News Category
From Date
To Date
Maximum Number of Result

උසස් පෙළ පොදු පරීක්‍ෂණ විභාගයට මාලිමාවට සම්බන්ධ ප්‍රශ්න පහක් - ගම්මන්පිලගෙන් අනාවරණයක්

Nov 11, 2024 at 02:33 PM
|

මාලිමාවේ කළුතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉගෙන ගත් සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මධ්‍යම මහ විද්‍යාලයේ දෙවන වාර පරීක්ෂණයේ දී උසස් පෙළ දරුවන්ට ලබා දුන් සාමාන්‍ය පොදු පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍රයට ජාතික ජන බලවේගයට සම්බන්ධ ප්‍රශ්න 5ක් අන්තර්ග කර ඇති බවත්, පාසල් දරුවන් දේශපාලනීකරණය කිරීමේ ආණ්ඩුවේ පළමු පියවර මෙයදැයි තමන් ප්‍රශ්න කරණ බවත් පිවිතුරු හෙළ උරුමය නායක සර්වජන බලය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (11) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී නීතිඥ උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දැක් වීය.

මාලිමා දේශපාලනය පාසල් ඇතුළට රිංගවයි

මාලිමාවේ කළුතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉගෙන ගත් පාසල තමයි මතුගම සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මධ්‍යම මහ විද්‍යාලය. මේ විද්‍යාලයේ දෙවන වාර පරීක්ෂණයේ දී උසස් පෙළ දරුවන්ට ලබා දුන් සාමාන්‍ය පොදු පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍රය තමයි මේ තිබෙන්නේ. පළමු ප්‍රශ්නය තමයි ජනපති අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ නම කුමක්ද? දෙවන ප්‍රශ්නය ජනපතිවරණයේ දී ජනපති අනුර ලබා ගත් ඡන්ද ප්‍රතිශතය. තුන්වන ප්‍රශ්නය වෙන්නේ ජනපති අනුරගේ ලේකම්වරයා කවුද? හතරවන ප්‍රශ්නය අගමැතිවරියගේ විෂය පථය ගැන. පස්වන ප්‍රශ්නය ජවිපෙ ආරම්භ කළ වර්ෂය කුමක්ද. පළමු ප්‍රශ්න පහම වෙන් කරලා තිබෙන්නේ මාලිමාවට.

මේ තිබෙන්නේ අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ ප්‍රශ්න පත්‍රය සැකසීමේ මාර්ගෝපදේශ. පලමු ප්‍රශ්න 10 කාලීන සිදුවීම් ආශ්‍රිත තොරතුරු වෙනුවෙන් වෙන් වෙනවා. ඒකෙන් 50%ක්ම මාලිමාව නැතිනම් 10 යෙන් 5ක් ම මාලිමාව ගැන ප්‍රශ්න. කිසිම ආණ්ඩුවක් දේශපාලනය පාසල් ඇතුලට මේ වගේ රිංගවාලා දරුවන්ගේ ඔළුව කන්න හැදුවේ නෑ කියලා අද දෙමව්පියන් කියනවා. පාසලේ ආදිශිෂ්‍යයින් අපට කිව්වේ කොටි ත්‍රස්තවාදය පරාජය කරලා යුද ජයග්‍රහණය ලබපු වෙලාවේ වත් මෙවැනි ප්‍රශ්න මාලාවක් දරුවන්ට ඉදිරිපත් කලේ නෑ කියලා.

මාලිමාව රාජ්‍ය බලය අවභාවිතා කරලා පාසල් දරුවන් දේශපාලනිකරණය කිරීමේ පළමු පියවර මේකදැයි අපට ප්‍රශ්න කරන්න වෙනවා. අපි පාසල් යන කාලයේ ජවිපෙ අපට කිව්වේ “පළමුව මව්බිම – දෙවනුව ඉගෙනුම” ඒ නිසා අධ්‍යාපනය අත් හැරලා ආණ්ඩුවට එරෙහිව දේශපාලනය කරන්න එන්න කියලා. අපිත් ඒ ලණුව කාලා අධ්‍යාපනය අත් හැරලා දේශපාලනය කරන්න ගියා. මොකක්ද පූරුවේ වාසනාවකට විභාග ඉහළින්ම සමත් වෙන්න අපට පුළුවන් වුණා. නමුත් හැමෝම එතරම් වාසනාවන්ත වුණේ නෑ.

