ඉන්දියාවෙන් සහල් ගෙන්වන ආනයනකරුවන් අධික ලාභයක් ලබනවා - ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන්
ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන නාඩු සහල් කිලෝවක් රුපියල් 150ක් වැනි මිලකට අලෙවි කිරීමේ හැකියාව තිබියදී එම කිලෝවක් රුපියල් 220ට අලෙවි කිරීමට දීමෙන් ආනයනකරුවන් අධික ලාභයක් ලබනවා යැයි ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පැවසීය.
මෙරට ගොවියා ආරක්ෂා කර ගැනීම සඳහා ආනයනික නාඩු සහල් කිලෝවක් රුපියල් 220 ට අලෙවි කරනවා නම් ගෙන්වීමේ දී ආනයනකරු ලබන අධික ලාභය රජය මගින් අයකර ගත යුතු බවද ඔහු කීය.
ඉන්දියාවේදී සහල් කිලෝවක් මෙරට මුදලින් රුපියල් 85ක් 90ක් වැනි මිලකට ලබාගත හැකි බවත් එම සහල් මෙරටට ගෙන්වා සියලු වියදම් සමග රුපියල් 150 වැනි මිලකට කිලෝවක් ලබාදිය හැකි බවත් ඔහු කීය.
ආණ්ඩුව සහල් ආනයනය කළත් තවමත් මහ මෝල් හිමියන් විසින් ගොවීන්ගෙන් රුපියල් 100ට පමණ මිලදී ගත් වී තොග පවතින බවත් ඒවා මිලදී ගත්තේ ගොවීන්ගෙන් රුපියල් 130ක් යැයි කීම තමා විශ්වාස නොකරන බවත් ඔහු කීය.
පසුගිය කන්නයේදී රටේ වී තොග සහ සහල් තොග සම්බන්ධයෙන් වාර්තා තබා ගැනීමත් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් තබාගෙන නොමැති බවත්, වත්මන් රජය හෝ ඒ ආකාරයෙන් කටයුතු නොකර නිවරදි ආකාරයට තොරතුරු තබා ගන්නවා නම් සහල් හිඟයක් මවා පෑමට මහ මෝල් හිමියන්ට නොහැකිවනු ඇති බවද තෙන්නකෝන් මහතා කීය.
- චමින්ද සිල්වා
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්