News Category
From Date
To Date
Maximum Number of Result

ඉතිහාසයේ වැඩිම රාජ්‍ය ආයතන ප්‍රමාණයක් ලග තබා ගත් නායකයා ජනපති අනුරයි - සුගීෂ්වර බණ්ඩාර

Nov 29, 2024 at 07:13 AM
|

‘දේශපාලන ඉතිහාසයේ වැඩිම රාජ්‍ය ආයතන ලග තබා ගත් රාජ්‍ය නායකයා ලෙස ජනපති අනුර ඉතිහාස ගත වෙනවා’ යයි නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කලේය.

“මහින්ද රාජක්ෂ ජනාධිපතිතුමාට,ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට රාජ්‍ය ආයතන තබා ගැනීම සම්බන්ධව චෝදනා කල අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාම රාජ්‍ය ආයතන 94 ක් තමන් යටතේ ගැසට් කර ගැනීම හාස්‍යයට කරුණක් බව නව ජනතා පෙරමුණේ නායක සූගීෂ්වර බණ්ඩාර මහතා පවසන ලදී .  මේ තුලින් ජනපති අනුර කුමාර දිසානායක මහතා වාර්තාවක් තබා ඇති බවත් එතුමා වැඩිම රාජ්‍ය ආයතන තමන් යටතට තබා ගත් රාජ්‍ය නායකයා ලෙස ඉතාහාසයට එක්වන බවත් එතුමා පවසන ලදී.

ජනාධිපතිතුමා තමන් යටතේ ආරක්ෂක ,ආර්ථික, ඩිජිටල් ආමාත්‍යාංශ යටතේ රාජ්‍ය ආයතන 94 ක් ගැසට් කර ගැනීම විමතියට පත්වන කරුණක් බවත් මේ තුලින් ආණ්ඩුව තුල ආර්ථික ඒකාධීපතිත්වය ජනාධිපතිතුමා හසුරුවන බවත් එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් එතුමා ප්‍රකාශ කර සිටියේය.

පසුගිය පාර්ලිමේන්තුව වැඩිහිටි නිවාසයක් යැයි උසුළු ,විසුළු කල ජාතික ජන බල වේගයේ සාමාජිකයින්ට අද ඔවුන් පත් කරගත් පාර්ලිමේන්තුව තුල ආර්ථිකය කළමනාකරණය කිරීම පිළිබදව පරිනත අත්දැකීම් ඇති  පුද්ගලයින් නොමැති බැවින් දැඩි අපහසුතාවයට පත් වී ඇති බවයි.

මැතිවරණ වේදිකාවේ ආර්ථිකය හසුරවමින් ආර්ථීක කළමනාකරණ ඔස්තාර්ලා ‍NPP ආණ්ඩුව සතුයි යැයි කොතරම් කයිවාරු ගැසුවත්  එවැනි කිසිවකු අනුර කුමාර ජනාධිපතිතුමා සමග නොමැති බව ජනාධිපතිතුමා විසින්  මුදල් ක්‍රම සම්පාදන ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය,මුදල් අමාත්‍යාංශය, තමන් යටතේ තබා ගැනීම තුලින්ම පැහැදිලි වේ.

එදා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මුදල් අමාත්‍යාශය /ආර්ථික අමාත්‍යංශය තමන් යටතේ තබා ගැනීම ප්‍රශ්න කල දැඩි විවේචනය කල අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා තමන් යටතේ එකී අමාත්‍යාංශ දැන් තබා ගනුයේ කිනම් පදනමෙන්ද ? එදා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිතුමා කතරගම දෙවියන් දැයි ඇසු ජනපති  අනුරගෙන් හා ජාතික ජන බලවේග ආණ්ඩුවෙන් දැන් අපට ඇසිය යුතු වන්නේ අනුර ජනපති සර්ව බලධාරී දෙවියන් හෝ කතරගම දෙවියන් ද කියාය .

