රුපියල් මිලියන 500ක වාර්ෂික ආදායමක් ලබා දෙන ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමට ගෙන ඇති තීරණය වහාම හකුලා ගන්න - පුබුදු ජයගොඩ
රුපියල් මිලියන 500ක වාර්ෂික ආදායමක් ලබා දෙන ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමට ගෙන ඇති තීරණය වහාම හකුලා ගත යුතු බවත් එසේ නොවුණහොත් විශාල ජනතා විරෝධයක් ගොඩනගන බව ජන අරගල සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක පුබුදු ජයගොඩ පැවැසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ මහනුවර ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවක් අමතමින්ය.
"අදටත් රටේ අවුරුදු 5ට අඩු ළමයින්ගෙන් පහෙන් එකක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. මව්වරු 6,64,920ක් සහ දරුවන් 9,25,172ක් පෝෂණ අවශ්‍යතාවය සපුරගන්නේ ත්‍ර්‍රිපෝෂ හරහා. එතකොට ආසන්න වශයෙන් මාසිකව ලක්ෂ 16කට ත්‍රිපෝෂ ලැබෙනවා. ග්‍රෑම් 750 බර එක පැකට් එකක නිෂ්පාදන වියදම රුපියල් 370ක් විදිහට ගණං බැලුවම රජයට වැය වෙන්නේ රුපියල් බිලියන 9යි. ඒ ප්‍රමාණයෙනුත් බිලියන බාගයක් විතර ත්‍රිපෝෂ සමාගම විසින් වෙළෙඳපොළට ආහාර නිෂ්පාදනය කරලා හොයනවා. එහෙම තියෙද්දි ආණ්ඩුව සූදානම් වෙනවා නම් ත්‍රිපෝෂ සමාගම වහන්න අපි ජන අරගල සන්ධානය විදිහට කියනවා අපි ඒකට ඉඩ තියන්නෙ නෑ. අපි රටේ ජනතාවටත් කියනවා වහාම මේකට විරුද්ධ වෙන්න. ත්‍රිපෝෂ සමාගම ආරක්ෂා කරගන්න මැදිහත් වෙන්න. 1987 මේ සමාගම පෞද්ගලික දුම්කොළ නිෂ්පාදන සමාගමක් සමග ඒකාබද්ධව ආරම්භ කරලා 2011 දි රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරගන්න හේතු වුනණත් අත්‍යාවශ්‍ය මහජන සේවාවක් නිසා. රජයට පවරගන්න කොට සමාගමේ නිෂ්පාදන ධාරිතාව විදිහට තිබුණෙ රටේ සමස්ථ අවශ්‍යතාවයෙන් සියයට 70යි. නමුත් 2016 වෙද්දි අලුත් යන්ත්‍ර සූත්‍ර එක්ක මේ අගය සියයට 100 දක්වා වර්ධනය වුණා. මේ වෙද්දි අවශ්‍යතාවයටත් වඩා වැඩි නිෂ්පාදනයක් වෙනවා. එතකොට ත්‍රිපෝෂ සමාගම රටේ පෝෂණ අවශ්‍යතාවය සැපිරීමේ විශාල සේවයක් කරන ගමන් ලොකු ලාභයකුත් රජයට උපයල දෙනවා. දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ එහෙනම් ඇයි ත්‍රිපෝෂ සමාගම අහෝසි කරන සැලසුමක් ක්‍රියාත්මක වෙන්නෙ? ආණ්ඩුව ඒ ගැන තම ස්ථාවරය පැහැදිලි කළ යුතුයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්