා බෙදන විට නොදැනුවත් මිනිසුන් ඡන්දය දෙන්නේ ඒ සුදුසුකමට ය.

ජවිපෙ ට සම්බන්ධ බහුතරයක් දෙනා රෝහණ විජේවීර මෙන්ම උසස් පෙළ, විශ්වවිද්‍යාල අධ්‍යාපනය අඩාල කර ගනිමින් පරමාදර්ශී දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් කටයුතු කළ අය වෙති. ඔවුහු කිසි විටෙකත් උපාධිය මහ දෙයක් ලෙස සැලකුවේ නැත. අවශ්‍ය දෙයක් ලෙස සැලකුවේ ද නැත. ජවිපෙ හෝ වෙනත් පක්ෂයක නායකයින්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන බොහෝ දෙනා වද වෙන්නේ ද නැත. අධ්‍යාපනය වෙනුවට දේශපාලනය තෝරාගෙන උපාධි අහිමි කර ගත් බිමල් රත්නායක වැනි මිනිසුන් පිළිබඳ සමාජ ගෞරවයක් ඇත.

සීමාවාසික පුහුණුව නිමා නොකර දේශපාලනය තෝරාගත් අයට ඒ අතර ඇත. එවැනි තෝරාගැනීම් නිසාම මරණයට පත් වූ, ජීවිතයට මහ මගට වැටුණු පිරිසක් ද වෙති. මේ ඔවුන්ගේ අති මහත් කැපවීමේ ප්‍රතිඑලයක් ලෙස ගොඩනැගු ආණ්ඩුවයි.

අධ්‍යාපන සුදුසුකම් මැතිවරණ කරලියේ කොඩි දාන තැනට පැමිණියේ 2020 න් පසුව ය. ඒ ‘වියත්බව’ මැතිවරණ ප්‍රචාරක කාර්යයෙහි අලෙවි කිරීම උදෙසාමය. ජවිපෙ ඔවුන්ගේ දේශපාලන විරුද්ධවාදීන්ගේ අධ්‍යාපන සුදුසුකම් නිර්ධය විවේචනයට ලක් කළේය. චාමර සම්පත් නූගතෙකු යන්න බදුල්ලේ නොකියූ රැස්වීමක් නැත. චාමර තමාට නැති අධ්‍යාපනයක් ගැන කිසිදා කීවේ නැත. නාමල් – චිචී ගේ අධ්‍යාපන සහතික ගැන වැඩියෙන්ම කතා කළේ ජවිපෙ යි.

අද මිනිසුන් ප්‍රශ්න කරන්නේ ජජාබ මන්ත්‍රීවරුන්ගේ උපාධි සහතිකය නොවේ. ඔවුන්ගේ අවංක භාවයයි!

උපාධි සහතික ප්‍රශ්නය නිසා, ජනතා විමුක්ති පෙරමුණට තිබූ ‘සදාචාරාත්මක උස්බව’ ( (moral high ground) අහිමි වෙමින් ඇත. 1956, 1970, 1999 ආණ්ඩු තුනම අඩු වැඩි වශයෙන් ‘සදාචාරාත්මක උස්බව’ අහිමි වීම නිසා දැවැන්ත අර්බුදයට ලක්වූවේය. දක්ෂිණාංශික ආණ්ඩුවකට වටා වාමාංශික වටිනාකම් මත මැතිවරණ ව්‍යාපාරයක් ජයගන්නා කණ්ඩායම් වෙතින් ඔවුන් අලෙවි කළ ප්‍රතිපත්ති රාමුවට වටිනාකමක් ජනතාව බලාපොරොත්තු වේ.

අනෙක් අතට, මාලිමාව පැත්තෙන් ගත් කළ කතානායකවරයාගේ ඉල්ලා අස්වීමෙන් පමණක් විසදෙන ප්‍රශ්නයක් නොවේ. එය තවත් බොහෝ දෙනෙකු හා බැඳුණු, අනන්‍යතා අර්බුදයකි. ඔවුන් තම මැතිවරණ ව්‍යාපාරයේ කේන්ද්‍රය ලෙස ‘වියත් – බුද්ධිමතුන්’ය. අනුර කරුණාතිලකගේ ආචාර්ය උපාධිය විමසන විට, වසන්ත සමරසිංහ හැප්පිලා බලන්න කතා කරන්නේ ඒ නිසාය. සැබවින්ම, සිරිපාල අමරසිංහ හෝ අනුරුද්ධ පොල්ගම්පල ඉවත් කළ ආකාරයට බොරු උපාධි දමා මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය දිනාවා දුන් මන්ත්‍රීවරුන් ඉවත් කිරීම ලේසි හෝ පහසු හෝ නැත.

2015 යහපාලන ආණ්ඩුව කෙරෙහි ජනතාව ගේ පළමු බිඳවැටීම ‘බැඳුම්කර ගණුදෙනුව’ යි. එය කිසිදු අයුරකින් නැවත පුරුද්දාගත නොහැකි විය. ව්‍යාජ අධ්‍යාපන සහතික අර්බුදය ද, මුළුමනින්ම පිළියම් යොදන්නේ නැතිනම්, එවන් තැනටක ගමන් කර අවසන්ය. එය නැවත පිරියම් කළ නොහැකි කැළලක් දැනටමත් තබා ඇත.

(රජිත් කීර්ති තෙන්නකෝන්)

සම්බන්ධිත පුවත් | Related News

සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසදාර හිමිට ජනපති පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50කින් යුත් පෙත්සමකට ජනතා අත්සන් ලබා ගැනීම අද (09) දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.
ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළව තමන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනුකර තිබෙන නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබේ.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
ඥානසාර හිමියන්ට හිමිවූ ජනාධිපති සමාව සම්බන්ධයෙන් වැරදි මතයක් සමාජයට පෙන්වා දී ඇති බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ එම සමාව වැරදි දෙයක් ලෙස නොව එහිදී අනුගමනය කර තිබූ ක්‍රියාපටිපාටියේ වැරදි සහගත තැන් සම්බන්ධයෙන් බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමිගේ නීතිඥවරයා පවසයි.
හිටපු අමාත්‍ය සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් පිළිබඳව අදහස් දක්වා සිටියේය.
ජාතික ජන බලවේග (මාලිමා) ආණ්ඩුවේ අමාත්‍යවරුන් සම්බන්ධයෙන් එල්ල වන දූෂණ හා වංචා චෝදනා හසුවීමට ආසන්න වන විට, ඒ පිළිබඳ සොයා බැලීම වෙනුවට එම කරුණු වසන් කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව උත්සාහ කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පවත්වාගෙන යනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද (09) පෙ.ව. 9.00 ට එම කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි.

ප්‍රධාන පුවත්

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.