ඊට අමතරව මේ ප්‍රධාන අමාත්‍යංශ තුන යටතේ ශ්‍රි  ලංකා ගුවන් සේවය, පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව, අපනයන ,ආනයන දෙපාර්තමේන්තුව,සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ශ්‍රි ලංකා ටෙලිකොම් පාලිත සමාගම්, මොබිටෙල් ආයතනය ආදි රටේ ප්‍රධානතම ආදායම් ලබන ආයතන 94 ක් තබා ගැනීම, ජාතික ජන බල වේග  ආණ්ඩුවේ අනිත් අමාත්‍යවරුන්ට ආදායම් ඇති ආයතන නැති තරම්ය .එමෙන්ම  ජනපතිගේ මේ ක්‍රියාවෙන් ආර්ථික ඒකාධිපතිවාදයක් තමන් සතු කර ගන්නා ලද බවක්ද පෙනි ගොස් ඇත. එය ජනපතිතුමන්ගේ බල තණ්හාවද නැතිනම් අන් පිරිසගේ නොහැකියාවද යන්න රටට ප්‍රකාශ කරන්නැයි අපි ජනපති අනුර මහතාගෙන් ඉල්ලා සිටිනවා. අද පාර්ලිමේන්තුව නොමේරු ළදරු ඒකකයක් බවට පත් වී ඇති බවය අපට පැහැදිලි වන්නේ .

මේ ආණ්ඩුව ජාතික ආරක්ෂාව තඹ සතේකට මායිම් නොකර ජාතික ආරක්ෂාවත් සමග  සෙල්ලම් කරමින් ඉන්නවා. මේ නිසා රට කෙමෙන් කෙමෙන් බෙදුම්වාදය හරහා ඊලම වෙත තල්ලු වේ දෝයි සාධාරණ බයක් අපිට තියෙනවා.

රටපුරා කදවුරු පිහිටුවමින් පාරවල් වසා දමා තිබ්බේ විනෝදෙට නෙමේ. උපාය මාර්ගිකව වැදගත් නිසා . ඇයි ආණ්ඩුවට මේ ගැන අද වන තුරු ආරක්ෂක අමාත්‍යංශයෙන් කිසිම පැහැදිලි කිරීමක් නෑ.  මේ කඳවුරු ඉවත් කරන්න පාරවල් අරින්න ඇයි මෙච්චර හදිස්සි.

අපි ආණ්ඩුවෙන් අහනවා මේ කඳවුරු ඉවත් කරන්න කලින් මේ පිළිබදව ආරක්ෂක කවුන්සලයේ මේ ගැන සාකච්ඡා කලාද? පලාලි අච්චුවේලි පාර විවෘත කරලා මේ වෙන කොටත් හමුදා කඳවුරු හතරක් උතුරේ ඉවත් කරලා. අපිට තොරතුරු ලැබිලා තියෙනවා මේ රටේ හිටපු අසහාය රණවිරුවකු වු හසලක ගාමිණි දිවපිදු අලිමංකඩ කඳවුරත් ඉවත් කරන්න සුදානම් බව. එම නිසා අපට සාධාරණ සැකයක් තිබෙනවා මේ හදන්නේ ජනපතිතුමා උතුරේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කරමින් රට බෙදුම්වාදයට ඇදගෙන යාමටද යන්න.

නොවැම්බර් 27 වන දින  L.T.T නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ 70 වැනි උපන්දිනය වෙනුවෙන්  යුද්ධයෙන් පසු පැවැත්වු දැවැන්තම මහවිරු සැමරුම පැවැත්වීම ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් වී ඇත. LTT සංවිධානය යනු ජාත්‍යන්තරව තහනම් සංවිධානයක් වේ. එය එංගලන්තය ,ඇමරිකාව වැනි රටවල පවා තහනම් කර තිබේ.  එහෙම තහනම් සංවිධානයක නායකයා සැමරීමට අප රටේ  ඉඩ දීමෙන් පෙනියන්නේ මේ ජාතික ජන බලවේග ආණ්ඩුව ජාතික ආරක්ෂාව ගැන එතරම් තැකීමක් නොමැති බවයි.

