News Category
From Date
To Date
Maximum Number of Result

උසස් පෙළ පොදු පරීක්‍ෂණ විභාගයට මාලිමාවට සම්බන්ධ ප්‍රශ්න පහක් - ගම්මන්පිලගෙන් අනාවරණයක්

Nov 11, 2024 at 02:33 PM
|

මාලිමාවේ කළුතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉගෙන ගත් සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මධ්‍යම මහ විද්‍යාලයේ දෙවන වාර පරීක්ෂණයේ දී උසස් පෙළ දරුවන්ට ලබා දුන් සාමාන්‍ය පොදු පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍රයට ජාතික ජන බලවේගයට සම්බන්ධ ප්‍රශ්න 5ක් අන්තර්ග කර ඇති බවත්, පාසල් දරුවන් දේශපාලනීකරණය කිරීමේ ආණ්ඩුවේ පළමු පියවර මෙයදැයි තමන් ප්‍රශ්න කරණ බවත් පිවිතුරු හෙළ උරුමය නායක සර්වජන බලය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (11) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී නීතිඥ උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දැක් වීය.

මාලිමා දේශපාලනය පාසල් ඇතුළට රිංගවයි

මාලිමාවේ කළුතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉගෙන ගත් පාසල තමයි මතුගම සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මධ්‍යම මහ විද්‍යාලය. මේ විද්‍යාලයේ දෙවන වාර පරීක්ෂණයේ දී උසස් පෙළ දරුවන්ට ලබා දුන් සාමාන්‍ය පොදු පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍රය තමයි මේ තිබෙන්නේ. පළමු ප්‍රශ්නය තමයි ජනපති අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ නම කුමක්ද? දෙවන ප්‍රශ්නය ජනපතිවරණයේ දී ජනපති අනුර ලබා ගත් ඡන්ද ප්‍රතිශතය. තුන්වන ප්‍රශ්නය වෙන්නේ ජනපති අනුරගේ ලේකම්වරයා කවුද? හතරවන ප්‍රශ්නය අගමැතිවරියගේ විෂය පථය ගැන. පස්වන ප්‍රශ්නය ජවිපෙ ආරම්භ කළ වර්ෂය කුමක්ද. පළමු ප්‍රශ්න පහම වෙන් කරලා තිබෙන්නේ මාලිමාවට.

මේ තිබෙන්නේ අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ ප්‍රශ්න පත්‍රය සැකසීමේ මාර්ගෝපදේශ. පලමු ප්‍රශ්න 10 කාලීන සිදුවීම් ආශ්‍රිත තොරතුරු වෙනුවෙන් වෙන් වෙනවා. ඒකෙන් 50%ක්ම මාලිමාව නැතිනම් 10 යෙන් 5ක් ම මාලිමාව ගැන ප්‍රශ්න. කිසිම ආණ්ඩුවක් දේශපාලනය පාසල් ඇතුලට මේ වගේ රිංගවාලා දරුවන්ගේ ඔළුව කන්න හැදුවේ නෑ කියලා අද දෙමව්පියන් කියනවා. පාසලේ ආදිශිෂ්‍යයින් අපට කිව්වේ කොටි ත්‍රස්තවාදය පරාජය කරලා යුද ජයග්‍රහණය ලබපු වෙලාවේ වත් මෙවැනි ප්‍රශ්න මාලාවක් දරුවන්ට ඉදිරිපත් කලේ නෑ කියලා.

මාලිමාව රාජ්‍ය බලය අවභාවිතා කරලා පාසල් දරුවන් දේශපාලනිකරණය කිරීමේ පළමු පියවර මේකදැයි අපට ප්‍රශ්න කරන්න වෙනවා. අපි පාසල් යන කාලයේ ජවිපෙ අපට කිව්වේ “පළමුව මව්බිම – දෙවනුව ඉගෙනුම” ඒ නිසා අධ්‍යාපනය අත් හැරලා ආණ්ඩුවට එරෙහිව දේශපාලනය කරන්න එන්න කියලා. අපිත් ඒ ලණුව කාලා අධ්‍යාපනය අත් හැරලා දේශපාලනය කරන්න ගියා. මොකක්ද පූරුවේ වාසනාවකට විභාග ඉහළින්ම සමත් වෙන්න අපට පුළුවන් වුණා. නමුත් හැමෝම එතරම් වාසනාවන්ත වුණේ නෑ.

