
විදුලි ගාස්තු වැඩිවීමෙන් ව්‍යාපාර විසිදහසක් වැසීයාමේ අවදානමක් - ගාමිණී වලේබොඩ හෙළිකරයි
විදුලිය බිල යළිත් වරක් වැඩිවීම හේතුවෙන් කම්හල් සහ ව්‍යාපාර ස්ථාන පහළොස් දහසත් විසි දහසත් අතර සංඛ්‍යාවක් ඉදිරියේදී වැසී යෑමේ බරපතළ අවදානමක් මතුව ඇතැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා රජයට පෙන්වා දෙයි.
අද රටේ බොහෝ කම්හල් සහ ව්‍යාපාරික ස්ථාන අධික විදුලි බිල හේතුවෙන් පවත්වාගෙන යන්නේ ඉතාම අමාරුවෙන් බවද ඔහු සඳහන් කරයි.
ජනතාවගේ මෙම ප්‍රශ්නයට රජය කඩිනම් විසඳුමක් දීම ඉතා වැදගත් බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා විදුලිය අඩුවෙන් වැය වන විදුලි බල්බ සහනදායි ක්‍රමයට හෝ නොමිලයේ හඳුන්වාදීම, සූර්ය පැනල ඉතා අඩු වාරික යටතේ ගෙවීමේ ක්‍රමයට ලබා දීම වැනි ප්‍රායෝගික ක්‍රියාමාර්ගවලට යොමු වියයුතු බවද සඳහන් කරයි.
විදුලිය පරිභෝජනය අඩු කිරීම සඳහා විවිධ විකල්ප ක්‍රම අත්හදා බැලීම සහ ඒවා ජනතාවට හඳුන්වා දීමට රජය කටයුතු කළ යුතු බවත් මේ සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමට ඒ පිළිබඳ අවබෝධයක් ඇති විද්වතුන්ට විශේෂඥයන්ට පැවරිය හැකි බවත් ඒ මහතා පවසයි.
අධික විදුලි බිල,ඉන්ධන මිල ඇතුළු හේතු කාරණා හේතුවෙන් කම්හල් සහ විවිධ ව්‍යාපාරික ස්ථාන ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් දැනටමත් වැසී ගොස් ඇතැයි පැවසූ ගාමිණී වලේබොඩ මහතා මේ ආයතන බොහොමයක් වැසී ගියේ කොරෝනාවලින් පසුව ආර්ථිකයේ ඇතිවූ අර්බුදය හේතුවෙන් බවද ප්‍රකාශ කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
