News Category
From Date
To Date
Maximum Number of Result

යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).

Nov 22, 2024 at 01:10 PM
|

ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඕනෑම ආක්‍රමණයකට තීරණාත්මක ප්‍රතිචාරයක් ලබා දෙන බවට ශපථ කර ඇති අතර, යුක්‍රේනය සහ රුසියාව අතර යුද ආතතිය  උත්සන්න කිරීම සම්බන්ධයෙන් බටහිර රටවල මැදිහත් වීම විවේචනය කරනු ලැබීය. එලෙසම, යුක්රේන ගැටුම විසඳීම සඳහා සාම සාකච්ඡා වල නිරත වීමට මොස්කව්හි ඇති කැමැත්ත නැවත අවධාරණය කරනු ලැබ ඇත. ක්‍රෙම්ලිනය විසින් ප්‍රකාශයට පත් කරන ලද පුටින් විසින් කරන ලද ප්‍රකාශයක මේ බව දක්වා තිබේ.

ක්‍රෙම්ලිනය විසින් මාධ්‍යට නිකුත් කරන ලද පුටින් කළ ප්‍රකාශය පහත දැක්වේ.


විශේෂ හමුදා මෙහෙයුමේ කලාපයේ මේවන විට සිදුවෙමින් පවතින සිදුවීම්, විශේෂයෙන් බටහිර විසින් යුක්‍රේනයට සැපයූ දිගු දුර ආයුධ වලින් අපගේ භූමියට එරෙහි ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව, රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදාවන්හි හමුදා නිලධාරීන්ට, අපේ රටේ පුරවැසියන්ට, ලොව පුරා සිටින අපගේ මිතුරන්ට සහ රුසියාවට උපායමාර්ගික පරාජයක් ලබා දිය හැකිය යන මිත්‍යාවේ වෙලී සිටින සියලු දෙනා වෙත මෙලෙස අපගේ ස්ථාවරය ප්‍රකාශ කරමි. 

බටහිරයන් විසින් උසිගැන්වීම හේතුවෙන් යුක්රේන-රුසියා ගැටුම උත්සන්න වීම, එක්සත් ජනපදය සහ එහි නේටෝ සහචරයින් රුසියානු සමූහාණ්ඩුව තුලට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඔවුන්ගේ දිගු-දුර අධි-නිරවද්‍ය අවි භාවිතා කිරීමට අවසර දෙන බව පසුගියදා නිවේදනය කිරීමත් සමග තීව්ර වී තිබේ. යුද විශේෂඥයන් හොඳින් දන්නා පරිදි රුසියානු පාර්ශවය නැවත නැවතත් අවධාරණය කරනු ලැබ ඇත්තේ, ඉහත කී යුද අවි නිෂ්පාදනය කරන ජාතීන්ගේ මිලිටරි විශේෂඥයින් සෘජුව මැදිහත්වීමකින් තොරව එවැනි ආයුධ භාවිතා කිරීම කළ නොහැකි බවයි.

පසුගිය නොවැම්බර් 19 වෙනිදා, එක්සත් ජනපදය විසින් නිෂ්පාදනය කරන ලද ATACMS උපායික බැලස්ටික් මිසයිල හයක් මගින් සහ නොවැම්බර් 21 දින, එක්සත් ජනපදය විසින් නිෂ්පාදනය කරන ලද බ්‍රිතාන්‍ය ස්ටෝම් ෂැඩෝ පද්ධති සහ HIMARS පද්ධති යොදාගෙන කළ ඒකාබද්ධ මිසයිල ප්‍රහාරයන් මගින්, රුසියානු සමූහාණ්ඩුවට අයත්  බ්‍රයන්ස්ක්  කලාපයේ සහ කර්ස්ක්  කලාපයේ ස්ථානගත කර ඇති හමුදා පහසුකම් වලට පහර දෙනු ලැබුවා.එතැන් සිට, මීට පෙර අප විසින් නැවත නැවතත් අවධාරණය කර ඇති පරිදි, බටහිර විසින් කුපිත කිරීම හේතුවෙන් හටගත් යුක්රේනයේ කලාපීය ගැටුම ගෝලීය ගැටුමක් ලෙස උපකල්පනය කර ඇත. අපගේ ගුවන් ආරක්ෂක පද්ධති මෙම ආක්‍රමණවලට සාර්ථකව ප්‍රතිප්‍රහාර එල්ල කළ අතර සතුරාට ඔවුන්ගේ  අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීමට නොහැකි තත්වයක් උදා කළේය.

