
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
ඊයේ(23) නේටෝ විරෝධී සහ පලස්තීන හිතවාදී විරෝධතාකරුවෝ මොන්ට්‍රියල් නගරයේ වීදිවලට පැමිණ සටන් පාඨ කියමින් මෝටර් රථවලට ගිනි තබා කඩ සාප්පු ඉදිරිපස විනාශ කර සිටියදී පොලිසිය එම ක්‍රියාවන් වැලැක්වීමට ගත් උත්සාහයේදී අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.කැනඩාවේ Francophone නගරයේදී මේ මස 23 සහ 24 යන දිනයන්හිදී NATO හි වාර්ෂික සමුළුව පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
නේටෝ විරෝධී පෙලපාලිකරුවන් පිරිසක් 22දා පස්වරුවේ නගර මධ්‍යයේ උද්‍යානයක රැස්ව සිටි අතර, ඒ අසල පැවති ඊශ්‍රායල විරෝධී පෙළපාලියක් සමඟ එකතු වූ බව කැනඩා පොලිසිය ප්‍රාදේශීය මාධ්‍ය වෙත පැවසීය.
https://twitter.com/i/status/1860135216989503876
මුලදී සාමකාමී වුවත්, ඊශ්‍රායල විරෝධී කණ්ඩායම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ අනුරුවක් පුළුස්සා, කැරලි මර්දන නිලධාරීන් වෙත ගිනිදැල්වු අයිතමයන් මගින් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගැනීමෙන් පසු විරෝධතාව ප්‍රචණ්ඩකාරී වූ බව පොලිසිය පවසයි.
පසුව වෙස්මුහුණු පැළඳ ගත් කලහකාරීන් පිරිසක් Rene-Levesque Boulevard වෙත අවතීර්ණ වෙමින් කාර්ය බහුල වාණිජ මංසන්ධිය දිගේ ජනෙල් කඩා දැමූහ. පොලිස් නිලධාරීන් පිරිස විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට පෙර පිරිස වාහන දෙකකට ගිනි තබා ඇත.ගැටුමේදී නිලධාරීන්ට පහරදුන් බව කියන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
https://twitter.com/i/status/1860126996350795923
නේටෝ නියෝජිතයන් සිය ගනනක් මොන්ට්‍රියල් වෙත කන්ඩායමේ වාර්ෂික සමුලුව පැවැට්ජ්හ්වීම සඳහා පැමිණි විට විරෝධතා සිදු විය. 22 ද සිට 25 දා දක්වා දිවෙන, සමුළුවට මිසයිල ආරක්ෂණය, දේශගුණික විපර්යාස සහ "ජයග්‍රහණය තෙක් යුක්රේනයට සහාය දීම" පිළිබඳ ඉහළ මට්ටමේ සාකච්ඡා ඇතුළත් වනු ඇත.
ව්ලැඩිමීර් සෙලෙන්ස්කි මේ මස මුලදී කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ සමඟ පැවැත්වූ සාකච්ඡාවෙන් පසුව යුක්රේන නායකයා නිවේදනය කළේ වසර අවසන් වන විට කැනඩාව NASAMS ගුවන් ආරක්ෂක පද්ධතියක් යුක්රේනයට සපයන බවයි.
https://twitter.com/i/status/1860118160311218437
විරෝධතාවලට දිනකට පෙර, දස දහස් ගනනක් පලස්තීන හිතවාදී සිසුන් පන්ති වර්ජනයක නිරත වූ අතර පන්තිවලට සහභාගී වීම ප්‍රතික්ෂේප කළ මොන්ට්‍රියෙල්හි කොන්කෝඩියා විශ්ව විද්‍යාලයේ ඊශ්‍රායලයට විරෝධී සිසුන් සහ පෙලපාලිකරුවන් ඊශ්‍රායලයට පක්ෂ කණ්ඩායම් අතර ගැටුම් ඇති විය.සිසු වර්ජනයට නායකත්වය දෙන වාමාංශික ශිෂ්‍ය කන්ඩායමක් පැවසුවේ, ගාසා තීරයේ සිදුවෙමින් පවතින ජන සංහාරයට නේටෝව පිටුබලය දෙන බවට චෝදනා කරමින් සමුලුව සමග සමපාත වීමට කාලය එළඹ ඇති බවයි.
Anti-NATO protesters burn cars in Canada (VIDEOS)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
