News Category
From Date
To Date
Maximum Number of Result

චීනය අමාරුවේ දැමීම සහ යුක්රේනයට ආධාර කිරීම විවේචනාත්මක් ඇසින්: ට්‍රම්ප්ගේ ඉදිරි පරිපාලනයේ ප්‍රධාන නියමුවන්

Nov 15, 2024 at 12:04 PM
|

(President-elect Donald Trump arrives to speak at meeting of the House GOP conference, November 13, 2024. © AP / Alex Brandon)එක්සත් ජනපද ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ පසුගිය ජනපතිවරණ ජයග්‍රහණයෙන් පසු දෙවන ධුර කාලය සඳහා සූදානම් වෙමින් පවතින මේ මොහොතේ, ඔහු තම ඉදිරි පරිපාලන කටයුතු සඳහා තෝරාගත් ප්‍රධාන පිරිස් ප්‍රකාශයට පත් කිරීමට පටන් ගෙන තිබේ. මේ දක්වා ඔහුගේ ප්‍රධාන තේරීම් කිහිපයක් මෙන්න:

රාජ්‍ය ලේකම්: මාර්කෝ රුබියෝ

සෙනට් සභික මාර්කෝ රුබියෝ රාජ්‍ය දෙපාර්තමේන්තුව හැසිරවීම සුක්කානම භාර ගැනීමට නම් කර ඇත. යුක්රේනයට මිලිටරි ආධාර ලබා දීම සඳහා දායකවූ මුල්කාලීන ආධාරකරුවෙකු වූ රුබියෝ ගේ මෑත කාලීන ප්‍රකාශයන් ගැටුම සාකච්ඡාමය සමථයකට පක්ෂව මාරුවීමක් යෝජනා කරන තත්වයට පත්ව තිබේ. ඔහු චීනයේ ටෙලිකොම් දැවැන්තයා වන  Huawei ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග යෝජනා කරමින් සහ තායිවානයට මිලිටරි ආධාර ලබා දෙමින් චීනය වෙත ට්‍රම්ප්ගේ දැඩි ප්‍රහරාත්මක ප්‍රවේශයට සම්බන්ධ වී තිබේ.

ජාතික ආරක්ෂක උපදේශක: මයික් වෝල්ට්ස්

මයික් වෝල්ට්ස් ජාතික ආරක්ෂක උපදේශක සඳහා හොඳම තේරීම ලෙස තෝරාගෙන ඇත. එක්සත් ජනපද හමුදා විශේෂ බලකායේ ප්‍රවීණයෙකු වන වෝල්ට්ස් මීට පෙර සන්නද්ධ සේවා සහ බුද්ධි අංශ සම්බන්ධ විවිධ කොන්ග්‍රස් කමිටුවල සේවය කර ඇත. යුක්රේනය සම්බන්ධයෙන් වෝල්ට්ස් තර්ක කර ඇත්තේ, කියෙව් සහ මොස්කව් සාකච්ඡා මේසයට ගෙන ඒම සඳහා වොෂින්ටනය තමා සතු හැකියාව භාවිතා කළ යුතු බවයි.

ධවල මන්දිර මාණ්ඩලික ප්‍රධානී: සුසී වයිල්ස්

මාණ්ඩලික ප්‍රධානී තනතුර දැරූ පළමු කාන්තාව වයිල්ස් වනු ඇත. පළපුරුදු දේශපාලන උපායමාර්ගිකයෙකු වන ඇය ට්‍රම්ප්ගේ සාර්ථක නැවත තේරී පත්වීම සඳහා වැඩ කළ අය අතර ප්‍රධාන චරිතයක් ලෙස පුළුල් ලෙස සලකනු ලබන අතර ඔහුගේ ව්‍යාපාරය වඩාත් විනයගරුකව තබා ගැනීමට උපකාර කිරීමේ වගකීමද දරයි.

සීඅයිඒ අධ්‍යක්ෂ: ජෝන් රැට්ක්ලිෆ්

මධ්‍යම බුද්ධි ඒජන්සියේ (CIA) අධ්‍යක්ෂවරයා ලෙස ජෝන් රැට්ක්ලිෆ් නම් කිරීමට ට්‍රම්ප් සිය අභිප්‍රාය ප්‍රකාශ කර තිබේ. රැට්ක්ලිෆ් මීට පෙර ටෙක්සාස් හි හතර වන කොන්ග්‍රස් දිස්ත්‍රික්කයේ නියෝජිතයා ලෙස සේවය කළ අතර ට්‍රම්ප්ගේ පළමු ධූර කාලය තුළ ජාතික බුද්ධි අංශයේ අධ්‍යක්ෂ තනතුර දැරීය. බුද්ධි අංශ සම්බන්ධයෙන් ඔහුගේ වාචික විවේචන සහ 2016 මැතිවරණයේදී සිදු වූ බව කියන රුසියානු මැදිහත්වීම් පිලිබඳ විමර්ශන පිලිබඳව ඔහු කළ විවේචන හේතුවෙන් ප්‍රසිද්ධියට පත් වූ චරිතයකි.

ඔහුගේ පෙර භූමිකාව තුළ, රැට්ක්ලිෆ් විවිධ ජාතික ආරක්ෂක කාරණා සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ ස්ථාවරයට සහය දැක්වීම සඳහා ප්‍රසිද්ධ වූ අතර බුද්ධි තක්සේරු කිරීම් සම්බන්ධයෙන් දැඩි මතභේදවලට ලක් වීමට ඔහුට විය.

