News Category
From Date
To Date
Maximum Number of Result

සම්බුදු සිරිපා වන්දනා සමය ඇරඹෙයි

Dec 14, 2024 at 10:02 AM
|

සිරිපා වන්දනා සමය ආරම්භ වන්නේ උඳුවප් පුර පසළොස්වක පොහොය උදාවත් සමඟ ය. එතැන් සිට ඊළඟ වෙසක් පුර පසළොස්වක පොහොය දිනය දක්වා කාලය සිරිපා වන්දනා සමය යි.

චිරාගත සම්ප්‍රදායානුකූල ආගමික වතාවත් රාශියක් ඉටු කිරීමෙන් පසු වන්දනා සමය ආරම්භ වෙයි. පැල්මඩුල්ල ගල්පොත්තාවල පන්සලේත්, රත්නපුර මහසමන් දේවාලයේත්, සිරිපා පුද බිමේත් සිදු කරන ආගමික වතාවත් නියමිත ඒ ඒ අවස්ථාවන්හි දී අනුපිළිවෙලින් පැවැත්වේ.

වන්දනා ගමන් යාම ලාංකික බෞද්ධ ජනජීවිතය හා සබැඳි විශේෂ අංගයකි. එකල අද වැනි ප්‍රවාහන පහසුකම් නොතිබුණි. එබැවින් ජනතාව හුරුපුරුදු වී සිටියේ පා ගමනින් ම වන්දනා ගමන් යාමටයි. සිරිපා වන්දනා ගමනට අනෙකුත් සියලු වන්දනා ගමන්වලට වඩා විශේෂත්වයක් හිමි වුණි. ගමන ආරම්භ කරන්නේ සුමන සමන් දෙවියන්ට භාරහාර වීමෙන් පසුවයි. ඇතැම්විට තම ඉඩකඩම් පවා ඥාතීන්ට පවරා දී සිරිපා වන්දනාවේ යෙදීම පුරාතන සිරිතයි.

මෙරට ජනතාව වන්දනාවේ යන සිද්ධස්ථාන අතුරෙන් වැඩිම දුරක් පයින් යා යුතු එකම සිද්ධස්ථානය වන්නේ ශ්‍රී පාදස්ථානය යි. එම දුෂ්කරතාව නිසා ම සිරිපා වන්දනාව තුළින් ලැබෙන කුසලය සෙසු වන්දනා ගමන්වලින් ලැබෙන කුසලයට වඩා උසස් යැයි වන්දනාකරුවෝ අදහති. එබැවින් පිරිවර ජනයා ද සමඟ වන්දනා නඩ වශයෙන් සංවිධානය වී මහත් උනන්දුවකින් සැදැහැවත්හු සිරිපා තරණය කරති.

සිංහල ජන ජීවිතයේ අන් කවර හෝ අවස්ථාවක දී වත් භාවිතයට නොගන්නා සිරිපා වන්දනා ගමන සඳහා ම පමණක් ආවේණික වූ විශේෂ වදන් මාලාවක් ජනගත වී පවතියි. හිමිදිරි පාන්දර පෙරදිගින් සූර්යයා උදාවීම සිරිපා පුදබිමේ දී “ඉර සේවය” නමින් හඳුන්වයි. වන්දනාකරුවන් ඔවුනොවුන් හමුවන අවස්ථාවන්හි දී “කරුණාවයි” කියමින් ආශීර්වාද කර ගන්නා අතර, මෙය වෙනත් අවස්ථාවක “ආයුබෝවන්” යැයි කීම හා සමාන ය.

සිය ජීවිතයේ පළමුවරට සිරිපා වන්දනාවේ යන තරුණයා කෝඩුකාරයා ය. වැඩිහිටියා දඬුකෝඩු නම් වන අතර, කුඩා දරුවෙකු හෝ දැරියක් කිරිකෝඩු ලෙස හඳුන්වයි. තද අඳුර සහිත ව වළාකුළු පැතිර යාම “කෝඩේ” ලෙසත් වැසි වසින බව හැඟවීම “ගඟුල බානවා” ලෙසත් හැඳින්වේ.

දෙපයේ කටු ඇනෙනවා යන්න සිරිපා වන්දනාවේ දී හඳුන්වන්නේ “පරඬැල් පෑගෙනවා” ලෙසයි. ගමන් මාර්ගයේ යම් අවහිරතාවක් පවතී නම් ඉඩ ඉල්ලා සිටින්නේ “සංහිඳේ” යනුවෙන් පැවසීමෙනි. එහි අරුත “ඉඩ දෙන්න” යන්නයි. වන්දනාකරුවා ගෙන යන සියලු ම ආම්පන්න බහාලන උරය ‘සැහැල්ලු ව නම් වේ. එය උරහිස දෙපසට වැටෙන සේ කරේ දමාගෙන යාමට හැකි වන පරිදි මැසූ ලොකු උරයකි. වර්තමානයේ දී නම් සැහැල්ලු ව භාවිතයට නොගන්නා තරමට ම අභාවයට ගොස් තිබෙන බව පෙනේ. එහෙත් දැනටත් මෙම වදන භාවිතයේ පවතියි.

