News Category
From Date
To Date
Maximum Number of Result

වයිස් චාන්සලර් එලෙව්වේ ඇයි

Nov 26, 2024 at 10:57 AM
|

මේ වන විට රුහුණු විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති තුමා ඉවත් කිරීම සම්බන්ධයෙන් විවිධ මත සමාජ මාධ්‍ය ජාලා පරිශීලකයන් අතර හුවමාරු වෙනවා. ඉන් බොහොමයක් හිටපු කුලපතිවරයාට විරුද්ධව අදහස් දක්වන වත්මන් ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටි අයගේ අදහස්. ඒ අතර රුහුණු විශ්ව විද්‍යාලය ඇතුළු අනෙකුත් විශ්ව විද්‍යාල වල ආචාර්යවරුන්ගේ ආකල්ප සම්බන්ධයෙන්  මෙන්ම සමස්ථ විශ්ව විද්‍යාල ප්‍රජාවම  වෙලා ගෙන ඇති අර්බූදයේ තරම  සමාජයට හෙළිදරව් වන අදහස්ද තිබෙනවා. අප පහතින් පළ කරන්නේ එවැනි සමාජ ජාලා පරිශීලකයන් අතර හුවමාරු වූ අදහසකි..

සර් එක්ක වැඩිම අවුල තිබුනේ Agriculture Faculty එකේ lecturers ලා වෙන්න ඕන. මොකද සර් එන්න කලින් Faculty Farm එක ලක්ෂ 54 ක විතර loss එකක දිව්වේ. සර්ට ඕන උනා ඔය loss එක නැති කරලා farm එක profit කරවන්න.

සර් farm management commyittee එකට ඇවිල්ලා ඕක කතා කරාම lecturers ලා කියන්නේ farm තියෙන්නේ profit කරන්න නෙවෙයි කියලා. අනික් දේ ඔය farm products විකුනුවේ ගොඩක් අඩු මුදලකට. සර් කිව්වා පඩි ගන්න අයට මොකටද සහනාදාර? Market price එකට farm එකෙන් බඩු ගන්න කියලා. ඕකටත් කට්ටිය අවුලෙන් හිටියේ. 

ඔය faculty එකේ research products/vegetables වගෙ දේවල් සමහර departments වලින් farm outlet එකට දුන්නේ නෑ. ඒවා තමන්ට සහ ඒ ලමයින්ට අයිති කියලා තියා ගත්තා සමහර ආචාර්‍යවරු. එහෙම අය අතරේ බොහොම විනිවිදබාවයෙන් කටයුතු කරපු ආචාර්‍යවරු හිටියා. එයාලට ප්‍රශ්න දාපු උන්දැලාත් හිටියා ඕකේ. මම මගේ ඇස් දෙකට දැකලා තියෙනවා සමහර ආචාර්‍යවරුන්ගේ මේස උඩ salad cucumber තියෙනවා ලමයි කරපු research වල. ඕවා sir නවත්තන්න try කරා.  ඒ නිසාම සර් එක්ක ඔය මිනිස්සු අවුලෙන් හිටියේ. හිනා යන වැඩේ කියන්නේ ගෝටා ගෙ හොර නවත්තන්න කතා කරේ ඔහොම ආචාර්‍යවරු. 

මම Assistant Farm Manager විදියට වැඩ බාරගන්න ගියාම සර් මට එන්න කිව්වා office එකට. සර් අහම්බෙන් යන කොට agri faculty එක පැත්තේ landmaster එකක් පුරෝලා කොහිල අරන් ගිහින්. සර් හොයලා බැලුවම ඒක විකුනලා තියෙන්නේ කිලෝ එක රුපියල් 3.00 ගානේ. සර් ඕකට බැනලා මට කිව්වා ඔතනට ගිහින් හොරකම් වෙන එක නවත්තන්න. මේකේ උන් සේරම හොරු කියලා. සර් හොරු එක්ක පට්ට තරහින් වැඩ කරපු මනුස්සයෙක්. Farm management committee එකේ මට සමහර ආචාර්‍යවරු ගහන්න එන හැම වෙලාවකම සර් defend කරලා තියෙනවා. රුහුනේ තරම් මම හිතන්නේ nepotism නෑ වෙන කොහේවත්. සබරගමුවෙන් afm ආව එකට ගොඩක් අයට අවුලක් තිබුනා. 

තව රස කතාවක් උනා. Students ලා දෙන්නෙක් හතු ගැන research එකක් කරා. මට දැන් department එක මතක නෑ. Supervisor නම් ආන්ඩුවේ දැන් උපදේශක කෙනෙක්. 🙂 මේ ලමයි දෙන්නා මගේ farm supervisor කෙනෙක් එක්ක කතා කර කර ඉදලා supervisor ආවා ලමයි එක්කන් මම ගාවට. ඒ ලමයි කියපු ටික මෙහෙමයි.

