ඩොලර් එකෙන් පිට පැන්නොත් 100% ක් බදු ගහනවා - ට්‍රම්ප් BRICS රටවලට අනතුරු අඟවයි
අමෙරිකාවේ ජනාධිපතිධූරය සඳහා තේරීපත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් BRICS රටවලට ප්‍රබල අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
ඒ අනුව ට්‍රම්ප් පවසා ඇත්තේ අන්තර්ජාති වෙළඳාමේදී අමෙරිකානු ඩොලරයෙන් ඉවත් වී ගමන් කිරීමට උත්සාහ කරන ඕනෑම BRICS රටකට 100% තීරුබදු පනවන බවයි.
බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් සමන්විත ආර්ථික සන්ධානය BRICS නමින් හඳුන්වනු ලැබේ.
මේ වනවිට ඉරානය, ඊජිප්තුව, ඉතියෝපියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය දක්වා එය පුළුල් කර ඇත.
ඒ අනුව, ලෝක බලවතුන් වන චීනය, රුසියාව බ්‍රසීලය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ඉරානය, ඊජිප්තුව, ඉතියෝපියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය මේ වනවිට බ්‍රික්ස් සන්ධානයේ කොටසකි.
“අපි බලාගෙන ඉද්දි BRICS රටවල් ඩොලරයෙන් ඈත් වෙන්න හදනවා කියන අදහස පේනවා” ට්‍රම්ප් Truth Social හි BRICS සම්බන්ධයෙන් තබා ඇති සටහන විදෙස් මාධ්‍යවල ප්‍රමුඛ පුවතක් බවට පත්ව තිබේ.
අමෙරිකානු ජනාධිපතිවරණය අතරතුර, ට්‍රම්ප් පුලුල්ව පැතිරුණු තීරුබදු ක්‍රියාත්මක කිරීම පිළිබඳව පොරොන්දු ලබා දුන්නේය. ඒ අනුව ඔහු පසුගිය දිනවල රටවල් කිහිපයකට දැඩි බදු පනවන බව තර්ජන එල්ල කර තිබේ.
කැනඩාව සහ චීනය ඊට ඇතුළත් වේ.
ලබන වසරේ ජනවාරි 20 වන දින අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස බලයට පත්වීමට නියමිත ට්‍රම්ප්ගේ මෙම නවතම පණිවිඩයෙන් තර්ජන එල්ල කර ඇත්තේ, නැගී එන ආර්ථික සමූහයකින් සමන්විත වන බ්‍රික්ස් හවුල වෙතයි.
ඒ අනුව, ඩොලරය ඔවුන්ගේ සංචිත මුදල් ලෙස භාවිත කිරීමට කැපවන ලෙසත්, නව BRICS මුදල් ඒකකයක් නිර්මාණය කිරීමෙන් හෝ විකල්ප පිටුබලය දීමෙන් වළකින ලෙසත් ට්‍රම්ප් BRICS සාමාජික රටවලින් ඉල්ලා සිටියේය.
“අපට මෙම රටවලින් නව BRICS මුදල් ඒකකයක් නිර්මාණය නොකරන බවට කැපවීමක් අවශ්‍ය වේ. බලවත් අමෙරිකානු ඩොලරය වෙනුවට වෙනත් මුදල් ඒකකයක් පසුපස නොයන බව හෝ පැවසිය යුතුය. එසේ නොවන්නේ නම් ඔවුන් 100% තීරුබදු වලට මුහුණ දෙනු ඇත, එමෙන්ම ඔවුන් පුදුම සහගත ලෙස අමෙරිකානු ආර්ථික ගනුදෙනුවලින් සමුගැනීමට අපේක්ෂා කළ යුතුය,” ට්‍රම්ප් පැවසීය.
- ceylonwire.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..