සමනල කන්දේ ඉහළ කොටසේ පවත්නේ තද සීතලකි. එම ප්‍ර‍්‍රදේශයේ ගමන් කිරීම “හිමේ නැගීම” යි. සිරිපතුල වැඳීමට පෙර වන්දනාකරුවන්ගේ පිරිසුදුවීම “පේවීම” වන අතර දෙහි කැබැල්ලක් ගා සීත ගඟුලෙන් නෑම මෙහි විශේෂ පේවීම ලෙස හැඳින්විය හැකි ය. සිරිපා වන්දනා කරන පිරිස “නඩය”යි. පිරිසේ නායකයා “නඩේ ගුරා” ය. කට පරෙස්සම් කර ගැනීම ලෙස හඳුන්වන්නෙන් වචනය සංවර කර ගැනීමයි. කට පරෙස්සම් කර නොගැනීම සිරිපා ගමනට බාධාවකි.

සිරිපා වන්දනාවේ දී “ගෙත්තම් කිරීම” නමින් සිදු කෙරෙන අභිචාර විධියක් පවතියි. ඉඳිකටු හා නූල් රැගෙන ඒවා ගසක අත්තක දවටායාම මෙයින් අදහස් කරයි. ජනවහරේ එන පරිදි බුදුරදුන් සිවුරු ඉරුණු තැන් එම ස්ථානයේ දී මසා ගත් බව සිහිපත් කරමින් ගෙත්තම් කර දෙවියන්ට පින් දෙයි. මෙම ජන කවිය එයට සාක්ෂි ය.

ගෙත්තම් පානට ගොසින් බසින්නේ
ගෙත්තම් කරලයි සමහරු යන්නේ
ඉඳිකටු නූලත් සුරතට ගන්නේ
ගෙත්තම් කර දෙවිඳුට පින් දෙන්නේ

සිරිපා මාර්ගය හා සබැඳි ස්ථාන නාම රැසක් ද ජන වහරට එක්ව ඇත. රත්නපුර මාර්ගයේ ලිහිණිහෙළ, ධර්මරාජගල, හැරමිටිපාන, ඇහැළ කණුව මෙන් ම හැටන් මාර්ගයේ මකර තොරණ, ජපන් සාම චෛත්‍යය, රතු අම්බලම, භගවාලෙන, මහගිරිදඹ, අහස්ගව්ව ඒ අතර කිහිපයකි. මෙම ස්ථාන වටා බොහෝ ජනශ්‍රැති ගොඩනැඟී ඇත.

රත්නපුර ඇහැළ කණුව අසලින් ඉහළට නැඟීමට එදා තිබුණේ ඉතාමත් අවදානම් සහගත යකඩ ඉනිමඟක් ය. හැටන් පාරෙන් බහින්නට පටන්ගත් කල මහගිරිදඹ හමුවන්නට පෙර “භගවා ලෙන” හමුවෙයි. එහෙත් බොහෝ වන්දනාකරුවන්ට භගවා ලෙන දැකීමට අවස්ථාව නොලැබෙයි. එය වන්දනාකරුවන් නඟින පඩි මඟට මදක් එපිටින් පිහිටා තිබීම එයට හේතුවයි. වන්දනාකරුවන් මහගිරිදඹ පසුකළ සැණින් මලුවට යාමට කඩිනම් වන නිසා ද භගවාලෙන අතපසු වෙයි. භගවාලෙන යනු බුදුරදුන් සිරිපා පිහිටුවා දිවා විහරණය කළ දිවා ගුහාව යැයි ද විශ්වාසයක් ඇතැමුන් තුළ පවතියි.

මහගිරිදඹ තද බෑවුම් සහිත, දැකීමටත් බිය උපදවන ප්‍රදේශයකි. මෙහි අහස්ගව්ව ද පිහිටා ඇත.

දඹදිව සිට පැමිණි ධර්මරාජ නම් බ්‍රාහ්මණ පුත්‍රයකු සිරිපා මාර්ගයේ කොටසක ගල් පඩි ඉදිකොට සිරිපා අඩවියට පූජා කළ වග ජනප්‍රවාදයේ සඳහන් ය. ධර්මරාජගල යනු එම කොටසයි. ධර්මරාජගල නඟින විට එහි පඩි ගණන් කිරීම සිරිතකි. හත්දින්නත් තරු ගණන් කළ නොහැකි මෙන් ධර්මරාජ ගලේ ගල් පඩි ගණන් කළ නොහැකි බව ජන මතයයි. මෙහි සමහර තැනක ගල් පඩි එකක් ද, දෙකක් ද කියා තීරණය කිරීමට නොහැකි වීමත් සමහර තැනක ගල් පඩි තිබේ දැයි, නිශ්චය කර ගත නොහැකි වීමත් එයට හේතුව වන්නට ඇත.

