අන්තර්ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරයි
නෙදර්ලන්තයේ හේග් හි පිහිටි අන්තර්ජාතික අපරාධ අධිකරණය මගින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, එරට හිටපු ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් සහ හමාස් සංවිධානයේ හිටපු නායකයකු වන මොහොමඩ් ඩයබ් ඊබ්‍රාහිම් අල්-මස්රි (මොහමඩ් ඩීෆ්) අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබේ.
වරෙන්තු මගින් ඊශ්‍රායලයේ නෙතන්යාහුට සහ ගැලන්ට්ට “මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ යුද අපරාධ” චෝදනා එල්ල කරයි.
අන්තර්ජාතික අපරාධ අධිකරණය කියාසිටින්නේ නිලධාරීන් දෙදෙනා දැනුවත්ව ගාසා තීරයේ සිවිල් ජනතාවට ඔවුන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය දෑ අහිමි කළ බවට විශ්වාස කිරීමට සාධාරණ හේතු ඇති බවයි.
ඊශ්‍රායලය ජූලි මාසයේදී මරාදැමූ බව කියන හමාස් සංවිධානයේ හිටපු ප්‍රධානියෙකු වන ඩීෆ්ට එරෙහි වරෙන්තුව “මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ යුද අපරාධ” සම්බන්ධයෙන් නිකුත් කර ඇත.
එය ඊශ්‍රායල ජාතිකයන් 1,139ක් ඝාතනය කෙරුණු ඔක්තෝබර් 7 ප්‍රහාරයන් සහ ඊශ්‍රායලය ඉලක්ක කර එල්ල කෙරුණු රොකට් ප්‍රහාරවලට අදාළව බව පැවැසේ.
ඊශ්‍රායලයේ විපක්ෂ නායක Yair Lapid සහ හිටපු ආරක්ෂක අමාත්‍ය Avigdor Lieberman ඇතුළු ප්‍රමුඛ පෙළේ ඊශ්‍රායල නිලධාරීන් කිහිපදෙනකු ඊශ්‍රායල නායකයන්ට එරෙහි වරෙන්තු හෙළාදැක තිබේ.
එය අසාධාරණ බව සහ එමගින් නිරූපණය කෙරෙන්නේ අන්තර්ජාතික ප්‍රජාවගේ දෙබිඩි පිළිවෙත බව ද ඔවුහු පවසති.
- ceylonwire
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..