News Category
From Date
To Date
Maximum Number of Result

යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).

Nov 22, 2024 at 01:10 PM
|

ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඕනෑම ආක්‍රමණයකට තීරණාත්මක ප්‍රතිචාරයක් ලබා දෙන බවට ශපථ කර ඇති අතර, යුක්‍රේනය සහ රුසියාව අතර යුද ආතතිය  උත්සන්න කිරීම සම්බන්ධයෙන් බටහිර රටවල මැදිහත් වීම විවේචනය කරනු ලැබීය. එලෙසම, යුක්රේන ගැටුම විසඳීම සඳහා සාම සාකච්ඡා වල නිරත වීමට මොස්කව්හි ඇති කැමැත්ත නැවත අවධාරණය කරනු ලැබ ඇත. ක්‍රෙම්ලිනය විසින් ප්‍රකාශයට පත් කරන ලද පුටින් විසින් කරන ලද ප්‍රකාශයක මේ බව දක්වා තිබේ.

ක්‍රෙම්ලිනය විසින් මාධ්‍යට නිකුත් කරන ලද පුටින් කළ ප්‍රකාශය පහත දැක්වේ.


විශේෂ හමුදා මෙහෙයුමේ කලාපයේ මේවන විට සිදුවෙමින් පවතින සිදුවීම්, විශේෂයෙන් බටහිර විසින් යුක්‍රේනයට සැපයූ දිගු දුර ආයුධ වලින් අපගේ භූමියට එරෙහි ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව, රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදාවන්හි හමුදා නිලධාරීන්ට, අපේ රටේ පුරවැසියන්ට, ලොව පුරා සිටින අපගේ මිතුරන්ට සහ රුසියාවට උපායමාර්ගික පරාජයක් ලබා දිය හැකිය යන මිත්‍යාවේ වෙලී සිටින සියලු දෙනා වෙත මෙලෙස අපගේ ස්ථාවරය ප්‍රකාශ කරමි. 

බටහිරයන් විසින් උසිගැන්වීම හේතුවෙන් යුක්රේන-රුසියා ගැටුම උත්සන්න වීම, එක්සත් ජනපදය සහ එහි නේටෝ සහචරයින් රුසියානු සමූහාණ්ඩුව තුලට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඔවුන්ගේ දිගු-දුර අධි-නිරවද්‍ය අවි භාවිතා කිරීමට අවසර දෙන බව පසුගියදා නිවේදනය කිරීමත් සමග තීව්ර වී තිබේ. යුද විශේෂඥයන් හොඳින් දන්නා පරිදි රුසියානු පාර්ශවය නැවත නැවතත් අවධාරණය කරනු ලැබ ඇත්තේ, ඉහත කී යුද අවි නිෂ්පාදනය කරන ජාතීන්ගේ මිලිටරි විශේෂඥයින් සෘජුව මැදිහත්වීමකින් තොරව එවැනි ආයුධ භාවිතා කිරීම කළ නොහැකි බවයි.

පසුගිය නොවැම්බර් 19 වෙනිදා, එක්සත් ජනපදය විසින් නිෂ්පාදනය කරන ලද ATACMS උපායික බැලස්ටික් මිසයිල හයක් මගින් සහ නොවැම්බර් 21 දින, එක්සත් ජනපදය විසින් නිෂ්පාදනය කරන ලද බ්‍රිතාන්‍ය ස්ටෝම් ෂැඩෝ පද්ධති සහ HIMARS පද්ධති යොදාගෙන කළ ඒකාබද්ධ මිසයිල ප්‍රහාරයන් මගින්, රුසියානු සමූහාණ්ඩුවට අයත්  බ්‍රයන්ස්ක්  කලාපයේ සහ කර්ස්ක්  කලාපයේ ස්ථානගත කර ඇති හමුදා පහසුකම් වලට පහර දෙනු ලැබුවා.එතැන් සිට, මීට පෙර අප විසින් නැවත නැවතත් අවධාරණය කර ඇති පරිදි, බටහිර විසින් කුපිත කිරීම හේතුවෙන් හටගත් යුක්රේනයේ කලාපීය ගැටුම ගෝලීය ගැටුමක් ලෙස උපකල්පනය කර ඇත. අපගේ ගුවන් ආරක්ෂක පද්ධති මෙම ආක්‍රමණවලට සාර්ථකව ප්‍රතිප්‍රහාර එල්ල කළ අතර සතුරාට ඔවුන්ගේ  අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීමට නොහැකි තත්වයක් උදා කළේය.