ATACMS මිසයිලවල සුන්බුන් වැටීම හේතුවෙන් බ්‍රයන්ස්ක් කලාපයේ පතොරම් ගබඩාවේ ඇති වූ ගින්න ජීවිත හානි හෝ සැලකිය යුතු හානියකින් තොරව නිවා දමා ඇත. කර්ස්ක් කලාපයේ, ප්‍රහාරය අපගේ උතුරු කණ්ඩායමේ එක් අණදෙන ඒකකයකක් ඉලක්කයට ලක් විය. අපගේ කනගාටුවට හේතු වූ කරුණක් නම්, ප්‍රහාරයෙන් සහ ඉන් පසුව ඇති වූ ගුවන් ආරක්ෂක සටනේ ප්‍රතිඵලයක් ලෙස දේශ සීමා ආරක්ෂක ඒකක සහ සේවා කාර්ය මණ්ඩල වල නිලධාරින්ට ජීවිත හානි සහ තුවාල සිදු වීමය. කෙසේ වෙතත්, පාලන මධ්‍යස්ථානයේ සහ මෙහෙයුම් කාර්ය මණ්ඩලයට කිසිදු හානියක් සිදු නොවූ අතර, කර්ස්ක් කලාපයෙන් සතුරු ඒකක තුරන් කිරීම සහ පලවා හැරීම සඳහා අපගේ හමුදාවන් මෙහෙයුම් ඵලදායි ලෙස කළමනාකරණය කරමින් සිටිති.

බටහිරින් සපයන එවැනි  ආයුධ සතුරා විසින් භාවිතා කිරීම විශේෂ හමුදා මෙහෙයුම් කලාපයේ සිදුවන සටන් මෙහෙයුම් සඳහා බලපෑ නොහැකි බව නැවත වරක් අවධාරණය කිරීමට කැමැත්තෙමි. මේ වන විට අපගේ හමුදාවන් සමස්ත සම්බන්ධතා රේඛාව ඔස්සේ සාර්ථක ප්‍රගතියක් ලබා ඇති හෙයින් අප විසින් ඉලක්ක කර ඇති සියලු අරමුණු ඉටු වනු ඇත.

ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය දිගු දුර ආයුධ යෙදවීමට ප්‍රතිචාර වශයෙන්, නොවැම්බර් 21 දින, රුසියානු සන්නද්ධ හමුදා යුක්රේනයේ ආරක්ෂක කාර්මික සංකීර්ණය තුළ පිහිටි යුද හමුදා සැපැයුම් මධ්‍යස්ථානයකට ඒකාබද්ධ ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය. පාලිත තත්වයන් තුළ, අපි රුසියාවේ නවතම මධ්‍යම දුර මිසයිල පද්ධතියක පරීක්ෂණ ද සිදු කළෙමු. ඒවා, අපගේ ඉංජිනේරුවන් ඔරෙෂ්නික් ලෙස නම් කරන ලද න්‍යෂ්ටික නොවන හයිපර්සොනික් බැලස්ටික් මිසයිලයක් රැගෙන යමින් පරීක්ෂණ  සාර්ථක බව තහවුරු කර ඇත. ඒ අනුව දියත් කිරීමේ අපේක්ෂිත අරමුණ සාක්ෂාත් කර ගනිමින් පරීක්ෂණ සාර්ථක වී තිබේ. යුක්රේනයේ Dnepropetrovsk නගරයේ, මිසයිල සහ අනෙකුත් ආයුධ නිෂ්පාදනය අඛණ්ඩව සිදු කරන සෝවියට් සමූහාණ්ඩුවේ යුගයේ සිට පැවැති විශාලතම හා වඩාත්ම ප්‍රසිද්ධ කාර්මික සංකීර්ණ වලින් එකක් මේ ප්‍රහාර වලින් හානි සිදුව තිබෙන බව තහවුරු වී තිබේ..