ජාතික බුද්ධි අධ්‍යක්ෂක: තුල්සි ගැබාර්ඩ්

ඩොනල්ඩ් ටෘම්ප් ජනාධිපතිවරයා ජාතික බුද්ධි අංශයේ නව අධ්‍යක්ෂවරයා ලෙස ඔහුගේ ප්‍රධාන තේරීම ලෙස හිටපු කොන්ග්‍රස් සභික තුල්සි ගැබාඩ් තෝරාගෙන ඇත. ගැබාර්ඩ් ඇගේ ස්වාධීන අදහස් සහ ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය, විශේෂයෙන් මිලිටරි මැදිහත්වීම් සම්බන්ධයෙන් කළ වාචික විවේචන හේතුවෙන් මතභේදවලට ලක් වූ චරිතයකි. ඇය යුක්රේනයට ආධාර කිරීම සම්බන්ධයෙන් දැඩි විවේචන වලට ද ලක්ව තිබේ.

2016 දී ගැබාර්ඩ් ඩිමොක්‍රටික් ජාතික කමිටුවේ උප සභාපති ධුරයෙන් ඉල්ලා අස් වූ අතර වසර හයකට පසු ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉවත් විය. ඇය 2020 ජනාධිපතිවරණයේදී ඉරාකයේ සහ සිරියාවේ යුද්ධවලට එක්සත් ජනපදය සම්බන්ධ වීමට විරුද්ධ වෙමින් යුද විරෝධී අපේක්ෂකයෙකු ලෙස පෙනී සිටියාය.

නීතිපති: Matt Gaetz

 ට්‍රම්ප් විසින් ජනවාරි මාසයේදී ජනාධිපති ධූරයේ වගකීම් භාර ගන්න අවස්ථාවේ සිට ඔහුගේ නීතිපතිවරයා ලෙස Matt Gaetz නම් කර ඇත. ගේට්ස් මීට පෙර යුක්රේනයට එක්සත් ජනපද මිලිටරි ආධාර සැපයීම විවේචනය කළ පුද්ගලයෙකි. ට්‍රම්ප් තම  සමාජ මාධ්‍ය්යේ සටහනක් තබමින් අවධාරණය කළේ "අපගේ යුක්ති පද්ධතියේ පක්ෂග්‍රාහී අවිකරණය" ලෙස ඔහු විස්තර කළ දෙයට එරෙහිව සටන් කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙමින්, සාපරාධී සංවිධාන විසුරුවා හැරීමට, දේශසීමා ආරක්ෂා කිරීමට සහ අධිකරණ දෙපාර්තමේන්තුව කෙරෙහි මහජන විශ්වාසය යථා තත්ත්වයට පත් කිරීමට Matt Gaetz කටයුතු කරන බවයි. මෙතෙක්  තහවුරු නොවුවද, ලිංගික අපරාධ සම්බන්ධයෙන් ට්‍රම්ප්ව විමර්ශනය කළ අධිකරණ දෙපාර්තමේන්තුවද Matt Gaetz අධීක්ෂණය කරනු ඇත. ටෘම්ප්ට විරුද්ධව කළ පරීක්ෂණයේදී ඔහුට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ල කළේ නැත.

රජයේ කාර්යක්ෂමතාව: එලොන් මස්ක් සහ විවේක් රාමස්වාමි

ට්‍රම්ප් විසින් තාක්‍ෂණික ප්‍රකෝටිපතියෙකු වන එලොන් මස්ක් සහ හිටපු රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක විවේක් රාමස්වාමි, ෆෙඩරල් ආණ්ඩුවෙන් පිටත ක්‍රියාත්මක වන ඊනියා රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවක් මෙහෙයවීම පිණිස පත් කළේය. "රතු පටිය" පැනවීම අවම කිරීම, අනවශ්‍ය රෙගුලාසි ඉවත් කිරීම, නාස්තිය අවම කිරීම සහ ෆෙඩරල් ආයතන ප්‍රතිසංවිධානය කිරීම කෙරෙහි මස්ක් සහ රාමස්වාමි අවධානය යොමු කරන බව ට්‍රම්ප් පැවසීය. නව දෙපාර්තමේන්තුව බාහිර විශේෂඥයන් ඇතුළත් කර ධවල මන්දිරය සහ කළමනාකරණ සහ අයවැය කාර්යාලය සමඟ සමීපව සහයෝගයෙන් කටයුතු කරන බව ඔහු අවධාරණය කළේය.

China hawks and Ukraine aid critics: Key nominations for Trump’s upcoming administration


සම්බන්ධිත පුවත් | Related News

රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටළු සහ අර්බුද සඳහා මෙතෙක් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන්, ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස සහ සිවුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙන් ආරම්භ කරන බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසති.
විවිධ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත වන හෝ සිරදඬුවම් නියම වන භික්ෂූන් වහන්සේලා සිවුරු පිටින් බන්ධනාගාරයෙන් බැහැරව රඳවා තබා ගැනීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කරමින්, ඊට අදාළ නීතිමය රෙගුලාසි කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යාංශයට උපදෙස් ලබා සුන් බව ඒ සාකච්චාවට ඒක් වූ මල්වතු මහා විහාරීය නියෝජිත ලේඛකාධිකාරී පූජ්‍ය මහවෙල රතනපාල හිමියන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි.
ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉතා නින්දිත ආකාරයෙන් ගලවා ඉවත් කළ බවත්, මේ සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපතිවරයා විසින් භික්ෂූන් වහන්සේලා කැඳවා සිදුකරන ලද්දේ හුදෙක් රංගනයක් පමණක් බවත් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි පවසති.
ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.
සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ප්‍රධාන පුවත්

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.