ATACMS මිසයිලවල සුන්බුන් වැටීම හේතුවෙන් බ්‍රයන්ස්ක් කලාපයේ පතොරම් ගබඩාවේ ඇති වූ ගින්න ජීවිත හානි හෝ සැලකිය යුතු හානියකින් තොරව නිවා දමා ඇත. කර්ස්ක් කලාපයේ, ප්‍රහාරය අපගේ උතුරු කණ්ඩායමේ එක් අණදෙන ඒකකයකක් ඉලක්කයට ලක් විය. අපගේ කනගාටුවට හේතු වූ කරුණක් නම්, ප්‍රහාරයෙන් සහ ඉන් පසුව ඇති වූ ගුවන් ආරක්ෂක සටනේ ප්‍රතිඵලයක් ලෙස දේශ සීමා ආරක්ෂක ඒකක සහ සේවා කාර්ය මණ්ඩල වල නිලධාරින්ට ජීවිත හානි සහ තුවාල සිදු වීමය. කෙසේ වෙතත්, පාලන මධ්‍යස්ථානයේ සහ මෙහෙයුම් කාර්ය මණ්ඩලයට කිසිදු හානියක් සිදු නොවූ අතර, කර්ස්ක් කලාපයෙන් සතුරු ඒකක තුරන් කිරීම සහ පලවා හැරීම සඳහා අපගේ හමුදාවන් මෙහෙයුම් ඵලදායි ලෙස කළමනාකරණය කරමින් සිටිති.

බටහිරින් සපයන එවැනි  ආයුධ සතුරා විසින් භාවිතා කිරීම විශේෂ හමුදා මෙහෙයුම් කලාපයේ සිදුවන සටන් මෙහෙයුම් සඳහා බලපෑ නොහැකි බව නැවත වරක් අවධාරණය කිරීමට කැමැත්තෙමි. මේ වන විට අපගේ හමුදාවන් සමස්ත සම්බන්ධතා රේඛාව ඔස්සේ සාර්ථක ප්‍රගතියක් ලබා ඇති හෙයින් අප විසින් ඉලක්ක කර ඇති සියලු අරමුණු ඉටු වනු ඇත.

ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය දිගු දුර ආයුධ යෙදවීමට ප්‍රතිචාර වශයෙන්, නොවැම්බර් 21 දින, රුසියානු සන්නද්ධ හමුදා යුක්රේනයේ ආරක්ෂක කාර්මික සංකීර්ණය තුළ පිහිටි යුද හමුදා සැපැයුම් මධ්‍යස්ථානයකට ඒකාබද්ධ ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය. පාලිත තත්වයන් තුළ, අපි රුසියාවේ නවතම මධ්‍යම දුර මිසයිල පද්ධතියක පරීක්ෂණ ද සිදු කළෙමු. ඒවා, අපගේ ඉංජිනේරුවන් ඔරෙෂ්නික් ලෙස නම් කරන ලද න්‍යෂ්ටික නොවන හයිපර්සොනික් බැලස්ටික් මිසයිලයක් රැගෙන යමින් පරීක්ෂණ  සාර්ථක බව තහවුරු කර ඇත. ඒ අනුව දියත් කිරීමේ අපේක්ෂිත අරමුණ සාක්ෂාත් කර ගනිමින් පරීක්ෂණ සාර්ථක වී තිබේ. යුක්රේනයේ Dnepropetrovsk නගරයේ, මිසයිල සහ අනෙකුත් ආයුධ නිෂ්පාදනය අඛණ්ඩව සිදු කරන සෝවියට් සමූහාණ්ඩුවේ යුගයේ සිට පැවැති විශාලතම හා වඩාත්ම ප්‍රසිද්ධ කාර්මික සංකීර්ණ වලින් එකක් මේ ප්‍රහාර වලින් හානි සිදුව තිබෙන බව තහවුරු වී තිබේ..

