
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්‍රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
සියලු ආකාරයේ ජාතිවාදයන්ට සහ ආගමික අන්තවාදයන්ට හිස එසවීමට කිසිදු ඉඩක් නොතබන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ(21) සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් සිදුකළ 'අවධාරණය' බෙහෙවින් අගය කරන බවත් එසේම සියලු ආකාරයේ ජාතිවාදයන්ගේත් ආගමික අන්තවාදයන්ගේත් විසකුරු ප්‍රකාශනය වන බෙදුම්වාදයට ද කිසිදු ඉඩක් නොතබන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා සඳහන් කළේය.
අද(22) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේ සඳහන් කළේය.
මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ මොරටුව නගර සභාවේ හිටපු මන්ත්‍රී සුරේෂ් ඉන්දික, සීතාවකපුර ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී චන්දන ලියනගේ යන මහත්වරු ද එක්ව සිටියහ.
ජාතික ජන බලවේගයට ලැබුණු ජනවරම ජාතිවාදයට පමණක් නොව එහි විසකුරු ප්‍රකාශනයක් වන බෙදුම්වාදයට ද විරුද්ධ ජනවරමක් බව උතුරේ ජනතාව මැනවින් සනාථ කර ඇති බවත් ඊට හොඳම නිදසුන වන්නේ උතුරේ ජනතාව විසින් ප්‍රකට දෙමළ බෙදුම්වාදියෙකු මෙන්ම ඊළම තම එකම සිහිනය බවට පත් කරගත් එම්. ඒ. සුමන්තිරන් මෙවර මැතිවරණයෙන් ගෙදර යැවීම බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
එසේම රට පුරා දිස්ත්‍රික්ක ගණනාවක මැතිවරණ ප්‍රතිඵල අනුව සකලවිද ආගමික අන්තවාදයන් ද ජනතාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව පෙනී යන බවත් රවුෆ් හකීම් වැනි ආගමික අන්තවාදී මහජන නියෝජිතයන් මෙවර පාර්ලිමේන්තු මනාප කඩඉම පසු කර ඇත්තේ ඉතා අපහසුවෙන් බවත් සමරවීර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
නමුත් ඊළාම් ඩයස්‌පෝරාව, ජාතික ජන බලවේගයට ලැබුණු ජනවරම වැරදි ආකාරයට අර්ථගන්වා තම බෙදුම්වාදී අරමුණු සපුරා ගැනීමට එය "ඉනිමඟක්" කර ගැනීමට උත්සාහ කර ගනිමින් සිටින බවට ඒ මහතා මෙහි දී අනතුරු ඇඟවූයේය. ඒ බව ජාතික ජන බලවේගයේ මැතිවරණ ජයග්‍රහණයට ජනාධිපතිවරයාට සුබ පතමින් "කැනේඩියානු දෙමළ කොංග්‍රසය" යොමු කළ සුබ පැතුම් ලිපියෙන් මනාව පැහැදිලි වන බව ද සමරවීර මහතා කීය. එම ලිපියේ සඳහන් ඉල්ලීම් අතර පොලිස් බලතල සහිතව 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම, බෙදුම්වාදය සහිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම, උතුරු නැගෙනහිර විහාරස්ථාන සංවර්ධනය සහ ආරක්‍ෂා කිරීම නතර කිරීම වැනි දෙමළ බෙදුම්වාදී වුවමනාවන් ඇතුළත් බව ද සමරවීර මහතා වැඩිදුරටත් කීය.
එසේම ඊළාම් ඩයස්‌පෝරාවේ අනුග්‍රහයෙන් "දන් වළඳන" ඊනියා භික්ෂූන් කිහිපදෙනකු දැන් 13 සම්පූර්ණයෙන් බලාත්මක කිරීම, රණවිරු දඩයම, උතුරු නැගෙනහිර හමුදා කඳවුරු ඉවත් කිරීම හා ත්‍රිව්ද හමුදා දුර්වල කොට, දුර්මුඛ කිරීම අරමුණු කරගත් "හිමාලයා ප්‍රකාශනය" නම් වූ ව්‍යාපෘතියක් ජාතික සමගියේ මුවාවෙන් ජනාධිපතිවරයාට භාරදීමේ උත්සාහයක නිරත වන බව ද මහතා අනාවරණය කළේය.
මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ.
2024-11-22
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
