1988 /89 කාලයේ දී ඝාතනය කළ දේශප්‍රේමීන් සිහිපත් කරමින් පවත්වන ඉල්මහ විරු සැමරුම 13 දා බොරැල්ල කනත්ත මං සන්ධියේදී
1988 /89 කාලයේ දී ඝාතනය කරන ලද දේශප්‍රේමීන් සිහිපත් කරමින් පවත්වනු ලබන ඉල්මහ විරු සැමරුමක් 2024 නොවැම්බර් මස 13 වෙනි බදාදා පෙරවරු 10 ට බොරැල්ල කනත්ත මං සන්ධියේදී පැවැත් වේ.
ඉල්මහ සමරු පදනමේ කැඳවුම්කරු අනුරාධ තෙන්නකෝන් මහතා විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක් පහතින් දැක්වේ.
මරා දැමූ ඉල්මහ විරුවන් සමරමු
ජනතා විමුක්ති පෙරමුණ යනු මේ රටේ දේශපාලන වංශකතාවේ කිසිදා අකාමකා දැමිය නොහැකි අද්වීතිය දේශපාලන පරිච්ජේදයකි.
1971 අරගලය වෙඩි උන්ඩයෙන් යකඩින් ගින්දරින් මර්දනය කර සිරගත කලද යලි ජනතා දේශපාලන ප්‍රවාහයකට 1978 න් පසුව අරඹා මේ රටට ජාතිකව හා ජාත්‍යන්තරව සතුරු කෙණෙහිලිකම් වලට එරෙහිව කොන්දේසි විරහිතව නොබියව පෙනිසිටියේ ජනතා විමුක්ති පෙරමුණ යි.
1983 ජවිපෙ තහනමත් සමග දේශපාලන ගමන්මග අඩපණ කරලීමට අන්ත දක්ෂිණාංශික කදවුර උත්සාහ කලද එම වියරුව පරාජය කරමින් කලාපීය හා ජාත්‍යන්තර සතුරුකම් වලට එරෙහිව නිර්ව්‍යාජ දේශපාලන ව්‍යාපාරයක් ලෙස දේශප්‍රේමිත්වය ගොඩනැගුවේ ජවිපෙ බවට විවාදයක් නැත.
1988 /89 ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරයන් ඇතුලු නායකත්වය සාහසික ලෙස ඝාතනය කලද කිසිදා යටපත් කල නොහැකි දේශප්‍රේමි දේශපාලන ව්‍යාපාරය ලෙස 1994 න් පසුව අද දක්වා ආ ගමන් මග සුවිශේෂී දේශපාලන කඩඉමක් බව අවිවාදිතය.
වෙඩි උණ්ඩයෙන් යකඩින් ගින්දරින් යටපත් කරනු ලැබු ඉතිහාසයක් හිමි මව්බිමේ උස් නිදහස වෙනුවෙන් ජිවිත පූජා කල රෝහණ විජේවීරයන් ඇතුලු 88 /89 ජ.වි.පෙ. සහෝදර සහෝදරියන් වෙනුවෙන් යුක්තියේ හා සාධරණත්වය ඉටුකරගැනිමේ කාලය එළඹ තිබේ ..
35 වෙනි ඉල්මහ විරු සමරුව එවන් වූ අප්‍රතිහත නොසිදෙන ධෛර්යයවන්ත ජීවගුණයක් සහිතව ජීවිත පූජා කල සහෝදර සහෝදරියන්ට යුක්තිය හා සාධරණත්වය ඉටු කරගැනීම උදෙසා වන සැමරුමකි..
මේ ඒ සදහා ඔබට කරනු ලබන සහෝදරාත්මක විවෘත ආරාධනාවයි..!!
2024 නොවැම්බර් මස 13 වෙනි බදාදා පෙරවරු 10 ට බොරැල්ල කනත්ත මං සන්ධියේදී..
ස්තූතියි
අනුරාධ තෙන්නකෝන්
කැදවුම්කරු
ඉල්මහ සමරු පදනම
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..