යුරෝපයේ සහ ආසියා පැසිෆික් කලාපයේ අතරමැදි දුර සහ කෙටි දුර මිසයිල නිපදවීමට සහ යෙදවීමට එක්සත් ජනපද සැලසුම් වලට ප්‍රතිචාර වශයෙන් අපි අතරමැදි දුර සහ කෙටි දුර මිසයිල සංවර්ධනය කරමින් සිටිමු. කිසිදු සම්බන්ධයක් නැති ව්‍යාජ හේතු ඉදිරිපත් කරමින් 2019 දී INF(Intermediate-range Nuclear Forces) ගිවිසුම ඒකපාර්ශ්විකව කඩා බිඳ දැමීමෙන් එක්සත් ජනපදය වැරැද්දක් කර ඇති බව අපි විශ්වාස කරමු. අද, එක්සත් ජනපදය එවැනි උපකරණ නිෂ්පාදනය කරනවා පමණක් නොව, අපට පෙනෙන පරිදි, එහි හමුදා සඳහා පුහුණු අභ්‍යාසවලදී යුරෝපය ඇතුළු ලෝකයේ විවිධ ප්‍රදේශවලට එහි දියුණු මිසයිල පද්ධති යෙදවීමට ක්‍රම සකස් කර තිබේ. එපමණක් නොව, මෙම අභ්‍යාස අතරතුර, ඔවුන් ඒවා භාවිතා කිරීම සඳහා පුහුණුවක්ද ලබා දෙති. 

ලෝක ජනයා දැනුවත් කිරීමක් ලෙස, රුසියාව ස්වේච්ඡාවෙන් හා ඒකපාර්ශ්විකව මේ ආකාරයේ එක්සත් ජනපද ආයුධ ලෝකයේ ඕනෑම කලාපයක ස්ථානගත කරන තුරු අතරමැදි දුර සහ කෙටි දුර මිසයිල රැඳවීම් නොකිරීමට කැපවී ඇති බව දන්වා සිටිමි.

නැවත අවධාරණය කිරීම සඳහා, අපි රුසියාවට එරෙහිව නේටෝවේ ආක්‍රමණශීලී ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර වශයෙන් Oreshnik මිසයිල පද්ධතියේ ප්‍රහාරක හැකියාව සම්බන්ධ පරීක්ෂණ පවත්වමු. අතරමැදි පරාස සහ කෙටි දුර මිසයිල තවදුරටත් යෙදවීම පිළිබඳ අපගේ තීරණය එක්සත් ජනපදයේ සහ එහි සහචරයන්ගේ ක්‍රියාමාර්ග මත රඳා පවතින බව අවධාරණය කරමු.

රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂාවට ඇති තර්ජන මත පදනම්ව අප සතු දියුණු මිසයිල පද්ධතිවල කරනු ලබන වැඩිදුර පරීක්ෂණ වලදී අපි ඉලක්ක තීරණය කරන්නෙමු. අපගේ ආර්ථිකමය, යුදමය ආදී මර්මස්ථානවලට එරෙහිව යුක්‍රේනයට ආයුධ භාවිතා කිරීමට ඉඩ දෙන රටවල හමුදා පහසුකම්වලට එරෙහිව අපගේ ආයුධ භාවිතා කිරීමට අපට අයිතියක් ඇතැයි අපි සලකනු ලබන අතර ආක්‍රමණශීලී ක්‍රියාවන් උත්සන්න වුවහොත්, අපි තීරණාත්මකව මෙන්ම සමානරූපීව ප්‍රතිචාර දක්වන්නෙමු. රුසියාවට එරෙහිව තම හමුදා බලඇණි යොදා ගැනීමට සැලසුම් සකස් කරන රටවල පාලක ප්‍රභූන් මෙය බැරෑරුම් ලෙස සලකා බලන ලෙස මම අවධාරනය කරමි. 

