ඉන්කාවරුන්ගේ මතකයට යළි ජීවය දෙමින් චීනයේ මූලිකත්වයෙන් නව Chancay වරාය විවෘත කෙරේ
චීනය සහ පේරු රාජ්‍යය විසින් ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැගීම සංකේතවත් කරමින් ඉදි කළ Chancay වරාය ව්‍යාපෘතිය විවෘත කර තිබේ.
මීට වසර 500කට පමණ පෙර පේරු හී මුතුන් මිත්තන් වන ඉන්කාවරුන් විසින් ඇන්ඩීස් කඳු ආශ්‍රිතව එහි උතුරු හා දකුණු කළාප හරහා ඉදිකළ Inca Trail පැරණි මාර්ගයට නව ජීවයක් ලබා දෙමින් මෙම වරාය ඉදි කර තිබේ.
මෙම වරාය ව්‍යාපෘතිය හේතුවෙන් පේරු රාජ්‍යයේ සංවර්ධනයට මහත් වූ දායකත්වයක් ලබා දෙනු ඇති බවද පැවසෙයි.
මෙම වරාය හරහා චීනය සහ ලතින් අමෙරිකානු කළාපය හරහා වෙළඳ කාර්යක්ෂමතාව සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරමින් පේරු සහ අනෙකුත් ලතින් ඇමරිකානු රටවලට ද භාණ්ඩ ප්‍රවාහනය පහසුවෙන් සිදු කිරීමට හැකියාව ලැබීම විශේෂත්වයකි.
මෙම වරාය පර්යන්තය විවෘත කිරීමේ උත්සවයට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ පේරු රාජ්‍යයේ ජනාධිපතිනි Dina Boluarte මහත්මිය වීඩියෝ තාක්ශණය ඔස්සේ එක්ව තිබේ.
මෙවර එපෙක් සමුළුවට සමගාමීව පේරු රාජ්‍යයේ නිල සංචාරයක නිරත වෙමින් මෙම ඓතිහාසික අවස්ථාවට ෂී ජින්පිං මහතා එක් වූයේ චීන ජනපති ධුරයට තේරී පත්වීමෙන් පසු පේරු රාජ්‍යයේ සිදුකරනු ලබන තුන්වැනි නිල සංචාරය සනිටුහන් කරමිනි.
එහිදි අදහස් දක්වමින් චීන ජනාධිපතිවරයා පැවසුවේ වත්මන් Chancay වරාය "නව යුගයේ Inca Trail" සඳහා නව ආරම්භක ලක්ෂ්‍යයක් බවට පත්වෙමින් පවතින බවය.
රාජ්‍ය නායකයින් දෙපළ Chancay වරාය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීම, මෙවර සංචාරයේ ප්‍රධාන ජයග්‍රහණයක් සහ විශේෂත්වයක් බවට පත් වූ අතර ඒ තුළින් දෙරට ජනතාව අතර පවතින සදාකාලික මිත්‍රත්වය තවදුරටත් තහවුරු කිරීමක් ද වනු ඇත.
Chancay වරාය විවෘත කිරීම මෙන්ම දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුම වැඩිදියුණු කිරීම, අධ්‍යාපනය, සංස්කෘතිය, සංචාරක සහ තවත් ක්ෂේත්‍ර රැසක සාකච්ඡා සමඟින් බහුපාර්ශ්වික සහයෝගීතාව වෙනුවෙන් පෙනී සිටීම දක්වාත් මෙන්ම චීන ජනාධිපතිවරයාගේ මෙම සංචාරය පේරු රාජ්‍ය වෙනුවෙන් ප්‍රතිඵල රැසක් අත්කර දීමද විශේෂත්වයකි.
එමෙන්ම චීන ජනාධිපතිවරයාගේ මෙම සංචාරය හරහා චීන-පේරු දෙරටේ සාම්ප්‍රදායික මිත්‍රත්වය තහවුරු කොට අන්‍යෝන්‍ය ප්‍රතිලාභ පුළුල් කර ඇති බවත්, චීන-ලතින් ඇමරිකානු සහයෝගීතා සහ ‘ගෝලීය දකුණේ’ සංවර්ධනයට හා පුනර්ජීවනයට නව ජවයක් ලබා දී ඇති බවත් චීන වාර්තාවල සඳහන් වේ.
- අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..