
බැඳුම්කර නඩුව ගැන මහාධිකරණය ලබාදී තිබූ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි
පළමු මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පනවා තිබූ නඩුවේ පොදු දේපොළ පනත යටතට ගැනෙන චෝදනාවලින් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකු නිදොස් කොට නිදහස් කරමින් කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය මගින් ලබාදී තිබූ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවා තිබේ.
නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ අභියාචනයක් කැඳවූ අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල එම නියෝගය ලබාදී තිබේ.
එමෙන්ම කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ පවතින අදාළ නඩුවේ සෙසු චෝදනා විභාග කිරීම වළක්වාලමින් ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.
2015 වසරේ පෙබරවාරි මස 27 වැනි දින පැවති මහ බැංකු බැඳුම්කර වෙන්දේසියක දී රජයට අයත් රුපියල් මිලියන 688ක් සාවද්‍ය පරිහරණය කිරීම, ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23ක් යටතේ නීතිපතිවරයා විසින් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව එම නඩුව පවරා තිබුණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