යුරෝපයේ සහ ආසියා පැසිෆික් කලාපයේ අතරමැදි දුර සහ කෙටි දුර මිසයිල නිපදවීමට සහ යෙදවීමට එක්සත් ජනපද සැලසුම් වලට ප්‍රතිචාර වශයෙන් අපි අතරමැදි දුර සහ කෙටි දුර මිසයිල සංවර්ධනය කරමින් සිටිමු. කිසිදු සම්බන්ධයක් නැති ව්‍යාජ හේතු ඉදිරිපත් කරමින් 2019 දී INF(Intermediate-range Nuclear Forces) ගිවිසුම ඒකපාර්ශ්විකව කඩා බිඳ දැමීමෙන් එක්සත් ජනපදය වැරැද්දක් කර ඇති බව අපි විශ්වාස කරමු. අද, එක්සත් ජනපදය එවැනි උපකරණ නිෂ්පාදනය කරනවා පමණක් නොව, අපට පෙනෙන පරිදි, එහි හමුදා සඳහා පුහුණු අභ්‍යාසවලදී යුරෝපය ඇතුළු ලෝකයේ විවිධ ප්‍රදේශවලට එහි දියුණු මිසයිල පද්ධති යෙදවීමට ක්‍රම සකස් කර තිබේ. එපමණක් නොව, මෙම අභ්‍යාස අතරතුර, ඔවුන් ඒවා භාවිතා කිරීම සඳහා පුහුණුවක්ද ලබා දෙති. 

ලෝක ජනයා දැනුවත් කිරීමක් ලෙස, රුසියාව ස්වේච්ඡාවෙන් හා ඒකපාර්ශ්විකව මේ ආකාරයේ එක්සත් ජනපද ආයුධ ලෝකයේ ඕනෑම කලාපයක ස්ථානගත කරන තුරු අතරමැදි දුර සහ කෙටි දුර මිසයිල රැඳවීම් නොකිරීමට කැපවී ඇති බව දන්වා සිටිමි.

නැවත අවධාරණය කිරීම සඳහා, අපි රුසියාවට එරෙහිව නේටෝවේ ආක්‍රමණශීලී ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර වශයෙන් Oreshnik මිසයිල පද්ධතියේ ප්‍රහාරක හැකියාව සම්බන්ධ පරීක්ෂණ පවත්වමු. අතරමැදි පරාස සහ කෙටි දුර මිසයිල තවදුරටත් යෙදවීම පිළිබඳ අපගේ තීරණය එක්සත් ජනපදයේ සහ එහි සහචරයන්ගේ ක්‍රියාමාර්ග මත රඳා පවතින බව අවධාරණය කරමු.

රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂාවට ඇති තර්ජන මත පදනම්ව අප සතු දියුණු මිසයිල පද්ධතිවල කරනු ලබන වැඩිදුර පරීක්ෂණ වලදී අපි ඉලක්ක තීරණය කරන්නෙමු. අපගේ ආර්ථිකමය, යුදමය ආදී මර්මස්ථානවලට එරෙහිව යුක්‍රේනයට ආයුධ භාවිතා කිරීමට ඉඩ දෙන රටවල හමුදා පහසුකම්වලට එරෙහිව අපගේ ආයුධ භාවිතා කිරීමට අපට අයිතියක් ඇතැයි අපි සලකනු ලබන අතර ආක්‍රමණශීලී ක්‍රියාවන් උත්සන්න වුවහොත්, අපි තීරණාත්මකව මෙන්ම සමානරූපීව ප්‍රතිචාර දක්වන්නෙමු. රුසියාවට එරෙහිව තම හමුදා බලඇණි යොදා ගැනීමට සැලසුම් සකස් කරන රටවල පාලක ප්‍රභූන් මෙය බැරෑරුම් ලෙස සලකා බලන ලෙස මම අවධාරනය කරමි. 

අවශ්‍ය නම් සහ පළිගැනීමේ පියවරක් ලෙස යුක්රේන භූමියේ ස්ථාන වලට ඔරෙෂ්නික් වැනි පද්ධති මගින් පහර දිය යුතු ඉලක්ක තෝරාගැනීමේදී, එම ප්‍රදේශවල වෙසෙන සිවිල් වැසියන්ට සහ මිත්‍ර රටවල පුරවැසියන්ට අනතුරුදායක කලාපවලින් ඉවත් වන ලෙස අපි කල්තියාම දැනුම් දෙන්නෙමු. මානුෂීය හේතූන් මත අපි එසේ කරනු ලබන්නෙමු. විවෘතව සහ ප්‍රසිද්ධියේ එවැනි තොරතුරු බෙදා හැරීමේදී මෙම තොරතුරු ඔවුන්ටද ලැබෙනු ඇති අතර සතුරාගෙන් එන ප්‍රති-ප්‍රහාරවලට බිය නොවී අපි එම තොරතුරු බෙදා ගන්නා බව අවධාරණය කරමු. 