දැන් මෙම ආණ්ඩුවේ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මැතිතුමා කියනවා, තහනම් සංවිධානයක් උනත් කොඩි, ලාංජන, සංකේත ප්‍රදර්ශනය කරන්න පුළුවන් කියලා. මේක බරපතල ප්‍රකාශයක්. අපි මේ ප්‍රකාශය තරයේ හෙලා දකිනවා. එතුමාගේ එම ප්‍රකාශය බෙදුම්වාදයට උඩ ගෙඩි දීමකී. මිය ගිය අය සැමරුමට ,පහන් පත්තු කලාට මල් පුජා කලාට ගැටළුවක් නැත. එය අපිට ප්‍රශ්නයක් නොවේ. හැබැයි තහනම් සංවිධානයක නායකයා සමරන්න පුළුවන්ද , තහනම් ලාංඡන කොඩි ,පුවරු ප්‍රදර්ශනය කරන්න පුළුවන්ද ? මේ රටේ 27000 ක් රණවිරුවෝ ජීවිත පූජාකලේ,17 000 වැඩි පිරිසක් දෙඅත් ,දෙපා අහිමි කර ගත්තේ මේකටද? ඒ නිසා අපි නැවතත් මේ ආනන්ද විජේපාල මහතාගේ ප්‍රකාශය තරයේ හෙලා දකිනවා. අපි එතුමාගෙන් අහනවා මේ ඔබේ පෞද්ගලික මතයද? නැත්නම් ජනපති අනුර ප්‍රමුඛ ආණ්ඩුවේ මතයද කියලා .

අද මේ මහවිරු සැමරුම ගැන ආණ්ඩුවේ ඇමතිවරු අතරත් තියෙන්නේ පරස්පරයක්. රජයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය නලින් ද ජයතිස්ස මැතිතුමා කියනවා, එහෙම තහනම් සංවිධානයක ,කොඩි ,දජ ,ලාංජන,ප්‍රදර්ශනය තහනම් කියලා. මේ ආණ්ඩුවට අපි පැහැදිලිව කියනවා ජාතික ආරක්ෂාව අනතුරට ලක් කරන්න එපා කියන වග . අපි අහන්න කැමති, මහජන ආරක්ෂක ආමාත්‍යතුමාගෙන් මේ සැමරුම ගැන ඔබතුමා ගරු ජනාධිපතිතුමාව දැනුවත් කලාද? ආරක්ෂක කවුන්සලය දැනුවත් කළා ද යන්න . මේ තස්ත්‍ර සැමරුම නතර කිරීමට ගත් පූර්ව ආරක්ෂක ක්‍රියාමාර්ග මොනවාද යන්න රටට දැනුවත් කරන ලෙස.

රාජාසන කතාවේ දී ජනපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ උතුරේ මෙන්ම දකුණේ බෙදුම්වාදය අවසන් වගය. නමුත් ඒ පිළිබඳව ප්‍රකාශ කර පැය කීපයක් ගතවීමට මත්තෙන් උතුරේ බෙදුම් වාදය ආරම්භ කරන ලදී. මෙයට ද 68 ලක්ෂයක ජන වරම ඔහුට ජනතාව විසින ලබා දීම සිදු කරන ලද්දේ”

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ පැමිණිලි පහකට අදාළව අධිකරණය හමුවට පමුණුවනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා මේ මස 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
සමගි ජන බලවේගයේ කුරුණෑගල මැතිවරණ බල ප්‍රදේශයේ ප්‍රධාන සංවිධායක ධුරයෙන් සහ පක්ෂයේ දැරූ අනෙකුත් සියලු තනතුරුවලින් හිටපු රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ඉල්ලා අස්වී තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා එම කොමිසමේ සිට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එන ලදී.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර තිබේ.
ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.
චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.
පැවැත්වෙමින් පවතින විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක එම කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී උන්වහන්සේගේ සිවුර බලහත්කාරයෙන් ඉවත් කර ජම්පරයක් ඇන්දවීමට කටයුතු කර ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළේය.

ප්‍රධාන පුවත්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..

මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.

2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..

කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.