News Category
From Date
To Date
Maximum Number of Result

මහ මැතිවරණයේ දී මාලිමාවට 2/3 බලයක් ලබා දීම අනතුරුදායකයි - උවිඳුගෙන් අනතුරු ඇඟවීමක්!

Nov 7, 2024 at 09:53 AM
|

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගයට  අති බහුතරයක් ලැබීම දේශපාලනික වශයෙන් විනාශකාරී දෙයක් විය හැකි බව දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

උවිඳු විජේවීර මහතා එසේ ප්‍රකාශ කර ඇත්තේ  දැවැන්ත පාර්ලිමේන්තු බලයක් ගොඩනැගීමේ මාලිමාවේ දේශපාලන මෙහෙයුම පිළිබඳව The Island පුවත්පත මගින් ඔහුගේ අදහස් විමසූ අවස්ථාවේදීය.

1977 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය 5/6ක පාර්ලිමේන්තු බහුතරයක් ලබා ගැනීමත් සමඟ ජනාධිපති J.R. ජයවර්ධන අනුගමනය කළ දේශපාලන උපාය මාර්ග ගැන සඳහන් කරමින් උවිඳු විජේවීර මහතා අවධාරණය කළේ එවැනි තත්ත්වයක් රටට දරාගත නොහැකි බවයි.

රෝහණ විජේවීර මහතා 1989 නොවැම්බර් මස දෙවන සතියේ රජයේ අත්අඩංගුවේ සිටියදී ඝාතනය වූ බවත් ඔහු මෙහිදී පැවසීය.

දූෂිත දේශපාලඥයින් පරාජය කළ යුතු අතර පිරිසිදු පාර්ලිමේන්තුවක් සඳහා මග පෑදිය යුතු බවට ජාතික ජනබලවේගය කරන ප්‍රකාශයේ වරදක් තමන් නොදකින බවත්,  එහෙත්, නව සහ පැරණි දේශපාලන පක්ෂ දෙකෙන්ම නවකයින් විශාල සංඛ්‍යාවක් තරඟ කරන බැවින්, ජාතික ජනබලවේගයෙන් පමණක් සාමාජිකයන්  තෝරා පත් කර ගැනීමට ඡන්දදායකයින් තල්ලු කිරීම සාධාරණ නොවන බවත් ඔහු පවසයි.

සියලු නවකයන්ට සමාන අවස්ථාවක් ලැබිය යුතු බවද, ජාතික ජනබලවේගයේ කයිවාරුවලට නොරැවටෙන ලෙසද ඔහු ඡන්දදායකයින්ගෙන් ඉල්ලා සිටියේය.

පසුගියදා අවසන් වූ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට තරග කළ තම පක්ෂයේ අපේක්ෂකයන්ට එම ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ 30 දෙනා අතර අසුනක් ලබා ගැනීමට නොහැකි වූ නමුත් ඡන්දදායකයින් කිසිදු අවිනිශ්චිත කොන්දේසියකින් තොරව ප්‍රකාශ කර ඇත්තේ  විපක්ෂයේ අභාවය නොවන බව ජාතික ජනබලවේගය වටහාගත යුතු බවත් උවිඳු විජේවීර මහතා සඳහන් කළේය. එහිදී ජාතික ජනබලවේගය සහ විපක්ෂය අතර ආසන 15 බැගින් බෙදී යාමෙන් ඔප්පු වූයේ මහ මැතිවරණය රජය අපේක්ෂා කරන ආකාරයට සිදු නොවන බව යැයි ද ඒ මහතා පෙන්වා දෙයි.

උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේ මඩකලපුව හැර අනෙකුත් සියලුම මැතිවරණ දිස්ත්‍රික්ක සඳහා දෙවන පරපුර පක්ෂය තරඟ කිරීමට නියමිත බවත්,  රත්නපුර සහ මොණරාගල තම නාමයෝජනා ප්‍රතික්ෂේප වී ඇති බවත් ඔහු මෙහිදී පැවසීය. "ඒ නිසා අපි දිස්ත්‍රික්ක 17ක තරග කරනවා. සැමට යුක්තිය සඳහා වන ජනතා විමුක්ති පෙරමුණේ අරගලය තවමත් විශ්වාස කරන අය අපට සහය දැක්වීම සඳහා ඔවුන්ගේ ඡන්ද බලය භාවිතා කරනු ඇතැයි අපි විශ්වාස කරනවා” යැයි ද ඔහු පැවසීය.

