ඈවර කරන්න ගිය ත්‍රිපෝෂ සමාගම සෞඛ්‍ය විෂය පථයට එකතුකරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක බලයට පත්වීමෙන් පසු පත්කරන ලද පළමු කැබිනට් මණ්ඩලයේ විෂය පථය යටතේ ඈවර කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම නව කැබිනට් මණ්ඩලය යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විෂය පථයට එකතු කර ඇති අතර, එම සමාගම හරහා පෝෂණ ගුණයෙන් යුතු ආහාර සැපයීමට කටයුතු යොදා තිබේ.
ජනාධිපතිවරයා විසින් ඉකුත් සැප්තැම්බර් මස 27 වැනිදා නිකුත් කරන ලද අංක 2403/53 දරන අති විශේෂ ගැසට් පත්‍රය යටතේ පළමු කැබිනට් මණ්ඩලය යටතේ මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සංචාරක ආමාත්‍යාංශයේ විෂය පථයට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම අයත් වූ අතර, ඒ අනුව මෙම සමාගම ඈවර කිරීමට හෝ වෙනත් ආයතන සමග ඒකාබද්ධ කිරීමට නියමිත ආයතන ලැයිස්තුවට ඇතුළත් කෙරුණි.
කෙසේ නමුත්, ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමේ සූදානම සම්බන්ධයෙන් රජයට පසුගිය කාලයේදී විවිධ චොදනා එල්ල කෙරිණි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු පත්කරන ලද නව කැබිනට් මණ්ඩලයේ විෂය පථයන් නොවැම්බර් මස 25 වැනිදා අංක 2412/08 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කෙරුණු අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විෂය පථයට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම එකතු කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි