
ලෝක ඉතිහාසයේ ලොකුම ධනවතා එලෝන් මස්ක්
ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම අමෙරිකානු ව්‍යාපාරිකයකු සහ ලොව අංක එකේ ධනවතා වන එලොන් මස්ක් මෙතෙක් ලොව සිටි ධනවත්ම පුද්ගලයා ලෙස සුප්‍රකට ෆෝබ්ස් සඟරාව මගින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.
එම සඟරාවට අනුව මේවනවිට මස්ක්ගේ ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 334.3 කි.
අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමෙන් පසු මස්ක් හිමිකාරීත්වය දරන විද්‍යුත් වාහන සමාගමක් වන ටෙස්ලා හි කොටස් ඉහළ යෑමත් සමඟ ඔහු තවදුරටත් වාර්තා තබමින් මෑත ඉතිහාසයේ සිටින ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්ව ඇතැයි පැවසේ.
ඉකුත් ජනාධිපතිවරණ ප්‍රචාරක සමයේදී ට්‍රප්ම්ගේ ප්‍රභල පාක්ෂිකයකු ලෙස පෙනීසිටි මස්ක්, ට්‍රම්ප්ගේ ඇතැම් ප්‍රචාරක රැලිවලට පවා සහභාගි වෙමින් ඔහුගේ විශාලතම ආධාරකරු විය.
ඔහු අමෙරිකානු නව ‘රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව’ (DOGE) හි සභාපතිවරයා ලෙස පත්කර ඇත.
Forbes සඟරාවට අනුව, ඉකුත් සිකුරාදා වනවිට මස්ක්ගේ ශුද්ධ වතකම වාර්තාගත ලෙස ඩොලර් බිලියන 321.7 ක් විය.
නොවැම්බර් 22 වනවිට, ටෙස්ලා සමාගමේ කොටස් 3.8% කින් ඩොලර් බිලියන 7 ක වර්ධනයක් ලබාගනිමින් නව වසර 3.5 ක අවසන් ඉහළම අගය වන කොටසකට ඩොලර් 352.56 ක් ලෙස සටහන් විය.
මස්ක්ගේ ශුද්ධ වත්කම අනුව ඔහු දැන් ලොව දෙවැනි ධනවත්ම පුද්ගලයාට වඩා ඩොලර් බිලියන 80 කට වඩා ඉදිරියෙන් සිටින බව පැවසේ.
ඒ ඔරකල් සභාපති ලැරී එලිසන් වන අතර ෆෝබ්ස් සගරාවට අනුව ඔහුගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 235 කි.
මස්ක්ගේ ධනයෙන් වැඩි ප්‍රමාණයක් පැමිණෙන්නේ ඔහුගේ ටෙස්ලා හි ඩොලර් බිලියන 145 ක් වටිනා 13% ක කොටස්වලින් බව පැවසේ.
- ceylonwire
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
