
නොවැම්බර් මාසයේදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ ඩොලර් මිලියන 530.1ක් රටට එවලා සමස්තය ඩොලර් බිලියන 6.ට ළඟා වෙයි!
විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයින් නොවැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 530.1ක් රටට එවා ඇතැයි වාර්තා වේ. ඒ අනුව 2024 වසරේ මේ දක්වා රටට එවා ඇති විදෙස් මුදල් ප්‍රමානය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.0 ක් වැනි පහළ අගයක් බව විද්වත්හු පවසති. කෙසේ වුවද මෙම අගය 2020 වසරේ දී ශ්‍රී ලාංකිකයන් එක් මසකදී රට එවූ ඉහළම විදෙස් මුදල් ප්‍රමානය සැලකිය යුතු මට්ටමකින් පසු කර ඇතැයි විශ්ලේශකයෝ පවසති.
2024 වසරේ නොවැම්බර් විදෙස්ගත ලාංකිකයන් රට එවු මුදල් ප්‍රමානය 2023 වසරේ නොවැම්බර් මාසයේ ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 537.3 ට වඩා සුළු අඩුවීමක් පෙන්නුම් කරයි. එලෙසම එම අගය මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් රටට එවූ ඩොලර් මිලියන 587.7 ට වඩා ඩොලර් මිලියන 50.6 ක අඩුවීමක් සනිටුහන් කරයි.ආර්ථික විද්‍යාඥයන්ට අනුව තිරසාර මන්දගාමිත්වයක් ඇති නොවේ නම්, මෙම අනුපාතවල සිදුව ඇති මාසික වෙනස්කම් එතරම් සැලකිල්ලට ගත යුතු නැති අතර විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විදේශ විනිමය රටට එවීමේ ධනාත්මක දිශානතියට හානියක් නොවනු ඇත.
සංචාරක සහ අපනයන වලින් ලැබෙන ඩොලර් වල ප්‍රබල ගලා ඒම, නොවැම්බර් මාසයේදී දේශීය බැංකුවලින් ඇමරිකානු ඩොලර් මිලියන 327.0ක් මිලදී ගැනීමට මහ බැංකුවට උපකාර වී ඇති අතර එය ඔක්තෝම්බර් මාසයේදී මහ බැංකුව දේශීය බැංකු වලින් ලබාගත් ඇමරිකානු ඩොලර් මිලියන 189.5 සිට සාපේක්ෂව තියුනු ලෙස ඉහළයාමකි. එමගින් මහ බැංකුවට ඩොලර් මිලියන 6,462.0 ක් වූ සංචිත නැවත ගොඩනඟා ගැනීමට උපකාරී විය. කෙසේ වුවද ඔක්තෝබර් මාසයේදී මහ බැංකුව සතුව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 6,472.0 හා සසඳන විට සුළු අඩුවීමක් දක්වන බව විද්වතුන් පෙන්වා දෙති.
සාමාන්‍යයෙන්, ශ්‍රී ලංකාවට සම්ප්‍රදායික අලුත් අවුරුද්ද හෙවත් අප්‍රේල් මාසයට පෙර මාර්තු මාසයේ ප්‍රේෂණ වලින් වැඩිම මුදලක් ලැබෙන අතර දෙසැම්බර් මාසයේදී විදේශයන්හි සේවය කරන පුරවැසියන් උපයන මුදලින් වැඩි ප්‍රමාණයක් නිවාඩු කාලය සඳහා තම මිතුරන් සහ පවුලේ අය වෙනුවෙන් එවනු ලබන බවද විද්වත්හු පවසති.
ඒ අනුව විද්වතුන්ට අනුව, නොවැම්බර් මාසයේ දක්නට ලැබුණු විදෙස් මුදල් රටට ගලා ඒවමට වඩා දෙසැම්බර් මාසයේදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් තරමක් ඉහළ විදෙස් මුදල් ප්‍රමාණයක් රට එවීම අපේක්ෂා කෙරේ.
නොවැම්බරය දක්වා මාස එකොළහක් සඳහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ ඇ.ඩො. මිලියන 5,961.6ක් රටට එවා ඇති අතර එය 2023 එම කාල සීමාවට වඩා සියයට 10.4ක වර්ධනයකි.
අවසන් වරට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විදෙස් මුදල් වැඩිම ප්‍රමානයක් ශ්‍රී ලංකාවට එවා ඇත්තේ 2020 දී වන අතර එය ඇමරිකානු ඩොලර් බිලියන 7.1ක් වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
