පසුගිය ආණ්ඩු සියල්ල මඩේ දමමින් සේදූ වී සහ සහල් මිල ප්‍රශ්නය විසඳන්න ආණ්ඩුවේ කවුරුත් නැද්ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
සහල් හිඟයක් පිළිබඳ කතා කරමින් අවසානයේ දී පාලන මිල වැඩි කිරීම සහ බලපත්‍ර නොමැතිව බදු සහන යටතේ ආනයනය කරන සහල් වැඩි මිලට විකිණීමට අවසර දීම තුළ ප්‍රශ්නය උග්‍රවන බවට පවතින මහජන මතය පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
"මේක හැම ආණ්ඩුවක්ම මඩේ දමදමා හෝදන ප්‍රශ්නයක්. දැන් ප්‍රශ්නය අසූචි වළකට දාල හෝදන්න වෙන තත්ත්වයක් තියෙන්නේ. ගොවියාට ප්‍රතිකර්මයක් නැතිව සහල් තොග පවත්වාගෙන යන මහා මෝල් හිමියන්ට අමතර රු. 10ක් ලැබෙන ආකාරයට රු. 10කින් පාලන මිල වැඩි කළා. වරායට රු. 110 - 120 ගොඩබාන්න පුළුවන් ආනයනික සහල්වලට බහු සහන වලට අමතරව රු. 120ක මිලක් ලැබෙනවා. දැන් ආනයනික සහල් තොග අඩු මිලට ගෙනත් රැස්කර ගත්විට මාස් කන්නයේ අස්වනු අඩු වුනත් වී මිල පහත වට්ටන්න හැකියාව ලැබෙනවා.
ප්‍රශ්නය විසඳන්න කළයුතු දේ රොකට් විද්‍යාවක් නොවේ. සහල් වලට මිල සූත්‍රයක් අවශ්‍යයි. වී වලට ගොවියාට සාධාරණ මිල සහ කුඩා මෝල් වලට පැවතිය හැකි කෙටුම් කුලියක් සහිතව තොග මිල සහ සිල්ලර මිල තීරණය කළ යුතුයි. කුඩා මෝල්වලට පැවතිය හැකි කෙටුම් කුලියක් සහිතව විකුණුම් මිල තීරණය කළාම මහා මෝල් කාරයන්ට කෙටි කාලීනව වාසියක් වෙනවා. ඒත් කුඩා මෝල් ටික නැගිට්ටුවන වැඩපිළිවෙලක් යටතේ කුඩා මෝල් වලට වෙළෙඳපොළ කොටස නැවත අත්පත් කරගත හැකි තත්ත්වය නිර්මාණය වෙනවා. එවිට ගොවියා සහල් නිෂ්පාදකයකු ලෙස වී විකිණීම වෙනුවට කුඩාපරිමාණ සහල් විකිණුමට පෙළඹෙනවා. වී තොග එක්වර විකිණීම වෙනුවට කුඩා මෝල්වලට ක්‍රමයෙන් විකිණීමේ අවස්ථාව ලැබෙනවා.
මහා මෝල්වල ඒකාධිකාරිය වෙළෙඳපළ ව්‍යුහය වෙනස් කිරීම සඳහා මිල සූත්‍රය යොදාගැනීම මගින් බිඳවැට්ටවීම හැර එය නීතිය මගින් සිදුකිරීමට උත්සාහ කිරීම සාර්ථක වෙලා නැහැ.
නීතියක් අවශ්‍ය වෙනවා, දැනට පවතින ආහාර පාලන පනත සංශෝධනය කරල තොග පවත්වාගෙන යන ආයතන ලියාපදිංචි කරලා තොග යාවත්කාලීන කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදන පැවතිය යුතුයි. කුඩා මෝල් සමග ඉදිරි වෙළෙඳ ගිවිසුම් අත්සන් කරල ආහාර දෙපාර්තමේන්තුව සහල් ආරක්ෂණ තොගයක් පවත්වාගෙන යා යුතුයි. අඩුම තරමේ මාසික අවශ්‍යතාව ලෙස සහල් මෙ.ටො. ලක්ෂ 2කක ආරක්ෂාකාරී තොගයක් පවත්වාගෙන යාම සෑහෙනවා. ඒවා යාවත්කාලීන කිරීම සඳහා සතොස මගින් විකිණීම කළ හැකියි. ආණ්ඩුව වී ගබඩා කිරීම අවශ්‍ය නැහැ ඒ මගින් දූෂණය සහ නාස්තිය ප්‍රචලිත වෙනවා. පිරිවැය වැඩි වෙනවා. අස්වනු අඩුවීමක දී රජය මගින් පමණක් සීමිත සහල් තොගයක් ආනයනය කිරීම ප්‍රශ්නයක් නැහැ. දැනට මෙ. ටො. ලක්ෂ 15 මට්ටමේ තිබෙන තිරිඟු පිටි පරිභෝජනය අඩුකර සහල් පිටි දිරිමත් කිරීම සඳහා සහල් ආනයනයට බලපත්‍ර ක්‍රමයක් යටතේ අවසර දිය හැකියි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්