විදුලි ගාස්තු අඩු කිරීම මගහරින්න අලුත් පොටක් පාදගන්න හදනවා – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික
මෙතෙක් කර ඇති විදුලි ව්‍යාපෘති වෙනුවෙන් බිලියන තුන්සියයක් ගෙවීමට ඇති බවට විදුලි බල මණ්ඩලයේ බලධාරීන් මහා භාණ්ඩාගාරයට සහ අයිඑම්එෆ් නියෝජිතයන් වෙත ලිපියක් යවා ඇති බවත් මෙසේ ඔවුන් කරන්නේ විදුලි ගාස්තු අඩුකිරීම මගහැරීමට බවත් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (28දා) සඳහන් කළේය.
කොළඹදී ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මොහු මේ බව කීවේය.
"විදුලිබල මණ්ඩලය පසුගිය අවුරුදු දෙකේදී බිලියන 200කට අධික ලාභයක් ලබලා තියෙනවා. ඒ අනුව මෙවර විදුලි ගාස්තු සංශෝධනයේදී හරිනම් සීයට තිහක තිස්පහක විදුලි ගාස්තු අඩු කිරීමක් කරන්න පුළුවන්. එහෙම තියෙද්දි දැන් විදුලිබල මණ්ඩලයේ බලධාරීන් පසුගිය ව්‍යාපෘතිවලට බිලියන 300ක ණය ගෙවන්න තියෙනවා කියලා අයි.එම්.එෆ් එකට සහ මහා භාණ්ඩාගාරයට ලිපියක් යවලා. ඇත්තටම කියනව නම් මේ ව්‍යාපෘති අසම්පූර්ණ ව්‍යාපෘති. ඒවායේ බර විදුලි පාරිභෝගිකයන් පිට දමා ගාස්තු අඩු කිරීම නතර කරන්නයි මේ සූදානම් වන්නේ. මෙහෙම බැලුවොත් එහෙම සීයට හැටකින් විතර විදුලි ගාස්තු වැඩි කරන්න කියලත් මේ අය යෝජනා කරන්න පුළුවන්. ඒ නිසා අසම්පූර්ණ ව්‍යාපෘතිවල බර විදුලි පාරිභෝගිකයන් පිට නොදමා වහාම විදුලි ගාස්තු අඩු කිරීමට පියවර ගන්න කියලා අපි බලධාරීන්ට කියනවා. මේ පිළිබඳව වැඩිදුර කරුණු අපි මහජන උපයෝගීතා කොමිසමට වාර්තා කරන්න බලාපොරොත්තු වෙනවා."
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි