රංජන් ජයලාල් ලංවිම සේවකයන්ට බෝනස් නොගෙන හිඳිමු යැයි යෝජනා කරයි
ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පවසන්නේ ලංකා විදුලිබල මණ්ඩලය ලැබූ ලාභයෙන් ඉතිරිව ඇති මුදල සේවකයන්ට ප්‍රසාද දීමනා ලබාදුනහොත් ලබන ජනවාරි සිට ජූලි දක්වා මාස හයේ එන දැවැන්ත ඉඩෝරයේදී විදුලි අර්බුදයට මුහුණ දීමට අවශ්‍ය ප්‍රතිපාදන සැලසිය නොහැකි වනු ඇති බවයි.
වැඩිදුරටත් අදහස් දක්වන ඒ මහතා පවසන්නේ, ලංවිම පාලනාධිකාරිය ප්‍රකාශ කළ පරිදි මණ්ඩලයට ලාභ ලැබී ඇත්තේ, රුපියල් බිලියන 162ක් බවත් ඉන් බිලියන 112ක් තෙල් සංස්ථාවේ ණය ගෙවා ඇති බවත්ය. ඒ අනුව ඉතිරිව ඇත්තේ, රුපියල් බිලියන 42ක් පමණක් බව ඔහු අවධාරණය කරයි.
පාරිභෝගිකයාගේ විදුලි බිල අඩු කිරීමට සහ සේවකයන්ට ප්‍රසාද දීමනා ලබා දීමට නම් මුදල් වෙන් කළ යුත්තේ එම රුපියල් බිලියන 42න් පමණක් බව ත් එය සිදු කළහොත් ලබන ජනවාරි සිට ජූලි මස දක්වා මාස හය තුළ රට මුහුණ දෙන දැවැන්ත නියඟයට මුහුණපාන්නට නොහැකිවනු ඇති බවත් රංජන් ජයලාල් මහතා පවසයි.
ඒ අනුව එම වකවානුව තුළ රටේ ජලාශ හිඳීම ආරම්භ වන අතර එහිදී සමස්ත ජනතාව ම විදුලි අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බව පැවැසූ රංජන් ජයලාල් මහතා පෙන්වා දුන්නේ රටේ පොදු ජනතාව ගැන සලකා ඒ වෙනුවෙන් දැනටමත් අදාළ මුදල ඉතිරි කර ගැනීමට තීන්දු කර ඇති බව ය.
තවද නියඟය පැමිණියහොත් රටේ දැඩි ලෙස විදුලිය කප්පාදුවක් සිදු කිරීමට සිදුවනවා සේ ම විදේශ රටවලින් පාවෙන බලාගාර ගෙන්වීමට ද සිදුවන බවද ඔහු පෙන්වා දුන්නේය.
එම නිසා මේ ඉතිරි වී ඇති රුපියල් බිලියන 42 ලාභය දැනට අවසන් කර ගතහොත් ලංවිම විදුලිබල මණ්ඩල සේවකයන්ට පමණක් නොව සමස්ත රට වැසියාට ම එම නියඟයට මුහුණ දීමට සිදුවනු ඇති බව ජයලාල් මහතා තවදුරට ත් පැවසීය.
එමෙන් ම, ලංවිම විසින් යම් මුදලක් ඉතිරි කර නොගතහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් නැවත ණයක් ලබාගෙන විදුලි කප්පාදුව නවත්වා ගැනීමට රජයට සිදුවන අතර එම හේතුව මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා තීන්දු කරන්නේ ඊට අදාළ ණය පහසුකම් ලබා දීමට ඔවුන් එකඟවනු ඇති නමුත් ඔවුන් ඊට පලිහක් ලෙස නැවත ලංවිම කෑලි දොළහකට කඩා ඉන්දියාවට සහ චීනයට පැවරීමට ලංකා රජය කටයුතු කරන ලෙස ඔවුන් විසින් ම රටට බලපෑම් කරනු ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
එම නිසා රටේ සම්පත් විකිණීම වෙනුවට මේ මොහොතේ යම් යම් කැපකිරීමක් සිදු කිරීමට සේවකයා මැදිහත් වුවහොත් එළැඹෙන සිංහල-හින්දු අලුත් අවුරුද්දට හෝ ප්‍රසාද දීමනාවක් ලබා දීමට රජයට හැකිවනු ඇති අතර විශේෂයෙන් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ද මේ මොහොතේ උපරිම කැපකිරීම් සිදු කරමින් සිටින බැවින් ජනතාවද ඉදිරිය ගැන සිතා කුඩා කැපකිරීමක් කරන ලෙස තමා ඉල්ලා සිටින බව ඔහු සිය සාමාජිකයන්ගෙන් වැඩිදුරට ත් ඉල්ලා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්