විශ්ව විද්‍යාල දරුවන් ගවේශනශීලි විමර්ශනශීලී පිරිසක් වෙන්න ඕනි කියලා සෝරත හාමුදුරුවෝ කිව්වත් අද විශ්ව විද්‍යාල දරුවන් ජවිපෙ දුරස්ථ පාලකයෙන් ක්‍රියාත්මක වන රොබෝ යන්‍ත්‍ර බවට පත් වෙලා. රාජ්‍ය බලය අවභාවිතා කරලා පක්ෂ දේශපාලනය පාසල් ඇතුලට අරගෙන ගිහින් පාසල් දරුවන් විනාශ කරන්න එපා කියලා ජනාධිපතිතුමාගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

උසස් පෙළ දරුවන් තමන්ගේ පාසල්වල විෂය නිර්දේශ නිසි පරිදි ආවරණය කරලා නැති නිසා නොවැම්බර් මස පැවැත්වීමට නියමිත විභාගය මාසයකින් කල් දමා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. උසස් පෙළ විභාගය ලංකාවේ පළමුවැන්නා ලෙස සමත් වී දේශපාලනයේ සිටින කෙනෙකු හැටියට ඒ ඉල්ලීම ඉටු කර දෙන්න අපි මැදිහත් වේවි කියන විශ්වාසයෙන් ඒ දරුවන් කටයුතු කරනවා. මගේ ජීවිතයේ තීරණාත්මක කඩඉම උසස් පෙළ විභාගය. මම එදා ලංකාවේ පළමුවැන්නාට උසස් පෙළ සමත් නොවුණා නම් මගේ ජීවිතය මීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මට එදා ලැබුණු සාධාරණ අවස්ථාව මේ රටේ සෑම දරුවෙකුටම ලැබිය යුතුයි කියලා අපි කල්පනා කරනවා.

විභාගය කල් දමා දෙන්න කියා උසස් පෙළ දරුවන් කරන ඉල්ලීම සාධාරණ ද? මේ අය කියන්නේ බොහෝ පාසල්වල විෂය නිර්දේශ ආවරණය කර නැති නිසා විභාගයේ දී අසාධාරණයක් වෙනවා කියන එකයි. බැලු බැල්මට මේ ඉල්ලීමේ සාධාරණයක් පේනවා. මොකද සාමාන්‍යයෙන් උසස් පෙළ දරුවෙකුට අවම වශයෙන් වසර දෙකක කාලයක් ලැබෙනවා උසස් පෙළ සඳහා අධ්‍යාපනය ලබන්න. නමුත් මේ දරුවන්ට ඒ කාලය ලැබිලා නෑ. ඒ නිසා වෙනත් දරුවන්ට ලැබුණු කාලය මේ දරුවන්ටත් ලැබිය යුතුය කියන එක සාධාරණ ඉල්ලීමක්. අයිතිවාසිකමක්. තමන්ගේ අනාගත වෘත්තිය තීරණය කරන ජීවිතයේ වැදගත්ම කඩඉම වන උසස් පෙළ විභාගය සඳහා තවත් මාසයක කාලයක් දරුවන්ට ලබා දෙන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

වෙනදා අපි මේ පිළිබඳ ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන්නේ පාර්ලිමේන්තුවේ දී. පාර්ලිමේන්තුවේ අපේ ඉදිරිපිට ආණ්ඩුවේ විෂය භාර ඇමතිවරයා ඉන්නවා. දැන් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා පමණක් නොවේ. ජනාධිපති සහ අධ්‍යාපන ඇමතිනිය දුරකතනයට සම්බන්ධ කර ගන්නත් බෑ. ඒ නිසා අපට ජනපති සහ අධ්‍යාපන ඇමතිනි අමතන්න තිබෙන එකම ක්‍රමය ජනමාධ්‍ය පමණයි. ඒ නිසා මේ දරුවන්ට උසස් පෙළට සූදානම් වෙන්න සාධාරණ කාලයක් ලබා දෙන්න කියලා ජනාධිපතිතුමාගෙනුත් අධ්‍යාපන ඇමතිතුමියගෙනුත් ඉල්ලා සිටිනවා.

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.
සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.
​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.
බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.
ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.
සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ප්‍රධාන පුවත්

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.