
පසුගිය ආණ්ඩු සියල්ල මඩේ දමමින් සේදූ වී සහ සහල් මිල ප්‍රශ්නය විසඳන්න ආණ්ඩුවේ කවුරුත් නැද්ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
සහල් හිඟයක් පිළිබඳ කතා කරමින් අවසානයේ දී පාලන මිල වැඩි කිරීම සහ බලපත්‍ර නොමැතිව බදු සහන යටතේ ආනයනය කරන සහල් වැඩි මිලට විකිණීමට අවසර දීම තුළ ප්‍රශ්නය උග්‍රවන බවට පවතින මහජන මතය පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
"මේක හැම ආණ්ඩුවක්ම මඩේ දමදමා හෝදන ප්‍රශ්නයක්. දැන් ප්‍රශ්නය අසූචි වළකට දාල හෝදන්න වෙන තත්ත්වයක් තියෙන්නේ. ගොවියාට ප්‍රතිකර්මයක් නැතිව සහල් තොග පවත්වාගෙන යන මහා මෝල් හිමියන්ට අමතර රු. 10ක් ලැබෙන ආකාරයට රු. 10කින් පාලන මිල වැඩි කළා. වරායට රු. 110 - 120 ගොඩබාන්න පුළුවන් ආනයනික සහල්වලට බහු සහන වලට අමතරව රු. 120ක මිලක් ලැබෙනවා. දැන් ආනයනික සහල් තොග අඩු මිලට ගෙනත් රැස්කර ගත්විට මාස් කන්නයේ අස්වනු අඩු වුනත් වී මිල පහත වට්ටන්න හැකියාව ලැබෙනවා.
ප්‍රශ්නය විසඳන්න කළයුතු දේ රොකට් විද්‍යාවක් නොවේ. සහල් වලට මිල සූත්‍රයක් අවශ්‍යයි. වී වලට ගොවියාට සාධාරණ මිල සහ කුඩා මෝල් වලට පැවතිය හැකි කෙටුම් කුලියක් සහිතව තොග මිල සහ සිල්ලර මිල තීරණය කළ යුතුයි. කුඩා මෝල්වලට පැවතිය හැකි කෙටුම් කුලියක් සහිතව විකුණුම් මිල තීරණය කළාම මහා මෝල් කාරයන්ට කෙටි කාලීනව වාසියක් වෙනවා. ඒත් කුඩා මෝල් ටික නැගිට්ටුවන වැඩපිළිවෙලක් යටතේ කුඩා මෝල් වලට වෙළෙඳපොළ කොටස නැවත අත්පත් කරගත හැකි තත්ත්වය නිර්මාණය වෙනවා. එවිට ගොවියා සහල් නිෂ්පාදකයකු ලෙස වී විකිණීම වෙනුවට කුඩාපරිමාණ සහල් විකිණුමට පෙළඹෙනවා. වී තොග එක්වර විකිණීම වෙනුවට කුඩා මෝල්වලට ක්‍රමයෙන් විකිණීමේ අවස්ථාව ලැබෙනවා.
මහා මෝල්වල ඒකාධිකාරිය වෙළෙඳපළ ව්‍යුහය වෙනස් කිරීම සඳහා මිල සූත්‍රය යොදාගැනීම මගින් බිඳවැට්ටවීම හැර එය නීතිය මගින් සිදුකිරීමට උත්සාහ කිරීම සාර්ථක වෙලා නැහැ.
නීතියක් අවශ්‍ය වෙනවා, දැනට පවතින ආහාර පාලන පනත සංශෝධනය කරල තොග පවත්වාගෙන යන ආයතන ලියාපදිංචි කරලා තොග යාවත්කාලීන කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදන පැවතිය යුතුයි. කුඩා මෝල් සමග ඉදිරි වෙළෙඳ ගිවිසුම් අත්සන් කරල ආහාර දෙපාර්තමේන්තුව සහල් ආරක්ෂණ තොගයක් පවත්වාගෙන යා යුතුයි. අඩුම තරමේ මාසික අවශ්‍යතාව ලෙස සහල් මෙ.ටො. ලක්ෂ 2කක ආරක්ෂාකාරී තොගයක් පවත්වාගෙන යාම සෑහෙනවා. ඒවා යාවත්කාලීන කිරීම සඳහා සතොස මගින් විකිණීම කළ හැකියි. ආණ්ඩුව වී ගබඩා කිරීම අවශ්‍ය නැහැ ඒ මගින් දූෂණය සහ නාස්තිය ප්‍රචලිත වෙනවා. පිරිවැය වැඩි වෙනවා. අස්වනු අඩුවීමක දී රජය මගින් පමණක් සීමිත සහල් තොගයක් ආනයනය කිරීම ප්‍රශ්නයක් නැහැ. දැනට මෙ. ටො. ලක්ෂ 15 මට්ටමේ තිබෙන තිරිඟු පිටි පරිභෝජනය අඩුකර සහල් පිටි දිරිමත් කිරීම සඳහා සහල් ආනයනයට බලපත්‍ර ක්‍රමයක් යටතේ අවසර දිය හැකියි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
