ධෛර්ය සම්පන්න ට්‍රම්ප්ට සුබ පතනවා- රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින්
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සුබ පැතුම් එක් කර ඇති බව වාර්තාවේ. එලෙසම එක්සත් ජනපදයේ තේරී පත් වූ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවද පුටින් අවධාරණය කර ඇතැයිද එම වාර්තා පවසයි. ජුලි මාසයේදී ට්‍රම්ප්ව ඝාතනය කිරීමට ගත් උත්සාහයේදි සහ ඉන් පසුව ට්‍රම්ප් දැක්වූ “ධෛර්ය සම්පන්න” ප්‍රතිචාරය සම්බන්ධයෙන්ද පුටින් ප්‍රශංසා මුඛයෙන් අදහස් දැක්වූ බවද පැවසේ.
ඊයේ(07) දකුණු රුසියානු නගරයක් වන සෝචි හි Valdai ජාත්‍යන්තර සාකච්ඡා සමාජයේ රැස්වීමකට එක් වෙමින් පුටින් පැවසුවේ, “ට්‍රම්ප් එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස තේරී පත්වීම සම්බන්ධයෙන් මගේ සුබ පැතුම් පිරිනැමීමට අවස්ථාවක් කරගන්නවා." යනුවෙනි.
ට්‍රම්ප් යුක්රේන ගැටුම අවසන් කිරීමට අභිලාශයක් ඇති බව ප්‍රකාශ කර ඇති බවත්, එවැනි ප්‍රකාශයන් “අවම වශයෙන් අවධානය යොමු කළ යුතු” බවත් පුටින් එම රැස්වීමේ අදහස් දක්වමින් පැවසුවේය.
රුසියානු ජනාධිපතිවරයා මෙම ගිම්හානයේදී පෙන්සිල්වේනියාවේ දී ට්‍රම්ප්ගේ ජීවිතයට බිලිගැනීමට ගත් උත්සාහයේදී ට්‍රම්ප්ගේ ක්‍රියාවන් අගය කිරීමට කටයුතු කළේය. "එවකට අමෙරිකානු ජනාධිපති අපේක්ෂක ට්‍රම්ප් ඔහුව ඝාතනයට එල්ල කළ උණ්ඩයක් ඔහුගේ කනට වැදීමෙන් පසු ඔහුගේ හස්තය ඔසවා ජනතාවට ප්‍රතිචාර දක්වන දර්ශන දැකීමෙන් මම පුදුම වුණා. ඔහු නිර්භීත නායකෑය්ක්." පුටින් පැවසුවේය. "මෙවැනි අනපේක්ෂිත හදිසි අවස්ථා වලදී පුද්ගලයෙකු තමන්ගේ සැබෑ ස්වභාවය පෙන්නුම් කරනවා. මම සිතන්නේ ඔහු මිනිසෙකු ලෙස ප්‍රශංසනීය සහ නිර්භීත ආකාරයකින් තමාව නිදහස් කර ගත්තා කියායි."
මෙම වාර්තාව පලවීමට පැය කිහිපයකට පෙර, ක්‍රෙම්ලිනය පුටින් ට්‍රම්ප් වෙත පුද්ගලික සුබපැතුම් පණිවිඩයක් යවා ඇති බවට පලවූ වාර්තා ක්‍රෙම්ලිනය ප්‍රතික්ෂේප කරනු ලැබුවේය. මේ අතර ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පුවත් වාර්තාකරුවන්ට පැවසුවේ එක්සත් ජනපදය “අපට එරෙහි යුද්ධයට සෘජුව හා වක්‍රව සම්බන්ධ වූ මිත්‍රශීලී නොවන රටක්” බවයි.
කෙසේ වෙතත්, ට්‍රම්ප්ගෙන් දුරකථන ඇමතුමක් ලබා ගැනීමට තමා විවෘතව සිටින බව පැවසූ පුටින්, “ඔහුට මා ඇමතීම ඔසුව පහත හෙලන කාරණයක්" නොවන බවද පුටින් අවධාරණය කළේය.
ට්‍රම්ප් යුක්රේන ගැටුම කඩිනම් අවසානයකට ගෙන ඒමට නැවත නැවතත් පොරොන්දු වී ඇතත්, ඔහු මෙය සාක්ෂාත් කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව සුළු හෝ පැහැදිලි කිරීමක් ඉදිරිපත් කර නැත.
අමෙරිකානු උප ජනාධිපති ලෙස තේරී පත් වූ ජේ ඩී වැන්ස් සහ ඇමරිකානු මාධ්‍ය වාර්තා උපුටා දක්වන සමහර විදෙස් විත්ති විචාරකයින් යෝජනා කර ඇත්තේ, සාමය සඳහා හිලව්වක් ලෙස කියෙව්ට එහි භෞමික හිමිකම් සහ නේටෝ සාමාජිකත්වය පිළිබඳ බලාපොරොත්තු අත්හැරීමට සිදුවන බවයි.
මේ අතර ඕනෑම එකඟතාවයක් යුක්රේනය මිලිටරි මෙහෙයුම් නැවැත්වීමෙන් සහ ඩොනෙට්ස්ක්, ලුගාන්ස්ක්, කෙර්සන් සහ සැපෝරෝෂියේ මෙන්ම ක්‍රිමියාවේ ප්‍රදේශ වල පාලනය කිසිදා යළි ලබා නොගන්නා "භෞමික යථාර්ථය" පිළිගැනීමෙන් ආරම්භ විය යුතු බව මොස්කව් පරිපාලනය අවධාරණය කර තිබේ. මීට අමතරව, ක්‍රෙම්ලිනය අවධාරණය කරන්නේ යුක්‍රේනයේ මධ්‍යස්ථභාවය, හමුදාකරණය නැවැත්වීම සහ නාසිකරණය ප්‍රතික්ෂේප කිරීම ආදී කාරණා ඇතුලත් රුසියාවේ මිලිටරි මෙහෙයුමේ අරමුණු සාක්ෂාත් කර ගත යුතු බවයි.
"ට්‍රම්ප් ගැටුම අවසන් කිරීමට සහ යුක්රේනයට නේටෝ සාමාජිකත්වය ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට තල්ලු කළහොත් සහ පුටින් මෙම සැලැස්ම පිළිගතහොත්,යුක්‍රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කිට යෝජනා ප්‍රතික්ෂේප කිරීමේ සම්භාවිතාව බිංදුවට ආසන්න වේ,” සෙලෙන්ස්කිට සමීප ප්‍රවෘත්ති මූලාශ්‍රයක් ඊයේ(07) යුක්රේන මාධ්‍ය වෙත පැවසීය. .
යුක්රේනය "ඔහුගේ ප්‍රධාන සහකරුව ප්‍රතික්ෂේප කිරීමට නොහැකි තත්වයක සිටින අතර, ඔහුගේ සහයෝගය නොමැතිව යුද්ධය දිගටම කරගෙන යාම කිසි ලෙසකින් කළ නොහැක්කක් වනු ඇත." එම මූලාශ්‍රය පැවසීය.
Putin congratulates ‘courageous’ Trump
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..