එක්සත් ජනපදය සැපයූ මිසයිල යොදාගෙන රුසියානු භුමියේ අභ්‍යන්තරය ඉලක්ක වලට ප්‍රහාර එල්ල කිරීමට බයිඩන් යුක්‍රේනයට අවසර දෙයි- නිව් යෝර්ක් ටයිම් පුවත් පත
නම සඳහන් කිරීමට අකමැති වූ ඇමරිකානු නිලධාරීන් උපුටා දක්වමින් ඉරිදා(17) පලවූ නිව් යෝර්ක් ටයිම්ස් පුවත් පත වාර්තා කළේ , 2014 ට පෙර රුසියාවේ පැවැති දේශසීමා වල ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා ඇමරිකානු දිගු දුර මිසයිල භාවිතා කිරීමට එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩෙන් යුක්රේනයට අවසර දී ඇති බවයි.
පුවත්පත පවසන වාර්තාව නිවැරදි එකක් වන්නේ නම් වොෂින්ටනයේ රුසියානු-යුක්‍රේන ගැටුම සම්බන්ධයෙන් වන ප්‍රතිපත්තියේ විශාල වෙනසක් සනිටුහන් කරන අතර මොස්කව් සහ කියෙව් අතර ගැටුමේ තීව්ර අවස්ථාව වනු ඇති බව යුද විශ්ලේෂකයෝ පවසති.
කෙසේ වුවද ධවල මන්දිරය තවමත් මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් දක්වා නොමැත.
දරුණු සටන් පවතින රුසියාවේ කර්ස්ක් කලාපයේ රුසියානු හමුදාවන්ට සහ උතුරු කොරියානු හමුදාවන්ට එරෙහිව යුක්රේනය හමුදා උපායික මිසයිල පද්ධති (ATCMS) යෙදවීමට අපේක්ෂා කරන බවද වාර්තාව වැඩිදුරටත් පවසයි. ප්‍යොංයැන්ග් හමුදා රුසියාවේ ක්‍රියාත්මක වන බවට මෙතෙක් තහවුරු කළ සාක්ෂි නොමැති වුවද, උතුරු කොරියානු හමුදාවන් රුසියාවේ සිටින බව පැවසීම ප්‍රතිපත්ති වෙනස් කිරීම සඳහා සාධාරණීකරණය කිරීමේ අවස්ථාවක් ලෙස භාවිතා කර ඇත.
ATACMS මිසයිල 2022 සිට යුක්රේනයේ අවි ගබඩාවේ තිබූ HIMARS මිසයිල විදින වලින් දියත් කළ හැකිය. කියෙව් හමුදාවට අප්‍රේල් මාසයේ සිට ATACMS මිසයිල තිබූ නමුත් මේ වන තෙක් වොෂින්ටනය විසින් යුක්රේනියානු යැයි සැලකෙන ගොඩබිම තුළ පමණක් භාවිතා කිරීමට සීමා වී ඇත. ATACMS මිසයිල ශබ්දයේ වේගයෙන් ගමන් කරන අතර කිලෝමීටර් 300 (සැතපුම් 190) පරාසයකට ඉලක්ක කිරීමේ හැකියාව ඇත.
"මෙම පියවර සැලකිය යුතු යුද ආතතියක් අඇති කිරීමක් වන අතර එය මොස්කව් වෙතින් සෘජු ප්‍රතිතිචාරයක් ඇති කළ හැකිය" යනුවෙන් වාර්තාව සඳහන් කරයි. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නැවත නැවතත් අනතුරු අඟවා ඇත්තේ ඇමරිකාව විසින් සපයන ලද අවි ආයුධ සමඟ රුසියාව ජාත්‍යන්තරව පිළිගත් භූමියට එල්ල කරන ඕනෑම ප්‍රහාරයක් නේටෝව සෘජුවම ගැටුමට සම්බන්ධ වන බව සලකනු ඇති බවයි. එවැනි ක්‍රියා බටහිර අවශ්‍යතාවලට එරෙහිව පළිගැනීම් ඇතුළු දරුණු ප්‍රතිවිපාකවලට තුඩු දිය හැකි බව පුටින් අනතුරු ඇඟවීම් කරනු ලැබීය.
නිව් යෝක් පුවත් පත වාර්තා කළ ආකාරයට එක්සත් ජනපදයේ ප්‍රතිපත්ති මාරුව ජනාධිපති ජෝ බයිඩන්ගේ උපදේශකයින් අතර මතවාදී බෙදීමක් පවා ඇති කර තිබේ. මොස්කව් හමුදා අනුගමනය කරන්නේ යැයි පැවසෙන මිලිටරිමය පියවරයන්ට එරෙහිව මෙම වෙනස අත්‍යවශ්‍ය බව එම උපදේශකයන්ගෙන් ඇතැමුන් තර්ක කරන අතර තවත් සමහරු එම ආතතීන් තව දුරටත් තීව්‍ර කර පුලුල් ගැටුමක් ඇති වෙනු ඇතැයි යන අවදානම සම්බන්ධයෙන් බිය පළ කරති.
යුක්රේනය සන්නද්ධ කිරීම සඳහා ආධාර අනුබල දෙන පිරිස් විශ්වාස කරන්නේ එක්සත් ජනපදයේ පෙර පැකිලීම මොස්කව් ධෛර්යමත් කර ඇති බවයි. කෙසේ වුවද සමහර විවේචකයෝ ඇමරිකානු සහ බටහිර යුරෝපීය වත්කම්වලට එරෙහිව රුසියානු පළිගැනීම් සිදුවිය හැකි බවට අනතුරු අඟවනු ලබති.
මේ අතර නිව්යෝක් ටයිම්ස් පුවත් වාර්තාව ද අවධාරණය කරන්නේ යුක්රේන හමුදාව මුලින්ම කර්ස්ක් හි රුසියානු සහ උතුරු කොරියානු හමුදා මධ්‍යස්ථාන ඉලක්ක කළ හැකි නමුත්, ප්‍රහාර වෙනත් ප්‍රදේශවලට ව්‍යාප්ත කළ හැකි බවයි.
ATACMS හි දිගුකාලීන හැකියාවන් යුක්රේනයට රුසියානු භූමියේ අභ්‍යන්තර ප්‍රදේශ වෙත පහර දීමට ඉඩ සලසන අතර සැපයුම් මාර්ග සහ හමුදා ඒකාරශිවීම් අවුල් කළ හැකිය.
දිගු දුර ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව දියුණු කිරිම සඳහා කියෙව් තුළ වන ආයාචනය දිගුකාලීනව පැවති එකකි. පුවත් පත වාර්තා කරන ලද බයිඩන් විසින් ලබා දුන් අවසරය සමඟ, ගැටුමේ භූ දේශපාලනික ගතිකත්වය දැන් තිරණාත්මක ලෙස වෙනස් විය හැකිය.
Biden approves Ukrainian strikes deep inside Russia with US missiles – NYT
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..