විශ්ව විද්‍යාල දරුවන් ගවේශනශීලි විමර්ශනශීලී පිරිසක් වෙන්න ඕනි කියලා සෝරත හාමුදුරුවෝ කිව්වත් අද විශ්ව විද්‍යාල දරුවන් ජවිපෙ දුරස්ථ පාලකයෙන් ක්‍රියාත්මක වන රොබෝ යන්‍ත්‍ර බවට පත් වෙලා. රාජ්‍ය බලය අවභාවිතා කරලා පක්ෂ දේශපාලනය පාසල් ඇතුලට අරගෙන ගිහින් පාසල් දරුවන් විනාශ කරන්න එපා කියලා ජනාධිපතිතුමාගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

උසස් පෙළ දරුවන් තමන්ගේ පාසල්වල විෂය නිර්දේශ නිසි පරිදි ආවරණය කරලා නැති නිසා නොවැම්බර් මස පැවැත්වීමට නියමිත විභාගය මාසයකින් කල් දමා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. උසස් පෙළ විභාගය ලංකාවේ පළමුවැන්නා ලෙස සමත් වී දේශපාලනයේ සිටින කෙනෙකු හැටියට ඒ ඉල්ලීම ඉටු කර දෙන්න අපි මැදිහත් වේවි කියන විශ්වාසයෙන් ඒ දරුවන් කටයුතු කරනවා. මගේ ජීවිතයේ තීරණාත්මක කඩඉම උසස් පෙළ විභාගය. මම එදා ලංකාවේ පළමුවැන්නාට උසස් පෙළ සමත් නොවුණා නම් මගේ ජීවිතය මීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මට එදා ලැබුණු සාධාරණ අවස්ථාව මේ රටේ සෑම දරුවෙකුටම ලැබිය යුතුයි කියලා අපි කල්පනා කරනවා.

විභාගය කල් දමා දෙන්න කියා උසස් පෙළ දරුවන් කරන ඉල්ලීම සාධාරණ ද? මේ අය කියන්නේ බොහෝ පාසල්වල විෂය නිර්දේශ ආවරණය කර නැති නිසා විභාගයේ දී අසාධාරණයක් වෙනවා කියන එකයි. බැලු බැල්මට මේ ඉල්ලීමේ සාධාරණයක් පේනවා. මොකද සාමාන්‍යයෙන් උසස් පෙළ දරුවෙකුට අවම වශයෙන් වසර දෙකක කාලයක් ලැබෙනවා උසස් පෙළ සඳහා අධ්‍යාපනය ලබන්න. නමුත් මේ දරුවන්ට ඒ කාලය ලැබිලා නෑ. ඒ නිසා වෙනත් දරුවන්ට ලැබුණු කාලය මේ දරුවන්ටත් ලැබිය යුතුය කියන එක සාධාරණ ඉල්ලීමක්. අයිතිවාසිකමක්. තමන්ගේ අනාගත වෘත්තිය තීරණය කරන ජීවිතයේ වැදගත්ම කඩඉම වන උසස් පෙළ විභාගය සඳහා තවත් මාසයක කාලයක් දරුවන්ට ලබා දෙන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

වෙනදා අපි මේ පිළිබඳ ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන්නේ පාර්ලිමේන්තුවේ දී. පාර්ලිමේන්තුවේ අපේ ඉදිරිපිට ආණ්ඩුවේ විෂය භාර ඇමතිවරයා ඉන්නවා. දැන් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා පමණක් නොවේ. ජනාධිපති සහ අධ්‍යාපන ඇමතිනිය දුරකතනයට සම්බන්ධ කර ගන්නත් බෑ. ඒ නිසා අපට ජනපති සහ අධ්‍යාපන ඇමතිනි අමතන්න තිබෙන එකම ක්‍රමය ජනමාධ්‍ය පමණයි. ඒ නිසා මේ දරුවන්ට උසස් පෙළට සූදානම් වෙන්න සාධාරණ කාලයක් ලබා දෙන්න කියලා ජනාධිපතිතුමාගෙනුත් අධ්‍යාපන ඇමතිතුමියගෙනුත් ඉල්ලා සිටිනවා.

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.
(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)
ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.
සම්බුදු තෙමඟුල සිහිපත් කෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.
ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.
දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ප්‍රධාන පුවත්

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.