මුරුත්තෙට්ටු හිමි නෙරපන්නැයි මහා ශිෂ්‍ය සංගමය ජනපති අනුරට දන්වයි
පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ජනාධිපති අනුර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ආනන්ද හිමියන් ඉවත් කර ඒ වෙනුවට විශ්ව විද්‍යාලේ කීර්තිය හා ගෞරවය ආරක්ෂා කළ හැකි පුද්ගලයෙකු පත් කරන ලෙසද එම සංගමය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත.
අදාළ ලිපිය පහළින්...
අනුර කුමාර දිසානායක
ජනාධිපති,
ජනාධිපති ලේකම් කාර්‍යයාලය,
කොළඹ 01.
ජනාධිපතිතුමනි,
කොළඹ විශ්වවිද්‍යාලයේ ගෞරවාන්විත ම තනතුර වන කුලපති ධූරයට පසුගිය වකවානුව තුළ දේශපාලනික පත්කිරීමක් වශයෙන් පත් කෙරුණු මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සම්බන්ධව කලක පටන් කොළඹ විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ප්‍රජාවගේත්, සමස්ත සමාජයේත් දැඩි අප්‍රසාදයක් ප්‍රකාශ විය.
එයට හේතුව මුරුත්තෙට්ටුවේ හිමිගේ පත්කිරීමට පූර්වයේ කොළඹ විශ්වවිද්‍යාලයීය කුලපතිධූරයට තෝරා පත් කරගත් කුලපතිවරුන් එම භූමිකාවට ගැළපෙන සුදුසුකම් සහ මනා පරිචයකින් යුක්ත වූවන් වීමත් මෙම මුරුත්තෙට්‍ටුවේ හිමිගේ පත් කිරීම හුදෙක් එවකට රාජ්‍ය නායකයා ස්වකීය මැතිවරණ ව්‍යාපාරයට සහාය දැක්වීම වැනි පටු කාරණා පදනම් කරගෙන සිදු කිරීමත් ය.
එලෙසින් ධූරයේ පරමාභිලාෂය නොසලකමින් තම පටු අරමුනු මුදුන් පමුණුවා ගැනීමට එවකට ජනාධිපතිවරයා විසින් මුරුත්තෙට්ටුවේ හිමියන්ව පත්කරගැනීම පදනම් කරගෙන එයට විරුද්ධව බොහොමයක් පාර්ශව විවිධාකාර ක්‍රියාමාර්ග ගන්නා ලදි.
පසුගිය වකවානුවේ වසර ගණනාවක් ම කොළඹ විශ්වවිද්‍යාලයට අදාළව පැවති උපාධි ප්‍රදානෝත්සව කිහිපයකදී ම කුලපතිවරයා අතින් තම උපාධිය ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම එහිලා සුවිශේෂී අවස්ථාවකි. මෙවන් තත්ත්වයන් දිගින් දිගට ම සිදුවීම විශ්වවිද්‍යාලයේ කීර්තිනාමයට ද අති මහත් වූ කැළලකි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා විසින් පත් කරනු ලබන නාමමාත්‍රික තනතුරක් වුව ද විශ්වවිද්‍යාලයක කුලපති ධූරය වනාහි එකී විශ්වවිද්‍යාලයේ ගෞරවය, කීර්තිය පිළිබඳ ව ප්‍රකාශමාන වන සංකේතයක් බඳු ය.
විශ්වවිද්‍යාලයක අතිමූලික කර්තව්‍ය වන විද්‍යාර්ථීන් බිහි කිරීමේදී සිදු කෙරෙන උපාධි ප්‍රදානය කිරීමේ ප්‍රධානෝත්සවය වැනි වැඩසටහන්වල මූලාසනය හෙබවීම වැනි අවස්ථාවන් එම විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයට ලබා දෙන්නේ එහෙයිනි. විද්‍යාර්ථීන් තම වසර ගණනක මහන්සියේ අග්‍රඵලය බඳු උපාධිය ලබාගන්නේ බොහෝ විට එම උපකුලපතිගේ දෑතිණි. එහෙයින්, කුලපති ධූරය හුදු නාමික තානාන්තරයකින් ඔබ්බට ගිය සමස්ත විශ්වවිද්‍යාලයේ ම ගෞරවය පිළිබිඹු කරන කැඩපතක් වැනි ධූරයකි.
එම නිසා ඊට පත් කරනු ලබන තැනැත්තාගේ සුදුසුකම්, භාවිතාව සහ ක්‍රියාකලාපයන් සෘජුව ම ඔහු දරන තනතුරෙහි පැවැත්මට ද, ඊට අදාළ විශ්වවිද්‍යාලයේ තත්ත්වයට ද බලපානු ලබයි.
කොළඹ විශ්වවිද්‍යාලයීය කුලපති නාමාවලියේ ඉතිහාසය ගත් විට ලංකා විශ්වවිද්‍යාලය නමින් 1942 ආරම්භයේ පටන් 1981 වර්ෂය දක්වා ම විශ්වවිද්‍යාලයේ කුලපති වශයෙන් කටයුතු කර ඇත්තේ රාජ්‍ය නායකයා විසින් ය.
ඒ අනුව ශ්‍රීමත් අන්ඩෲ කැල්ඩිකොට් ආණ්ඩුකාරවරයාගේ පටන් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා දක්වා විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා වශයෙන් රාජ්‍ය නායකයා කටයුතු කර තිබේ.
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 16 වන වගන්තිය ප්‍රකාරව දිවයිනේ පිහිටුවන සෑම විශ්වවිද්‍යාලයකට ම ප්‍රධානියා ලෙස කුලපතිවරයෙකු පත් කිරීමට ජනාධිපතිවරයාට බලය පැවරිණි.
ඒ අනුව 1981 වර්ෂයේදී ප්‍රථම වතාවට රාජ්‍ය නායකයෙකු නොවන කුලපතිවරයෙකු වශයෙන් දේශමාන්‍ය ආචාර්‍ය, වෛද්‍ය පී.ආර්. ඇන්තනීස් මහතාව පත් කරන ලදි. ඒ මහතාගෙන් පසුව කොළඹ අගරදගුරු ආචාර්‍ය ඔස්වල්ඩ් ගෝමිස් දේවධර්මාචාර්‍යතුමන් කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය හොබවන ලදි.
අධ්‍යාපනික වශයෙන් ස්වකීය ක්ෂේත්‍රයන්හි පරතෙරට ගිය ඥානයෙන් ද, ඉන් සමාජයට සිදු කරන ලද සේවයෙන් ද, එසේම ඉන් පරිබාහිරව ජාතික සහ සාමයික වශයෙන් ද, සමස්ත රටට ම සේවය කළ වැදගත් පුද්ගලයන් කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයට පත්ව තිබෙන බව පෙනෙතත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් හුදෙක් දේශපාලන පත්කිමක් මිස අන්කිසිවක් එතුළ නැති බව මෙ වන විට ඕනෑවටත් වඩා තහවුරු කොට ඇත.
එහෙයින්, ඔබතුමන් වෙත පැවරි ඇති විධායක බලතලයන් හරහා කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය සඳහා විශ්වවිද්‍යාලයේ කීර්තිය සහ ගෞරවය ආරක්ෂා කළ හැකි ඊට වඩා සුදුසු පුද්ගලයෙකු නව කුලපතිවරයෙකු ලෙස පත් කිර්‍රමට අදාළ පියවර ගන්නා මෙන් ඉල්ලා ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.
ස්තුතියි!
මහා ශිෂ්‍ය සංගමය – කොළඹ විශ්වවිද්‍යාලය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි