වසන්තගේ පාර්ලිමේන්තුවේ කතාවට රත්න සහල් අධිපතිගෙන් ප්‍රභල පිළිතුරක්
පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා රත්න සහල් අධිපති ලංකේෂ්වරගේ මිත්‍රපාල සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින් තමන් සහල් සඟවා ගෙන ඇති බවට එල්ල කරන චෝදනා අසත්‍ය බව රත්න සහල් අධිපති ලංකේෂ්වරගේ මිත්‍රපාල මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුවා වී ප්‍රකාශ නිකුත් කරනවාට වඩා වසන්ත සමරසිංහ මහතාට මගේ හාල් මෝල් වලට පැමිණ අප හාල් වෙළෙඳ පොලට යවනවාද නැද්ද කියා තහවුරු කරගත හැකි බවත් එතුමාට පැමිණීමට නොහැකි නම් දිසාපති තුමාට හෝ පැමිණ එය තහවුරු කරගත හැකි බවද රත්න සහල් අධිපති අධිපති ලංකේෂ්වරගේ මිත්‍රපාල මහතා පවසයි. අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා රත්න සහල් සමූහ ව්‍යාපාරය සහල් තොග සඟවා සිටින බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව පැවසුවේය.
එලෙසම තමන් කිසිම බැංකුවකින් පොලී නොමැතිව ණය මුදල් ලබා ගෙන නැති බවත් පොලී රහිතව ණය දෙන බැංකුද නැති බවත් ඔහු අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්,“මම කියනවා වෙළඳ ඇමතිතුමාට මගේ ආයතනයට ඇවිල්ලා පරික්ෂා කරන්න. ඔබතුමාගේ නියෝජිතයෙක් එවන්න මම පටවන හාල් ගාන මම නිෂ්පාදනය කරන හාල් ගාන මගේ ළඟ තියෙන වී තොග පිළිබඳව මම ඔප්පු කරලා පෙන්නනවා. එතුමා කියලා තිබුණා මම බැංකුවෙන් සල්ලි ගන්නේ පොලී නැතුව කියලා.
අපි වී අරගන්නවා අපි බැංකුවෙන් සල්ලි අරගන්නව බැංකුවේ සල්ලි ගෙවන්න ඕන ආපහු මොකද වී ස්ටොක් එකක් තියාගෙන බැංකුවේ සල්ලි ගෙවන්න බැහැ. වී ටික අරගෙන සහල් නිෂ්පාදනය කරලා සහල් වෙළඳපලට යවලා ඒ සල්ලි ගෙනල්ලා.අපි බැංකුව නිදහස් කරන්න ඕනේ. නැත්තං සල්ලි වලට පොලිය හැදෙනවා." යනුවෙන් පැවසුවේය.
"මම මේ ප්‍රකාශනය කරේ පාර්ලිමේන්තුව කියන්නේ සියලු දෙනා අවධානය යොමු කරන තැනක් ඉතින් ඒ නිසා ඒක නිවැරදි කරන්න තමයි මේ දේ කළේ. ඕනෑම ආයතනයක සහල් හංගල තියාගැනීමක් නැහැ හංගගෙන තියාගෙන ඉඳලා තේරුමක් නෑ.ගොයම් කැපුනාම අපි වී ටික රැස් කරන්න ඕනෙ අවුරුද්ද පුරාම සහල් දෙන්න. එහෙම වී තිබුණොත් පමණයි සහල් දෙන්න පුළුවන්. මා ළඟත් මාස දෙකකට ඇතිවෙන්න වී තියෙනවා.දවසින් දෙකෙන් වී කොටන්න බෑ. මොකද පෙබරවාරි වෙනකල් මම හාල් රටට යවන්න ඕනේ. එක මාස දෙකෙන් කොටලා මම ඊගාවට මොකද කරන්නේ ?"
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...