ඉන්දියාව සහ චීනය ඇතුළු එක්සත් ජනපදය ප්‍රමුඛ කණ්ඩායම අතර පවතින ආධිපත්‍යය සඳහා වන සටන නිසා බංකොලොත් වූ ශ්‍රී ලංකාව අතිශය දුෂ්කර තත්ත්වයකට පත් කරද්දී රට විජාතික බලවේග විසින් අනුකම්පා විරහිත ලෙස සූරාකන බව ද උවිඳු විජේවීර මහතා මෙහිදී පෙන්වා දෙන ලදී. 

උපාය මාර්ගික වශයෙන් වැදගත් හම්බන්තොට වරාය 99 අවුරුදු බද්දට චීනය පවරා දීම ගැන සඳහන් කළ ඒ මහතා, එය ශ්‍රී ලංකාවේ සංවර්ධන තත්ත්වය තවදුරටත් පිරිහීමට හේතු වූ බවත් සඳහන් කරයි. එක්සත් ජනපදය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ ජපානය යන රටවල් වලින් සමන්විත 'ක්වාඩ්' සංවිධානය හා එහි පිහිටුවීම සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී අදහස් දැක්වීය. 

පසුගියදා නිමාවට පත් වූ රුසියාවේ BRICS සමුළුවට සහභාගී වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අසමත් වීම පිළිබඳව උවිඳු විජේවීර මහතා සිය කණගාටුව පළ කළේය. ශ්‍රී ලංකාවට ප්‍රබල කණ්ඩායම් සමඟ වැඩ කිරීමට නොහැකි වූ බැවින් ජනාධිපතිවරයාට එම අවස්ථාව මග හැරි ගිය බවද ඔහු සඳහන් කළේය.

විනාශකාරී නව ලිබරල් උපාය මාර්ගවලින් රට බේරා ගැනීම සඳහා වමේ පක්ෂ සහ ජාතිකවාදී කණ්ඩායම් එක්විය යුතු බව ද උවිඳු විජේවීර මහතා පැවසීය. එජාප නායක රනිල් වික්‍රමසිංහගේ දේශපාලන න්‍යාය පත්‍රයට පහර දෙමින් ජාතික ජනබලවේගය සමහර වාමාංශික ප්‍රතිපත්ති අනුගමනය කළත් නව ලිබරල්වාදයට ද නැඹුරු වී ඇති බවත් ඔහු පැවසීය.

පවතින ප්‍රශ්න විසඳන සැබෑ ජනතා පදනමක් සහිත සංවිධානයක් ගොඩනැගීමේ කාර්යභාරයක් ඉටු කිරීමට තම පක්ෂය සූදානම් බවද  ඉදිරි ප්‍රශ්න සහ අභියෝගවල සංවේදී බව අවබෝධ කරගත් සැබෑ විපක්ෂයක් යළි ගොඩනැගීමේ නැවුම් උත්සාහයට ප්‍රමුඛත්වය ලබාදෙන බවත් උවිඳු විජේවීර මහතා පැවසීය. 

තරුණ දේශපාලනඥයන් රුසියාව සහ චීනය සමඟ සබඳතා වැඩිදියුණු කර ගැනීම සහ ක්‍රියාකාරී ගෝලීය දකුණේ කොටසක් වීමේ  වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.

ශීඝ්‍ර වර්ධනයන් සිදුවෙමින් පවතින බැවින් බටහිර බලවතුන් ශ්‍රී ලංකාවට බලපෑම් කළහොත් කිසිවකු පුදුම විය යුතු නැති බවත්, එක්සත් ජනපදය විසින් SOFA ගිවිසුම වෙත ශ්‍රී ලංකාව තල්ලු කිරීමේ හැකියාව මෙන්ම ඉන්දියාව සෑම පැත්තකින්ම තම බලපෑම වැඩි කිරීමට දරන උත්සාහද මෙහිදී ඔහු විසින් මතු කරන ලදී. 

රටේ පවතින ආර්ථික අර්බුදය පිළිබඳව අවධාරණය කරමින් ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුව නියෝජනය කළ දේශපාලන පක්ෂ මොන දේ පැවසුවද  රටට ගැලපෙන ආර්ථික මොඩලය තවමත් ගොඩ නගාගෙන නොමැති බවය.

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මිලියන 17.1කට අධික පිරිසක් සුදුසුකම් ලබා සිටින බවත්,  ජනපතිවරණයේදී මිලියන 3.5ක් හෙවත් ඔවුන්ගෙන් 1/5ක් පමණ ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බවත්, ඡන්දය අපතේ නොයවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඔහු මෙහිදී පැවසීය.

සම්බන්ධිත පුවත් | Related News

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.
(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)
ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.
සම්බුදු තෙමඟුල සිහිපත් කෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.
ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.
දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ප්‍රධාන පුවත්

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.