ලමයා - Sir අපි research එක කරනවට අපිට කොහොම ද අපේ කොටස ලැබෙන්නේ?

මේ අහන එක මට තේරුනත් මම ආයේ ඒ ලමයාගෙන් තව පැහැදිලිව අහ ගන්න ඕන නිසා ආයේ ඇහුවා මට ඔයා කියන එක පැහැදිලි නෑ කියලා.

Sir මෙතන අපි මේ research එකට අපේ ශ්‍රමය දෙනවා. ඒකට අපිට අපේ කොටස අපිට mushroom ගන්නේ කොහොමද?

මම - මේ research එකට ඔයා සල්ලි ගෙදරින් ගෙනාවද?  නැත්තන් fund කොහොම ද ආවේ?

ලමයා- fund එකකින් කරන්නේ.

මම- fund එකක් කියන්නේ ජනතාවගේ බදු මුදල්. බාන්ඩාගාරය හරහා ඕවා එන්නේ. අපි ඕවට වග කියන්න ඕන. ඒ නිසා මට AFM විදියට එහෙම ඔයාලට කොටස් දෙන්න බෑ. ඔයාලට ඕනම නම් ඔයාගේ supervisor through letter එකකින් ඉල්ලන්න. මම එතකොට approval අරන් කොටස දෙන්නම්.


මේක කිව්වට පස්සේ මේ ලමයි farm එකට හතු දුන්නේ නෑ. නමුත් ඕකට farm account එකෙන් 20000+ වගේ ගිහින් තිබුනා. ලමයි දවස් 03ක් හතු දීලා තමයි ඕක මගෙන් ඇහුවේ. 


මම මේ ගැන සුජීව sir ට කිව්වා. සර් ලමයින්ගේ thesis ඉල්ලුවා බලන්න. කොහොමහරි ලමයින්ගේ results hold කරා පාඩුව ගෙවන්කන්. ඔහොම දඩුවම දුන්නට සමහර ආචාර්‍යවරු මටත් හොදට බැනලා තිබුනා. 😀. හැබැයි ඔය attitude එකේ නරක පැත්ත ඔය මිනිස්සු දැක්කේ නෑ. ඔන්න ඔහොමයි එයාලා හදන products. 


තමන් උග්න්වන farm එක loss කරම් රටේ agriculture sector එක profit කරවන්නේ කොහොමද කියලා සර් හැමවෙලේම ඇහුවේ. ඒකට තරහෙන් හිටියේ ඔය මිනිස්සු.


ලංකාවේ හොරකම නැතුව හරියට වැඩ කරන මිනිස්සුන්ට ඉන්න දෙන්නේ නෑ කොහොමත්. සර් වගේ කෙනෙක් යටතේ මාස 18 ක් වැඩ කරන්න ලැබුන එක සතුටුයි. සර් සර්ගේ උපරිමේ කරා. හොර මහචාර්‍යවරුන්ගෙ රෙදි ගැලෙව්වා. සර් පොරක් අර හයිනාවො එක්ක බලද්දී.


#මිස්ටර්ඇනොනිමස්

සම්බන්ධිත පුවත් | Related News

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.
ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ග්‍රාම නිලධාරින් හෙට (10) සහ අනිද්දා (11) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා දමා සේවයට වාර්තා නොකර සිටීමට තීරණය කර තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
විශ්වාසභංග යෝජනාවෙන් අධිකරණ ඇමතිවරයාව බේරා ගැනීමට කටයුතු කළද එයින් කිසිදු යහපත් ප්‍රතිඵලයක් හෝ වැඩක් සිදු නොවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසයි.
පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය කළ සමාගම් පහක් පසුගිය 2024 වසරේ හිඟ බදු ලෙස රුපියල් මිලියන 2,891ක් ගෙවිය යුතුව ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති නිශාන්ත ජයවීර පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කළේය. මෙලෙස ගෙවීමට ඇති හිඟ බදු ප්‍රමාණයෙන් මිලියන 2,723ක් එකතු කළ අගය මත බද්ද (VAT) වන අතර මිලියන 168ක් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.
Facebook, Messenger, Instagram සහ WhatsApp යන සමාජ මාධ්‍ය ජාල යොදාගනිමින් මහා පරිමාණයෙන් සිදුකෙරෙන සංවිධානාත්මක කප්පම් ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) සමත්ව තිබේ.
රටතුළ ජාතික ආරක්ෂාව දැනටමත් උපරිමයෙන් තහවුරු කර ඇති බවත්, වර්ථමානයේ රජයේ අවධානය යොමුව ඇත්තේ මහජන ආරක්ෂාව තහවුරු කිරීම කෙරෙහි බවත් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසයි.

ප්‍රධාන පුවත්

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.