දෙමළ ඩයස්පෝරාව, භික්ෂුන් හත් නමක් යොදාගෙන සිදුකිරීමට නියමිත බෙදුම්වාදී උගුලට හසුවන්න එපා - ජාතික සංවිධාන ජනපති අනුරට අනතුරු අඟවයි (වීඩියෝ)
දෙසැම්බර් මාසයේ 19 සහ 20 වැනිදා පැවැත්වෙන වැඩමුළුවක් මගින් දෙමළ ඩයස්පොරාව විසින් සකස්කළ හිමාලයා ප්‍රකාශනය නැතහොත් බෙදුම්වාදීන්ගේ ඉල්ලීම් ප්‍රමාණයක් රැගත් ලියැවිල්ල භික්ෂූන් වහන්සේලා හත් නමක් යොදා ගනිමින් ජනාධිපතිවරයාට භාරදීමේ සූදානමක් ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ජාතික සංවිධාන එකමුතුව මගින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා පවසන්නේ මෙවර ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දී මෙන්ම ඊට පෙර පැවති මැතිවරණ වලදී උතුරේ දිස්ත්‍රික්ක 5ක සහ නුවරඑළිය, බදුල්ල යන දිස්ත්‍රික්කවල ඡන්ද බෙදී යාම පිළිබඳව සැලකීමේ දී පරස්පර විරෝධී තත්වයක් පවතින බව ය.
ජනාධිපතිවරණයේ දී ඩයස්පෝරාවේත්, ඉන්දියාවේත් තේරීම වූයේ සජිත් ප්‍රේමදාස බවත්, එහෙත් මෙරට බහුතර ජනතාව තෝරාගනු ලැබුවේ අනුර දිසානායක මහතා බලයට ගෙන ඒම බවත් වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පැවසීය.
සජිත් ප්‍රේමදාස ඔවුන් බලයට ගෙන ඒමට තීන්දු කරන්නේ ඔහු ලවා බන්දේසියක තබා මෙම බෙදුම්වාදී ඉල්ලීම් ප්‍රමාණය ඉටුකර ගැනීමට බවද ඒ මහතා සදහන් කරයි.
එහෙත් මේ රටේ ඒකීය භාවය, භෞමික අඛණ්ඩතාව සහ මෙරට සභ්‍යත්ව උරුමය වෙනුවෙන් පෙනී සිටි ජනතාව තෝරාගනු ලැබුවේ අනුර දිසානායක මහතා බවත් වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙයි.
එහෙත් ජනාධිපති ධුරයට පත්වූ අනුර දිසානායක මහතා ලවා දෙමළ ඩයස්පෝරාවේ අරමුණ වන බෙදුම්වාදී මාර්ග සිතියමේ අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමට ඔවුන් අද උත්සාහයක නිරත වන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
මේ පිළිබඳව තොරතුරු ඇතුළත් සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...