දෙකේ පංතියට ඉගෙන ගත්ත චාමර සම්පත්ට තියෙන අවංකකම කතානායක අශෝක රංවලට නැහැ- හිටපු පාම පාඨලී චම්පික රණවක
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා වත්මන් කතා නායක අශෝක රංවලට අඩුම තරමින් දෙකේ පංතියට ඉගෙන ගත්ත බදුල්ලේ චාමර සම්පත්ට තියෙන අවංකභාවයවත් නැතැයි පවසයි. මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය. එහිදී වැඩි දුරටත් කරුණු දක්වමින්,
"නාමල් රාජපක්ෂගේ උපාධියට හිනා වෙච්ච ජනතා විමුක්ති පෙරමුණ, මර්වින් සිල්වාගේ ආචාර්ය උපාධියට හිනා වෙච්ච ජනතා විමුක්ති පෙරමුණ, චාමර සම්පත්ගේ බදුල්ලේ දෙකේ පන්තියට ගියා කියලා හිනා වෙච්ච අය, චාමර සම්පත් පාර්ලිමේන්තුවේදී කිව්වා අඩුගානේ මට උගත්කමක් නැහැ. මට ඉංග්‍රීසි බැහැ. මම සාමාන්‍ය වඩේ විකුණපු මිනිහෙක් කියලා කිව්වා. ඒ අවංකකම තියෙනවද මේ රන්වලට? චාමර සම්පත් ඒ ටික කියලා තමයි බදුල්ලෙන් ඡන්දේ ආවේ. මෙයා මොකක්ද ඇවිල්ලා තියෙන්නේ? මේ චාමර සම්පත්ලට බැන්නට චාමර සම්පත්ලා දෙකේ පන්තියට චාමරයා ගියේ කිව්වට චාමර සම්පත් වලටත් වඩා තක්කඩි පහත් පිරිසක් නේද? මතක තියාගන්න, මේ ජනතා විමුක්ති පෙරමුණට ඡන්දේ දීපු මිනිස්සු බහුතරයක් නාගරික, උගත් මිනිස්සු ඡන්දේ දුන්නේ ඔය හාල් පොල් ප්‍රශ්න විසඳනවා කියලා හිතලම නෙමෙයි. ශිෂ්ට සම්පන්න රටක් ඇති කරයි. බොරු නොකියයි කියලා. දැනටමත් පරක්කු වැඩියි. රන්වල ක්‍රියාවලියෙන් පෙන්නලා තියෙනවා පරණ තක්කඩිකම් ඒ විදිහටම සිද්ධ වේගෙන යන බව. මොකද හේතුව, මේ අය ඇතිවෙන්න හිනාවෙලා තියෙනවා අනිත් අයගේ දේවල් වලට." යනුවෙන් පැවසුවේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්