
ජර්මනියෙන් චීනයට තර්ජන
(German Foreign Minister Annalena Baerbock gestures during an EU Foreign Affairs Council meeting in Brussels, Belgium, Novemer 18, 2024 © Olivier Matthys / Pool via AP)යුරෝපා සංගමයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන්, රුසියානු-යුක්‍රේන ගැටුම මධ්‍යයේ චීනය රුසියාවට මිලිටරි සහාය ලබා දෙන බවට තිබෙන මෑත කාලීන බුද්ධි තොරතුරු සාකච්ඡා කිරීමට රැස් වූ බ්‍රසල්ස් හි පැවති රැස්වීමකදී ජර්මානු විදේශ ඇමතිනි ඇනලේනා බෙයර්බොක් විසින් සම්බාධක පනවන බවට බීජින පාලනයට තර්ජනය කර ඇත.
ඊයේ(18) පැවැති රැස්වීමට පෙර, යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේ, “බුද්ධි මූලාශ්‍රවල වාර්තා” “රුසියාවට නැව්ගත කරන ඩ්‍රෝන යානා නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාව චීනය භූමිය තුළ පවතින බව ” පෙන්වා දුන් බවයි. නම් නොකළ මූලාශ්‍ර තොරතුරු වලට අනුව එම චෝදනා "ඒත්තු ගැන්විය හැකි" සහ "විශ්වසනීය" ලෙස විස්තර කළ නමුත් චීනය සහ රුසියාව අතර සෘජු මිලිටරි සහයෝගීතාවයක් තිබෙන බවට පැහැදිලි සාක්ෂි නොමැති බව පිළිගනු ලැබීය.
යුරෝපා සංගම් විදේශ ඇමතිවරුන්ගේ රැස්වීමෙන් පසු ජර්මානු විදේශ ඇමතිනි බෙයර්බොක් වාර්තාකරුවන්ට පැවසුවේ එවැනි සහයෝගීතාවයක් තහවුරු වුවහොත් එම කණ්ඩායම අවශ්‍ය පියවර ගන්නා බවයි.
"අපි ඉරානයට එරෙහිව තවදුරටත් නව සම්බාධක හඳුන්වා දෙන අතර, චීන ඩ්‍රෝන් ආධාර සම්බන්ධයෙන් ද මෙය ක්‍රියාත්මක වෙනවා. මන්ද මෙම ක්‍රියාවටද අනිවාර්යෙන් ප්‍රතිවිපාක ලබා දිය යුතු බැවිනි." යනුවෙන් වැඩිදුර තොරතුරු ලබා නොදී බෙයර්බොක් පැවසීය.
ඉතාලි විදේශ අමාත්‍ය ඇන්ටෝනියෝ ටජානි ද ප්‍රශ්නය සම්බන්ධයෙන් සමාලෝචනය කරමින්, “විශාල වැරැද්දක්” කිරීමට එරෙහිව බීජිනයට අනතුරු අඟවා “තත්වය උග්‍රවීම වැලැක්වීම සඳහා චීනයට පණිවිඩයක් යැවීමේ” වැදගත්කම අවධාරනය කළේය.
චීනය එම චෝදනා “පදනම් විරහිත අනුමානයක් සහ අපහාසයක්” ලෙස ප්‍රතික්ෂේප කර ඇති අතර, චිනය “හමුදා නිෂ්පාදන අපනයනය විචක්ෂණශීලීව හා වගකීමෙන් යුතුව හසුරුවන” බව අවධාරණය කර ඇත.
"අපි කිසි විටෙකත් ගැටුමේ කිසිදු පාර්ශවයකට මාරාන්තික ආයුධ ලබා දී නොමැති අතර, නීති සහ රෙගුලාසිවලට අනුකූලව මිලිටරි සහ ද්විත්ව භාවිත ඩ්‍රෝන අපනයනය දැඩි ලෙස පාලනය කරනවා" යනුවෙන් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලින් ජියන් ඊයේ(18) පැවසීය.
ආයුධ නිෂ්පාදනයට අදාළ භාණ්ඩ රුසියාවට සපයන බවට බටහිර චෝදනා මධ්‍යයේ, චීනය මිලිටරි අරමුණු සඳහා භාවිතා කළ හැකි සියලුම සිවිල් ඩ්‍රෝන යානා අපනයනය කිරීම තහනම් කිරීම ජූලි මාසයේදී හඳුන්වා දුන්නේය.
"යුක්රේන අර්බුදය සම්බන්ධයෙන්, චීනය වෛෂයික සහ සාධාරණ ස්ථාවරයක් උසුලන අතර, යුක්රේන අර්බුදයේ ගින්නට ඉන්ධන එකතු කරන දෙබිඩි ප්‍රමිති ක්‍රියාත්මක කරන ඇතැම් රටවල් සමඟ තියුනු ලෙස වෙනස් වන සාම සාකච්ඡා ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කර ඇති බව මම නැවත තහවුරු කිරීමට කැතියි.” ලින් ජියන් වැඩිදුරටත් පැවසීය.
පසුගිය මාසයේ, එක්සත් ජනපදය විසින් ඩ්‍රෝන් එන්ජින් සහ කොටස් නිෂ්පාදනය කරන චීන සමාගම් දෙකකට ඔවුන්ගේ නිෂ්පාදන රුසියාවට නැව්ගත කරන බව පවසමින් සම්බාධක පැනවූයේ, දිගු දුර මිනිසුන් රහිත ගුවන් යානා මගින් යුක්‍රේනයට පහර දීමට රුසියානු හමුදාවට හැකි වූ බවද අවධාරණය කරමිනි. සැප්තැම්බර් මාසයේදී, ටෙහෙරානය විසින් මොස්කව් වෙත බැලස්ටික් මිසයිල සහ UAV සැපයීමේ චෝදනාව මත පදනම්ව එක්සත් ජනපදය ඉරානයට නව සම්බාධක ප්‍රකාශයට පත් කළේය. උතුරු කොරියාව රුසියාවට කාලතුවක්කු උණ්ඩ සපයන බවටත් මෑතක සිට රුසියාවට සහය වීමට හමුදා එවූ බවටත් ඇමෙරිකාව චෝදනා කළේය.
යුක්රේන මිලිටරිය සම්පූර්ණයෙන්ම පාහේ විදේශ ආධාර මත යැපෙනවා මෙන්ම යුක්‍රේන ආණ්ඩුව රාජ්‍ය ආයතන ක්‍රියාත්මක කිරීම සහ සේවකයින්ට වැටුප් ගෙවීම ජාත්‍යන්තර අරමුදල් මත රඳා පවතී. පෙන්ටගනයේ සංඛ්‍යාලේඛනවලට අනුව 2022 පෙබරවාරියේ සිට එක්සත් ජනපදය යුක්රේනය සඳහා ඩොලර් බිලියන 182.99ක් වෙන් කර ඇති අතර එයින් ඩොලර් බිලියන 86.7ක් මේවන විට ලබා දී ඇත. ජර්මනියේ ලෝක ආර්ථිකය සඳහා වන කීල් ආයතනයේ දත්ත වලට අනුව, එක්සත් රාජධානිය ඇතුළු යුරෝපීය ජාතීන් එම කාලය තුළ යුක්රේනය පවත්වා ගෙන යාම වෙනුවෙන් ඩොලර් බිලියන 127 ක පමණ දායකත්වයක් ලබා දී ඇත.
Germany issues threat to China
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