අවශ්‍ය නම් සහ පළිගැනීමේ පියවරක් ලෙස යුක්රේන භූමියේ ස්ථාන වලට ඔරෙෂ්නික් වැනි පද්ධති මගින් පහර දිය යුතු ඉලක්ක තෝරාගැනීමේදී, එම ප්‍රදේශවල වෙසෙන සිවිල් වැසියන්ට සහ මිත්‍ර රටවල පුරවැසියන්ට අනතුරුදායක කලාපවලින් ඉවත් වන ලෙස අපි කල්තියාම දැනුම් දෙන්නෙමු. මානුෂීය හේතූන් මත අපි එසේ කරනු ලබන්නෙමු. විවෘතව සහ ප්‍රසිද්ධියේ එවැනි තොරතුරු බෙදා හැරීමේදී මෙම තොරතුරු ඔවුන්ටද ලැබෙනු ඇති අතර සතුරාගෙන් එන ප්‍රති-ප්‍රහාරවලට බිය නොවී අපි එම තොරතුරු බෙදා ගන්නා බව අවධාරණය කරමු. 

බිය නොවී යනුවෙන් අපි අවධාරණය කරන්නේ ඇයි? මක්නිසාද යත් යුක්‍රේනය හෝ ඔවුන්ට ආධාර අනුබල දෙන කිසිදු රටකට අප සතු එවැනි ආයුධවලට ප්‍රතිප්‍රහාර එල්ල කළ හැකි ක්‍රම නොමැති නිසාය.අප ඉලක්ක වලට පහර දෙන්නේ MACH 10 වේගයෙන් හෙවත් තත්පරයට කිලෝමීටර් 2.5ත් 3ත් අතර වේගයකින් ගමන් ගන්නා මිසයිල වලින් බව අවධාරණය කරමි. දැනට ලෝකයේ පවතින කිසිදු ගුවන් ආරක්ෂක පද්ධතියකට හෝ ඇමරිකානුවන් විසින් නිර්මාණය කර යුරෝපයේ  ස්ථානගත කර ඇති මිසයිල ආරක්ෂණ පද්ධති වලට අප සතු එවැනි මිසයිල වලට බාධා කළ නොහැකියි. එනම් එය කළ නොහැක්කකි.

ජාත්‍යන්තර ආරක්ෂක පද්ධතිය විනාශ කළේ රුසියාව නොව එක්සත් ජනපදය බවත්, දිගටම සටන් කරමින්, ඔවුන් සතු ආධිපත්‍යයේ එල්බගෙන, ඔවුන් මුළු ලෝකයම ගෝලීය ගැටුමකට තල්ලු කරමින් සිටින බවත් නැවත වරක් අවධාරණය කරමි.

සාමකාමී මාර්ගයෙන් සියලු ආරවුල් විසඳා ගැනීමට අපි සැමවිටම කැමැත්තක් දක්වන අතර දැන් වුවත් එයට සූදානම් බව අවධාරණය කරමි. නමුත් ඕනෑම තත්වයකට අපි සූදානම් බවද දැඩිව අවධාරණය කරමු .

යමෙකුට අප පවසන දේ සම්බන්ධයෙන් තවමත් සැකයක් ඇත්තේ නම්, වරදක් නොකරන ලෙස අවවාද කරමු: අපි සෑම විටම සෑම දෙයටම ප්‍රතිචාර දක්වනු ඇත.

Putin outlines Moscow’s response to Ukraine escalation (FULL SPEECH)

සම්බන්ධිත පුවත් | Related News

රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටළු සහ අර්බුද සඳහා මෙතෙක් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන්, ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස සහ සිවුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙන් ආරම්භ කරන බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසති.
විවිධ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත වන හෝ සිරදඬුවම් නියම වන භික්ෂූන් වහන්සේලා සිවුරු පිටින් බන්ධනාගාරයෙන් බැහැරව රඳවා තබා ගැනීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කරමින්, ඊට අදාළ නීතිමය රෙගුලාසි කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යාංශයට උපදෙස් ලබා සුන් බව ඒ සාකච්චාවට ඒක් වූ මල්වතු මහා විහාරීය නියෝජිත ලේඛකාධිකාරී පූජ්‍ය මහවෙල රතනපාල හිමියන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි.
ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉතා නින්දිත ආකාරයෙන් ගලවා ඉවත් කළ බවත්, මේ සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපතිවරයා විසින් භික්ෂූන් වහන්සේලා කැඳවා සිදුකරන ලද්දේ හුදෙක් රංගනයක් පමණක් බවත් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි පවසති.
ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.
සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ප්‍රධාන පුවත්

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.