බිය නොවී යනුවෙන් අපි අවධාරණය කරන්නේ ඇයි? මක්නිසාද යත් යුක්‍රේනය හෝ ඔවුන්ට ආධාර අනුබල දෙන කිසිදු රටකට අප සතු එවැනි ආයුධවලට ප්‍රතිප්‍රහාර එල්ල කළ හැකි ක්‍රම නොමැති නිසාය.අප ඉලක්ක වලට පහර දෙන්නේ MACH 10 වේගයෙන් හෙවත් තත්පරයට කිලෝමීටර් 2.5ත් 3ත් අතර වේගයකින් ගමන් ගන්නා මිසයිල වලින් බව අවධාරණය කරමි. දැනට ලෝකයේ පවතින කිසිදු ගුවන් ආරක්ෂක පද්ධතියකට හෝ ඇමරිකානුවන් විසින් නිර්මාණය කර යුරෝපයේ  ස්ථානගත කර ඇති මිසයිල ආරක්ෂණ පද්ධති වලට අප සතු එවැනි මිසයිල වලට බාධා කළ නොහැකියි. එනම් එය කළ නොහැක්කකි.

ජාත්‍යන්තර ආරක්ෂක පද්ධතිය විනාශ කළේ රුසියාව නොව එක්සත් ජනපදය බවත්, දිගටම සටන් කරමින්, ඔවුන් සතු ආධිපත්‍යයේ එල්බගෙන, ඔවුන් මුළු ලෝකයම ගෝලීය ගැටුමකට තල්ලු කරමින් සිටින බවත් නැවත වරක් අවධාරණය කරමි.

සාමකාමී මාර්ගයෙන් සියලු ආරවුල් විසඳා ගැනීමට අපි සැමවිටම කැමැත්තක් දක්වන අතර දැන් වුවත් එයට සූදානම් බව අවධාරණය කරමි. නමුත් ඕනෑම තත්වයකට අපි සූදානම් බවද දැඩිව අවධාරණය කරමු .

යමෙකුට අප පවසන දේ සම්බන්ධයෙන් තවමත් සැකයක් ඇත්තේ නම්, වරදක් නොකරන ලෙස අවවාද කරමු: අපි සෑම විටම සෑම දෙයටම ප්‍රතිචාර දක්වනු ඇත.

Putin outlines Moscow’s response to Ukraine escalation (FULL SPEECH)

සම්බන්ධිත පුවත් | Related News

ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 130ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 07 වනදා සිදුකිරීමට ලංසු කැදවයි.
හෙළයේ මහැදුරු මහාචාර්ය නලින් ද සිල්වා මැතිඳුන්ගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය ඉකුත් දා කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණි.
තමන්ව රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරයෙන් ඉවත් කරන ලද්දේ වර්තමාන ආණ්ඩුවට සම්බන්ධ ආචාර්ය සංගම්වල නියෝජිතයන් සහ ආණ්ඩුවට සම්බන්ධ ශිෂ්‍ය සංගම් විසින් බව රුහුණු විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා පවසයි.
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.
ජුනි මාසයේ විදුලි ගාස්තු ඉහළ යනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක අනාවරණ කර තිබේ.
අද වන විට මෙරට බියර් සමාගම් සඳහා බදු රහිතව සහල් ආනයනය කිරීමට අවස්ථාව ලබා දී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තුන් දින රාජ්‍ය සංචාරය අරඹමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී විශේෂ පරීක්ෂාවකට ලක්කර ඇතැයි වාර්තා වෙයි.
පළාත් පාලන මැතිවරණයට අදාළව සිදුකෙරන සියලු ප්‍රචාරක කටයුතු අද (03) මැදියම් රැයෙන් අවසන් වන බව මැතිවරණ කොමිසම පවසයි.

ප්‍රධාන පුවත්

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.