ලෝක ඉතිහාසයේ ලොකුම ධනවතා එලෝන් මස්ක්
ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම අමෙරිකානු ව්‍යාපාරිකයකු සහ ලොව අංක එකේ ධනවතා වන එලොන් මස්ක් මෙතෙක් ලොව සිටි ධනවත්ම පුද්ගලයා ලෙස සුප්‍රකට ෆෝබ්ස් සඟරාව මගින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.
එම සඟරාවට අනුව මේවනවිට මස්ක්ගේ ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 334.3 කි.
අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමෙන් පසු මස්ක් හිමිකාරීත්වය දරන විද්‍යුත් වාහන සමාගමක් වන ටෙස්ලා හි කොටස් ඉහළ යෑමත් සමඟ ඔහු තවදුරටත් වාර්තා තබමින් මෑත ඉතිහාසයේ සිටින ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්ව ඇතැයි පැවසේ.
ඉකුත් ජනාධිපතිවරණ ප්‍රචාරක සමයේදී ට්‍රප්ම්ගේ ප්‍රභල පාක්ෂිකයකු ලෙස පෙනීසිටි මස්ක්, ට්‍රම්ප්ගේ ඇතැම් ප්‍රචාරක රැලිවලට පවා සහභාගි වෙමින් ඔහුගේ විශාලතම ආධාරකරු විය.
ඔහු අමෙරිකානු නව ‘රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව’ (DOGE) හි සභාපතිවරයා ලෙස පත්කර ඇත.
Forbes සඟරාවට අනුව, ඉකුත් සිකුරාදා වනවිට මස්ක්ගේ ශුද්ධ වතකම වාර්තාගත ලෙස ඩොලර් බිලියන 321.7 ක් විය.
නොවැම්බර් 22 වනවිට, ටෙස්ලා සමාගමේ කොටස් 3.8% කින් ඩොලර් බිලියන 7 ක වර්ධනයක් ලබාගනිමින් නව වසර 3.5 ක අවසන් ඉහළම අගය වන කොටසකට ඩොලර් 352.56 ක් ලෙස සටහන් විය.
මස්ක්ගේ ශුද්ධ වත්කම අනුව ඔහු දැන් ලොව දෙවැනි ධනවත්ම පුද්ගලයාට වඩා ඩොලර් බිලියන 80 කට වඩා ඉදිරියෙන් සිටින බව පැවසේ.
ඒ ඔරකල් සභාපති ලැරී එලිසන් වන අතර ෆෝබ්ස් සගරාවට අනුව ඔහුගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 235 කි.
මස්ක්ගේ ධනයෙන් වැඩි ප්‍රමාණයක් පැමිණෙන්නේ ඔහුගේ ටෙස්ලා හි ඩොලර් බිලියන 145 ක් වටිනා 13% ක කොටස්වලින් බව පැවසේ.
- ceylonwire
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..