සැබෑ යුද්ධයකදී බ්‍රිතාන්‍ය හමුදාවට යුද්ධ කළ හැක්කේ 'මාස හයක්' පමණයි-බලධාරියෙකු කියයි
සැබෑ යුදමය තත්වයක් ඇති වුවහොත්, එක්සත් රාජධානියේ සොල්දාදුවන් මාස හයේ සිට අවුරුද්දක කාලයක් අතර තුර අවසන් වනු ඇතැයි යුද හමුදා භට පිරිස් භාර බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරි ඇලිස්ටෙයාර් කාර්න්ස් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
කාර්න්ස් යනු බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රවීණයන් සහ පුද්ගලයින් සඳහා වන රාජ්‍ය උප ලේකම් තනතුර දරන්න වේ. ඔහු ඉයේ(04) රෝයල් යුනයිටඩ් සර්විසස් ඉන්ස්ටිටියුට් (ර්USඓ) බුද්ධි මණ්ඩලයේ පැවති උත්සවයකදී බ්‍රිතාන්‍ය හමුදාවේ ප්‍රමාණය ගැන කනස්සල්ලක් මතු කළේය.
"සීමිත මැදිහත්වීමක් නොවන මහා පරිමාණ යුද්ධයකදී, උදාහරණයක් ලෙස යුක්රේනයේ මේ මොහොතේ සිදුවන යුද්ධයකට සමාන යුද්ධයකදී, අපගේ හමුදාවට, උදාහරණයක් වශයෙන්,පුළුල් බහුජාතික සන්ධානයක කොටසක් ලෙස වර්තමාන අනතුරු අනුපාත මත - මාස හයේ සිට අවුරුද්ද දක්වා කාලයකදී සෙබළුන් අහිමිවනු ඇත," කාන්ස් ප්‍රකාශ කළේය.
රුසියානු සෙබළුන් සෑම දිනකම 1,500 ක් තුවාල ලබන බවට කෙරෙන සැක සහිත යුක්රේන ප්‍රකාශයන් මත ඔහු මෙම ගනන් බැලීම පදනම් කර ගෙන ඇත. කෙසේ වුවද එම අගය කියෙව් හමුදාවන්ට සිදුවන සැබෑ පාඩු වලට වඩා සමීප බව මොස්කව් පරිපාලනය අවධාරණය කර ඇත.
එක්සත් රාජධානියට විශාල හමුදාවක් අවශ්‍ය බව මින් අදහස් නොවන නමුත්, "එයින් අදහස් කරන්නේ අර්බුදයකදී ඔබ ගැඹුරින් හා ඇත්ත ස්වභාවය අව්බෝධ කරගනිමින් කටයුතු කළ යුතු බවයි," ඔහු තවදුරටත් පැවසීය. "එම ක්‍රියාවලියට සංචිත තීරණාත්මක සහ පරම කේන්ද්‍රීය වේ." ඔහු අවධාරණය කළේය.
ප්‍රසිද්ධියට පත් කර ඇති ලබා ගත හැකි තොරතුරු වලට අනුව බ්‍රිතාන්‍ය හමුදාවේ ප්‍රමාණය ඔක්තෝබර් 1 වන විට පුද්ගලයින් 109,245 ක් වන අතර එයට ස්වේච්ඡා සංචිතකරුවන් 25,814 ක් ඇතුළත් වේ. සංචිත සම්බන්ධයෙන් සාකච්ඡා කරන විට එක්සත් රාජධානිය අනෙකුත් නේටෝ සාමාජිකයින් සමඟ සසඳ බැලිය යුතු බොහෝ දේ ඇති බව කාර්න්ස් තර්ක කළේය.
ඔහුගේ ප්‍රකාශය පැමිණෙන්නේ බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රොබ් මාගෝවන් හමුදාව අණ කළහොත් “අද රාත්‍රියේ වුවද සටන් කරන” බව අවධාරණය කිරීමෙන් දින කිහිපයකට පසුවය.
කෙසේ වෙතත්, ඔක්තෝබර් අගදී, බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ජෝන් හීලි පොලිටිකෝ සඟරාව වෙත පැවසුවේ, කොන්සර්වේටිව් පක්ෂ පාලනයේ වසර 14 තුළ හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව “හිස්” සහ “අඩු අරමුදල්” ලබා දුන් ආයතන බවට පත්ව ඇති බවයි. කම්කරු පක්ෂය බලාපොරොත්තු වූයේ තත්වයන් තවත් අවුල් වනු ඇති බවයි. "නමුත් මූල්‍ය තත්වය විසින් බලවේගවල තත්වය අප සිතුවාට වඩා බෙහෙවින් නරක අතට හරවා තිබෙනවා" ජෝන් හීලි පැවසුවේය.
“එක්සත් රාජධානිය, වෙනත් බොහෝ ජාතීන්ට අනුකූලව, අත්‍යවශ්‍යයෙන්ම ඉතා දක්ෂ හා හමුදා මෙහෙයුම් සිදු කිරීමට සූදානම් වී ඇත. අපි කරන්න ලෑස්ති වෙලා නැති දේ තමයි සටන් කරන්න,” හීලි එම අවස්ථාවේදී පැවසීය.
මෙම සතිය මුලදී, එක්සත් රාජධානිය සහ ප්‍රංශය යුක්‍රේනයට තම හමුදා යෙදවීමට සාකච්ඡා කරමින් සිටින බව නිර්නාමික මූලාශ්‍ර උපුටා දක්වමින් එක්සත් ජනපද රජය විසින් අරමුදල් සපයන රේඩියෝ ෆ්‍රී යුරෝපය/රේඩියෝ ලිබර්ටි ආයතනය ප්‍රකාශ කළේය.
ජුලි මස වන විට, බ්‍රිතාන්‍ය හමුදාව සතුව ක්‍රියාකාරී රාජකාරියේ යෙදී සිටින සොල්දාදුවන් 73,000කට වඩා වැඩි සංඛ්‍යාවක් සිටි අතර එය 1823 වර්ෂයේ සිට බ්‍රිතාන්‍ය හමුදාව සතුව තිබූ අඩුම සංඛ්‍යාවයි. එක්සත් රාජධානියේ සමස්ත ජනගහනය එවකට මිලියන 20 ක් පමණ වූ අතර එතැන් සිට ජනගහනය මිලියන 67 දක්වා වර්ධනය වී තිබේ.
බ්‍රිතාන්‍ය හමුදාව 1707 දී පිහිටුවන ලද අතර එය රාජකීය නාවික හමුදාව සහ රාජකීය ගුවන් හමුදාව (RAF) සමඟ එකට කටයුතු කරන එක්සත් රාජධානියේ සන්නද්ධ හමුදාවන්හි කොටසකි. 1600 ගණන්වල ඔටුන්නට එරෙහිව සිවිල් යුද්ධයක් කළ පාර්ලිමේන්තු බලවේග මත ස්ථාවර හමුදාව පදනම් වී ඇති නිසා බ්‍රිතාන්‍ය හමුදාව "රාජකීය" යන නාමය යොදා හඳුන්වනු නොලැබේ.
British Army would last ‘six months’ in war – official
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..