ලිහිණිහෙළ යනු අතීතයේ කඳු කඩා වැටීමෙන් සෑදුණු භයානක ගල් බෑවුමකි. ලිහිණිහෙළ අසලින් යාමේ දී ලිහිණි අක්කාට කෑ ගැසීම සිරිතක් ය. ලිහිණි අක්කා නම් තැනැත්තියක මෙම පර්වතයෙන් පහළට වැටී මිය ගිය බවත් එබැවින් මේ ප්‍රදේශයෙන් යාමේ දී ලිහිණි අක්කාට කෑ ගසා යාම වන්දනාකරුවන්ගේ සිරිතක් බවට පත්වූ බවත් පෙනේ. පර්වතය මුදුනේ සිට මහ හඬින් ලිහිණි අක්කාට කෑ ගැසූ කල ඒ හඬ කන්දේ හැපී දෝංකාර දී යළි කෑ ගසන අයට ම ඇසෙයි. එම දෝංකාරය ඇසීමට කැමති වන්දනාකරුවෝ මෙම ඉසව්වෙන් යාමේ දී ලිහිණි අක්කාට මහ හඬින් කෑ ගසති.

වන්දනාකරුවන් ගමනාන්තය දකිමින් පළමුව පැමිණෙන්නේ පාත මලුවට යි. එම ප්‍රදේශය වන්දනාකරුවන් බෙහෙවින් ම ගැවසෙන විශ්‍රාම ශාලා සහිත ප්‍රදේශය යි. මෙහි සිට සැවොම දැක ගැනීමට අපේක්ෂා කරනුයේ ඉර සේවය යි. මෙය සිරිපා මලුවට පෙනෙන ඉතා චමත්කාරජනක දර්ශනයකි.

සිරිපා මලුවෙහි දැල්වෙන පහන දොළොස්මහේ පහන ද වන්දනාකරුවන් අතර ජනපි‍්‍රය ය.

සිරිපා තරණයේ දී ඇතිවන සරතැස සංසිඳුවා ගැනීම හා සැදැහැය වර්ධනය කර ගැනීම පිණිස කවි හා වාගාලාප ගැයීම ද සාම්ප්‍රදායික සිරිතකි. ගැයෙන කවි අතර තුන්සරණය නමැති ජන කාව්‍යයේ එන කවි ප්‍රධාන තැනක් ගනියි.

බුද්ධං සරණේ සිරස දරාගෙන
ධම්මං සරණේ සිත පහදා ගෙන
සංඝං සරණේ සිවුරු දරා ගෙන
ඉඤ්ඤයි තුන් සරණේ අදහා ගෙන

පෙරයම බුද්ධං සරණේ ගඤ්ඤයි

මැදියම ධම්මං සරණේ ගඤ්ඤයි
අලුයම සංඝං සරණේ ගඤ්ඤයි
තුන් යමට ම තුන් සරණේ ගඤ්ඤයි

කකුසඳ කෝනාගම වෙර මුනිවර
කාශ්‍යප ගවුතම මුනිඳු අදර කර
සමන් පතිනි ගණ දෙවිඳුනි ඉසිවර
දමන් ඉවත ඇති වරදක් දුරු කර

සමන් පතිනි ගණ දෙවිඳුන් නුවණේ
ගමන් කලට සැතපෙන වැනි පවනේ
දමන් වරද දුටු වත් දෙවි රජුනේ
කියමි මදක් කවි බණ තුන් සරණේ

ඌරුගමුවේ අස්සජී හිමි






https://budusarana.lk/budusarana/2024/12/14/tmp.asp?ID=fea01

සම්බන්ධිත පුවත් | Related News

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ පැමිණිලි පහකට අදාළව අධිකරණය හමුවට පමුණුවනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා මේ මස 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
සමගි ජන බලවේගයේ කුරුණෑගල මැතිවරණ බල ප්‍රදේශයේ ප්‍රධාන සංවිධායක ධුරයෙන් සහ පක්ෂයේ දැරූ අනෙකුත් සියලු තනතුරුවලින් හිටපු රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ඉල්ලා අස්වී තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා එම කොමිසමේ සිට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එන ලදී.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර තිබේ.
ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.
චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.
පැවැත්වෙමින් පවතින විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක එම කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී උන්වහන්සේගේ සිවුර බලහත්කාරයෙන් ඉවත් කර ජම්පරයක් ඇන්දවීමට කටයුතු කර ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළේය.

ප්‍රධාන පුවත්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..

මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.

2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..

කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.